ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට යෝජිත යෝජනාවේ අවසන් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතව තිබේ.
එම යෝජනාවේ මූලික කෙටුම්පතක් සඳුදා දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ලබාදී ඇති බව වාර්තා වේ.
අදාළ යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිල නොවන සාකච්ඡාවකදී ඉදිරිපත් වී ඇති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා හි නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා සහභාගී වී ඇත.
අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව රවිනාත ආරියසිංහ මහතා එහිදී පෙන්වා දී තිබේ.
එම යෝජනාව මගින් ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ඇති කිරීමට ඉවහල් නොවන බව ආරියසිංහ මහතා පවසයි.
පසුගියදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිවැරදි දේශීය යාන්ත්‍රණයක් හඳුන්වාදුන් අතර එය ක්‍රියාත්මක කිරීමට සියලු රටවල්වල සහයෝගය බලාපොරොත්තු වන බවද පෙන්වා දී ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා ද සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව විසින් ගෙන එන අදාළ යෝජනාව සැප්තැම්බර් මස 24 සභාගත වන අතර 30 වැනිදා එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතය. ඊට පෙර එම යෝජනාවේ අවසන් කෙටුම්පත කඩිනමින් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත ලබාදීමට සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවත් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා ..ප්‍රධාන වග උත්තරකරු හිටපු ජනපතිත් ප්‍රතික්ෂේප කරනවා....(බ)