ශ‍්‍රී ලංකා පිහිනුම් ක‍්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ ලබන අගෝස්තු මස ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම ස`දහා සුදුසුකම් ලබා ඇති බව ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව අද (05) පස්වරුවේ නිවේදනය කළේය. ලන්ඩන් ඔලිම්පික් වරම් ලැබූ ශ‍්‍රී ලංකා එකම ක‍්‍රීඩිකාව වන රෙෂිකා මීටර 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරන්නීය. ඇය කොළඹ ඇමෙරිකානු ජාතික පාසලේ උසස් අධ්‍යාපනය ලබන්නීය. ශ‍්‍රී ලංකා ඔලිම්ලික් කමිටුව සහ ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සංගමයෙන් දිගින් දිගටම කළ ඉල්ලීමකට අනුව රෙෂිකාට මෙම අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ. පරිසාධන මට්ටම සම්පූර්ණ නොකළ රටවල්වලට පිරිනැමෙන අවස්ථාවට අනුව රෙෂිකාට මෙම අවස්ථාව හිමිවී තිබේ. ශ‍්‍රී ලංකාවෙන් මේ වන විට ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩකයන් සිවුදෙනකු සහ ක‍්‍රීඩිකාවක් සුදුසුකම් ලබා සිටිති. මංගල සමරකෝන් (ඉලක්කයට වෙඩි තැබීම), අනුරාධ ඉන්ද්‍රජිත් (මැරතන්), නිලූක කරුණාරත්න (බැඞ්මින්ටන්) සහ හේෂාන් උනම්බුව (පිහිනුම්) ඔලිම්පික් සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයෝ වෙති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගමේ ගොඩේ දුප්පත් අහිංසක දක්ෂ පිහිනුම් කාරියො නැතුවටද?
සමහර විට පාවා දීමකට ලැබුණු තෑග්ගක්ද කියන්නත් බෑනේ