ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 28 ක ජයක් ලැබීය.
ලකුණු 278 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ 36 වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ වන විට ශ්‍රී ලංකා පිල ඕවර 35.1 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 195 ක් ලබා සිටියේය. අපේක්‍ෂිත ඉලක්කය වූයේ ලකුණු 168 කි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ළහිරු තිරිමාන්න පන්දු 94 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 82 ක් රැස් කිරීමට සමත් විය. නායක දිනේෂ් චන්දිමාල් පන්දු 63 කදී ලකුණු 52 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල වෙනුවෙන් ජෙහාන් මුබාරක් (79) සහ මහේල උඩවත්ත (63) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
සම්පූර්ණ ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම
දිමුත් කරුණාරත්න - ක.මු. කළා ප. හේරත් 49
මහේල උඩවත්ත - ක.මු. කළා ප. හේරත් 63
කෞෂාල් සිල්වා - ඇ. ජයසූරිය ප. හේරත් 7
ජෙහාන් මුබාරක් - ප. වෙළගෙදර 79
සචිත‍්‍ර සේරසිංහ - ප. හේරත් 17
චතුරංග ද සිල්වා - ඇ. වෙළගෙදර ප. කුලසේකර 42
දිල්හාර ලොකුහෙට්ටිගේ - ප. කුලසේකර 4
මාලිංග බණ්ඩාර - නොදැවී 0
අතිරේක 16
එකතුව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 277
කඩුලු වැටීම :
1-111, 2-123, 3-128, 4-175, 5-260, 6-277, 7-277
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
ලහිරු ගමගේ, මදුර ලක්මාල්, අකිල ධනංජය
පන්දු යැවීම :
නුවන් කුලසේකර : 10-0-65-2, චානක වෙළගෙදර : 8-0-41-1, ෆර්විස් මහරුෆ් : 5-0-28-0, ශෙහාන් ජයසූරිය : 8-0-36-0, ශමින්ද එරංග : 9-0-60-0, රංගන හේරත් : 10-0-34-4
ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම
ශෙහාන් ජයසූරිය - ඇ. සිල්වා ප. ලොකුහෙට්ටිගේ 6
උපුල් තරංග - දුවද්දි දැවී ගියා 3
ලහිරු තිරිමාන්න - නොදැවී 82
දිනේෂ් චන්දිමාල් - ප. වෙළගෙදර 52
තිළිණ කණ්ඩම්බි - නොදැවී 34
අතිරේක 18
එකතුව ඕවර 35.1 කදී කඩුලූ 3ක් දැවී 195
කඩුලු වැටීම :
1-7, 2-11, 3-135
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
චාමර කපුගෙදර, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ශාමින්ද එරංග , චානක වෙළගෙදර, රංගන හේරත්
පන්දු යැවීම :
දිල්හාර ලොකුහෙට්ටිගේ : 7.1-0-27-1, මදුර ලක්මාල් : 7-0-36-1, ජෙහාන් මුබාරක් : 3-0-26-0,
සචිත‍්‍ර සේරසිංහ : 5-0-25-0, ලහිරු ගමගේ : 3-0-11-0, මාලිංග බණ්ඩාර : 4-0-32-0, අකිල ධනංජය : 6-0-28-0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්,කුලේ,රංගන ඔබලාගෙ දක්ෂතාවය ගැන අපිට ගොඩාක් ආඩම්බරයි. ඒ වගේම මුදලට යට නොවී මේ වෙලාවෙ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන ලොකු සතුටක් ඇතිවෙනවා. චන්දි ඔයාට හොද අනාගතයක් තියෙනවා. අර්ජුනගේ අඩි පාරෙ යන ඔබට හොද නායකයෙක් වී දිගු ගමනක් යා හැකියි. (නි)
අනේ මෙහෙම කෑදර ක්‍රීඩකයො ටිකක්. (නි)
අපිට හොද කණ්ඩායමක් තිබෙනවා. අපිට චැම්පියන් කුසලානය දිනන්න පුළුවන් (නි)
දිනේෂ් තරමක් තමන් ගැන ඉහල තක්සේරුවක් ඉන්න නිසා පිතිකරණය තමන් විසින්ම දුර්වල කරගන්නා ස්වබාවයක් තිබෙනවා යැයි මට හැගේ. ක්‍රිස් ගේල්ව ආදර්ශයට ගන්න (නි)