(හර්ෂණ තුෂාර සිල්වා)
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයකු උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆොරින් පොලිසි’ සඟරාව ඒ බව වාර්තාකර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ශ්‍රී ලංකා යුද හමුදාවේ බළකා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද විරෝධය පළකර තිබිණි.
මෙහෙයුම් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා හමුදාවල සහභාගීත්වය අත්‍යවශ්‍ය නොවන්නේ නම් මින් ඉදිරියට අලුතෙන් ශ්‍රී ලංකා හමුදා එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සම්බන්ධ කර නොගන්නා බව ද එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයා ‘ෆොරින් පොලිසි’ සඟරාවට පවසා ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට ශ්‍රී ලංකාව ලබා දී තිබෙන දායකත්වය සම්බන්ධයෙන් කෘතඥ වන නමුත් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම කනගාටුදායක හා ප්රශ්නකාරී බව මේ සම්බන්ධයෙන් ‘ෆොරින් පොලිසි’ සඟරාවට අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කර ඇත.
“එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සමග දැනට සිටින ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් නැවත එරටට යවනවා. ඒ වගේම ලබන මාසයේ දී අලුත් කිරීමක් සිදුවෙනවා. මෙම තීරණයත් සමග එය සිදුවෙන්නේ නැහැ. අලුතෙන් ශ්‍රී ලංකා හමුදා හෝ නිලධාරීන් හෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට සම්බන්ධ කරගන්නේ නැහැ.
ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජයට අපගේ විමසිලිමත් බව දන්වා සිටියා. ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීතිය දරුණු ලෙස කඩකළ බවට ශවේන්ද්‍ර සිල්වා මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලිපිලේඛන තිබෙනවා. ඒනිසා ශ්‍රී ලංකා හමුදාව මින් ඉදිරියට සාම සාධක මෙහෙයුම් සඳහා සම්බන්ධ කරගන්නේ නැහැ. එය එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් අනතුරේ දැමීමක්” යැයි ෆර්හාන් හක් පවසා ඇත.
ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය පසුගිය මාසයේ දී සිය කනස්සල්ල පළ කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අපි දැන් අපේ හමුදාපති පත්කගන්න ඕන විදේශයන්ට ඕනෑ ඕනෑ හැටියට ඒගොල්ලන්ට ගැලපෙන පුද්ගලයෝද? ඒ ගොල්ලොන්ගේ හමුදාපතිවරුත් පත්කර ගනිද්දී ජාත්‍යන්තර මතය විමසනවද? මම කියෙව්ව සගරාවක තිබුණා එදා කඩුවෙන්, තුවක්කුවෙන් සොල්දාදුවන් හරහා තුන්වෙනි ලෝකයේ රටවලට ආපු විදේශික ආක්ක්රමාන දැන් එන්නේ ටය් කෝට් දාගත්තු මානව හිමිකම් සංවිධාන හරහලු
මට මතක් වෙන්නේ ගමේ පොලිසියට අවංක පොලිස්නිලධාරියෙක් OIC වෙලා ආපුහම ගමේ ඉන්න කුඩ්ඩෝ, හොරු, මංකොල්ල කාරයෝ, ස්ත්‍රි දුෂයකෝ කලබල වෙන විදිහ. අන්න ඒ වගේම තමය් දක්ෂ අවංක හමුදාපති තුමෙක් පුටුවේ ඉදගත්ත ගමන් ජාත්යන්තරෙත් කලබල වෙලා ඉන්නේ අන්න ඒ සාම්පලේටමනේ
දැන් කව්ද කොහෙන්ද මොවුන්ට රැකියාවක් ලබා දෙන්නේ ? අරලිය හාල් මෝලෙන්ද? මම හිතන්නේ අපේ සාටක දේසපාලන සංඝයා වහන්සේලා මුදල් පිණ්ඩපාතේ වැඩලා මොවුන්ව රකියි කියලයි .
කීබෝර්ඩ් වීරයෝ දැන් මෙතන රඟයි. නමුත් අපේ කොල්ලන්ට අමතර අදායමක් සහ රටට විදේශ විනිමය අහෝසිවිමක්.
සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වනවද නැත්නම් එන්න එපා කිව්වද? අපේ හමුදාවේ අයට තිබුන හොඳ අදායම් මගක් නැති වෙනවා නේද?
ශ්‍රී ලංකාවට හිතවත් සියලු දේශ ප්‍රේමී ජනතාව කිසිම භේදයකින් තොරව ශවේන්ද්‍ර සිල්වා මහත්මයා යුධ හමුදාපති වශයෙන් පත්කිරීම අනුමත කරනවා . ඇමෙරිකාව ප්‍රමුක කොටි හිතවාදී රටවල්වලින් කෙරෙන අනවශ්‍ය බලපෑම් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ප්‍රතික්ෂේප කරනවා . මතක තබා ගන්න ඉදිරි කාලය අපේ රටට සුබයි .
අපි මොකටද පිට රටවල තිබෙන යුද්ධ වලට මැරෙන්න අපේ කොල්ලෝ යවන්නේ , උන්ට එපා නම් අපි යවන්නේ නැතුව ඉදිමු එතකොට ප්‍රශ්නේ නිකන්ම විසදෙනවා .
සැකයෙන් තොරව පිළිගත් උසාවියකින් වරදකරු නොකළ අයෙකු වරදකරුවකු කරන නීති දේශපාලන පලිගැනීම් පමණි. එක්සත් ජාතීන්ගේ වටිනාකම තුට්ටු යයි !!!
අනේ අපොයි, අපේ හමුදාාවේ තිබුුන, ලෝකෙේ හොඳම හමුදාව බවට තිබූ ගරුත්වය ඉවරයි වගේ . අපේ ජනපති තුමාගේ වැඩ කොහොමද? හමුදාවේ කට්ට්ය පිටරට වැඩ කරල ලබාගන්න තිබූ දැනුමයි, සල්ලි ටිකක් යහමින් හොයාගන්න තිබුූ චාන්ස් එකයි දෙකම ඉවරයි වගේ.
එපා නම් නටන්න කියහන්. අපි මොකෝ රටවල් අල්ලන ගියාද. අපේ කොල්ලො නිකන් අප්‍රිකා ත්රස්ථයන්ගෙ බෝම්බ පාරවල් කන්න ඕනෙ නෑ නෙ.
එතුමාට ඊට ඉහල තනතුරක් දෙමුකෝ. ජනපති උපදේශක හරි ලේකම් කමක් හරි.වැඩේ ඉවරනේ. අර යෝශිතත් පුතත් අයෙමත් වැඩට බැස්සේ.
සාම සාධක හමුදා කියන්නේ ඉතින් අනුන්ගේ රටවල් තමන්ට ඕන විදිහට පාලනය කරන්න බටහිර රටවල් පාවිච්චි කරන මෙවලමක් තමයි . ලංකාවට ඇඟිලි ගහන්න ඕන නම් ලංකාවටත් සාම සාධක හමුදාවක් එවයි . අපි සාම සාධක හමුදාවට සෙනග යවනවා කියන්නේ අපි වගේම අසාධාරණයට ලක්වෙච්ච තව රටක් මර්ධනය කරන්න උදවු කරන එකම තමා . මේ වගේ වෙලාවක හරි තීරණයක් ගන්න පුළුවන් නායකයෙක් තේරුනොත් හොඳයි . උන්ගේ දේපල මුරකරනවා මදිවට සපත්තු පාරවල් කන්නත් ඕන නැහැනේ .
අනේ අපිට පාන් ද ?? අපේ නිලධාරින් එජාසයේ සහ බටහිර ධනවත් රටවල උවමනාවට ගිහින් වෙන රටවල මෙහෙයුම් කරන කුලී හමුදාවන් වෙන්න ඕනද ?? වියට්නාමේ දී ත් ඇමරිකාව ඔය සෙල්ලම කරන්න ගිහින් එතනත් අනාගත්තා .. වියට්නාමේ එහෙම හමුදාවන්ට කියන්නේ රුකඩ හමුදා කියලා .. අපේ නිලධාරින් රුකඩ වෙන්න ඕනද ?? මම නම් කැමතියි .. එජාසය තුට්ටු දෙකක් පෙන්නලා හමුදාවන්ගේ ගෞරවය තුප්පහි විදියට පාවිච්චි කරන එක අවස්තාවක් මේක ...
ඇමරිකන් හමුදාව එක එක රටවල් වල කරන විනාසේ ඔය සංවිධාන වලට පෙනේනේ නැතී එක තමා පුදුමේ අපේ කොල්ලෝ එක එක තැන්වලගිහින් මැරෙනවට වැඩ හොදි නැතිඑක
අපේ හමුදාව තවමත් ලෝකේ තියෙන හොඳම හමුදාව. එ්ක තීරණය කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් අපිටත් විමසලා බලන්න වෙනවා එජාස එකෙන් සාම සාධක කියලා වෙන රටවල් වල හමුදා යොදාගෙන කරන සාම සාධනය මොකද්ද කියලා?ක්‍රිශාන්ත කියලා තියෙනවා ඒගොල්ලන්ගේ සාම සාධනය මොකද්ද කියලා.අපේ හමුදාවන් එපා නම් අපිට මොකද? වැඩියෙන් දෙනවා කිව්වම ඕන වැඩක් කරන්න අපේ හමුදා යවන්න තරම් අපි ලෑස්ති වෙන්න ඕන නැහැ. එහෙම විදේශ මෙහෙයුම් වලට ගිහින් ආව නිළධාරින්ගෙන් අහන්නකෝ නිකමට ඇත්තටම එයාලගේ සේවය දුන්නේ කා වෙනුවන් ද කියලා. එතකොට තේරෙයි මොන රටකින් හරි එහෙම තමන්ගේ හමුදා අනුන්ගේ ඩැඩ වලට යවන්න ඕනද කියලා.අනේ අපිට මොකද?අපේ නිළධාරින් එජාසයේ සහ බටහිර ධනවත් රටවල උවමනාවට ගිහින් වෙන රටවල මෙහෙයුම් කරන කුලී හමුදාවන් වෙන්න ඕනද ? වියට්නාමේදී ත් ඇමරිකාව ඔය සෙල්ලම කරන්න ගිහින් එතනත් අනාගත්තා. වියට්නාමේ එහෙම හමුදාවන්ට කියන්නේ රූකඩ හමුදා කියලා.අපේ නිළධාරින් රුකඩ වෙන්න ඕනද ?
මෙතන කතා කරන අය මේ රටේ අදායම් තත්වය දන්නේ නැහැ. අපිට ඔලුව කෙලින් කරගෙන ආඩම්බර ජාතියක් විදියට ඉන්න තිබුණා අපි ආර්ථික අතින් ස්වයංපෝෂිත නම්. මහබැංකුවේ සල්ලි තියෙන්නේ මාස 3 කට සෑහෙන උවමනා බඩු වලට. ඇමරිකාව වගේ රටවල් වලින් තමයි අපට අවශ්‍ය විදේශ විනිමය වලින් 75% ක් ලැබෙන්නේ.ඒ සල්ලි ලැබුනේ නැත්තම් අපි හාමතේ.ඔය දේශ ප්‍රේමින්ට අපිට එක කෑම වේලක් දෙන්න පුලුවන්ද ?අපි පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ.
ඇත්තටම මට සතුටුයි ඇමරිකාවේ කතාබහ වන හමුදාපති කෙනෙක් ඉන්න එක ගැන... එ්ක අපේ රටට ලොකු ආඩම්බරයක්... ලාංකිකයන් හැටියට අපි සතුටු වෙන්න ඕනේ ඇමරිකාව හොල්ලන මිනිහෙක් මේ රටේ සිටීම ගැන. 30 වසරක යුද්ධය නැවතීම සම්බන්ධයෙන් මේ භයවීම පටන්ගෙන ඇතිබව සිතිය හැකිය.
එක්සත් ජාතීන්ට අපේ හමුදා සාමාජිකයෝ එපා නම්, අපේ රට අරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රමාණයට හමුදාව බඳවාගෙන ඔවුන්ට හොඳ පුහුණුවක් දුන්නා නම් හරි, එක්සත් ජාතීන්ගේ සාම හමුදාවලට සාමාජිකයන් යවන කොට කෙටිකාලීනව අාදායමක් ලැබුණත් දීර්ඝ කාලීනව බලනකොට අපට එ්ක පාඩුයි. හමුදා සෙබලෙක් පුහුණු කරන්න, නඩත්තු කරන්න වැටුප් ගෙවන්න විශාල මුදලක් වියදම් වෙනවා. වසර 22ක සේවා කාලෙන් පස්සේ විශ්‍රාම වැටුප් ගෙවන්නත් වෙනවා.
විශිෂ්ඨ තීරණයක් මැතිතුමනි.....යුධ අපරාධ කළ රාජපක්ෂ ගෝලයන්ට දඩුවම් ලබා දෙන්න.
සියලුම සෙබළු ආපසු ගෙන්වා ගමු. වැඩි වැටුප් ඕනෑ නැහැ.
දැන් එතකොට සෑම රටකින්ම සෙබළුන් එ්කට යවනවද?.ආසියාවෙම රටවල් තියෙනවා එයාලගේ සෙබළුන් නොයවන.එතකොට ඒ අය යහතින් කාලාබීලා සතුටින් සාමයෙන් දරු පවුල් එක්ක ජීවත් වෙනවා.නායකයන්ගේ තියෙන නොහැකියාවට තමයි රටේ සෙබළුන්වත් විකුණන් කන්න බලන්නෙ.
අනුන්ගේ අතකොළුවක් උනාම ඔහොම කියන කියන විදිහට නැවෙන්න වෙනවා තමයි. අපේ වගේ දුප්පත් රටවලට එක පැත්තකින් මේ වගේ කෙනෙහෙලිකම් වෙනවා.ඒක අහන්න දෙයක් නෙමෙයි .ඒ අපේ වගකිවයුතු බලධාරීන්ගේ නියාලු ක්‍රියා කලාප නිසාවෙන්. ලාභ පාඩු කෙසේ වෙතත් අපි අපේ හමුදාවේ රණවිරුවන්ව ආරක්ෂා කරගත යුතුයි.
ශවේන්ද්‍ර සිල්වා සෑම අතකින්ම යුද හමුදාපති තනතුරට නුසුදුසු කෙනෙකු බව බොහෝ අය නොදන්නා කම නිසාමත්, ඔහුගේ පත්වීම යුදහමුදා රෙගුලාසිවලට පටහැනි බව නොදන්නා නිසාත් නිකරුනේ ආරාවුල් ඇතිකරගන්නා බව පැහැදිලිව පෙනීයනවා. හමුදාපති විය යුත්තේ ඉතා හොඳ සහ ආදර්ශමත් විනයක් ඇති කෙනෙකුටයි. හැබැයි සැකෙවින් බැලුවොත්; ත්රස්තවාදීන්ගෙන් අල්ලාගත් වාහනයක් චැසි නොම්මර මාරුකොට යුදහමුදාවට කුලීගෙවීමේ පදනම මත යෙදවීම, පසුව එම වාහනය තම නිවස ගොඩනැගීම සඳහා යොදා ගැනීම, තමාට වඩා ජේෂ්ඨත්වයෙන් ඉහළ පස්දෙනෙකු අභිබවා දේශපාලනික සහයෙන් මාණ්ඩලික ප්‍රධානී තනතුර ලබාගැනීම, මාණ්ඩලික විද්‍යාලීය පාඨමාලාවේදී කොපිකර හසුවීම, තමාගේ ජේෂ්ඨ නිලධාරියෙකු විසින් කරන ලද පර්යේෂණාත්මක කෘතියක් සොරකම් කර IPM ඩිප්ලෝමා සහතිකයක් ලබාගැනීම. මේ ටිකක් පමණයි. හිතන්න සුදුසුද කියා..?