බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමකර නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවකු එංගලන්තයේ හීතෲ ගුවන්තොටුපළේදී සිය ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් එහි බලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වූ බව වාර්තා වේ. එහිදී රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග පෙරළා ඔහුට දිවයිනයට පැමිණීමට නොහැකි වූ බවත් කෙසේ වුවත් පසුව වෙනත් ගුවන් යානයකින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවත් දැනගන්නට ඇත. මොහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටුවක ඉහළ තනතුරක් දරණ නිලධාරියකු බව ද පැවසේ. අදාල සිද්ධියේදී ශ්‍රී ලංකා නිලධාරියා සහ හීතෲ ගුවන්තොටුපළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වේ. පෙරළා පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ පැය 10 කට අධික කාලයක් රැදි සිටිය ද එහිදී ද ආදාල නිලධාරියා කණ්ඩායමට එකතු වීම සඳහා පැමිණ නොසිටි බව වාර්තා වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ අදාල නිලධාරියාගෙන් හීතෲ ගුවන්තොටුපළේදී ප‍්‍රශ්න කිරීමක් කර ඇති බවත් පසුව වෙනත් ගුවන්යානයකින් ඔහු නැවත ලංකාවට පැමිණි බවත්ය.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු හීතෲ ගුවන්තොටේ රඳවාගෙන ප‍්‍රශ්න කරයි
චාමර Monday, 14 May 2012 05:09 PM
ඔක මොකක්ද ? ෂාරුක් ඛන්ව පැය ගණනක් ඇමෙරිකාවේ ගුවන්තොටුපොළක පැය ගණනක් තියාගත්තෙ.
රූපසිංහ Monday, 14 May 2012 01:17 PM
අනේ ඉතින් අපේ ශ්‍රී ලාංකිකයාගේ හොද සිරිතක් නේ මේ කනට ගහනකොට අනික් කන පාන එක. ඔවුන් මෙහාට ආ විට අපි ඔවුන්ව මල් මාල දාල පිලිගමුකෝ නේද අනේ.
චමින්ද පීරිස් Monday, 14 May 2012 01:36 PM
ගුවන් ගමන් බලපත්‍රයෙ ගැටඵ නැත්නම් ජාත්‍යංතර ගුවන් තොටුපලවල් වලින් කිසිම කරදරයක් නැතිව යන්න එන්න පුඵවන්.
නීල් Monday, 14 May 2012 03:09 PM
මොකද මොහු වැඩ කරන්නේ ලංකාවේ වැඩිපුරම අපරාද දූෂණ සිදු වන තැනක
දී Tuesday, 15 May 2012 08:09 AM
සුද්ධො අපේ අයට වඩා හොදයි. සුද්දො බලන්නේ බලපත්‍රය විතරයි. ලංකාවෙ ඔක්කොම බලනවා
අලිබබා Monday, 14 May 2012 03:33 PM
මේවා සියල්ලම ජාත්‍යන්තර මටිටමෙ කුමන්ත්‍රණයන්ය. මන්දයත් ගුවත්තොටුපල නිලධාරීන්ට තමන්කැතිකෙනෙකු රදවාතබාගැනීමත් කැමති අයව පිටත්කිරීමත් ඔවුන්ගේ කාර්‍යභාර්‍යයි. නමුත් මෙවැනි දේ නිසියාකාරව සිදුකෙරෙනවාදැයි කියන පුශ්නයක් අප තුල පැණනගී.ජාත්‍යන්තර මටිටමෙි හොජාවාරමි කාරයින් සියල්ලන්ම පැමිනෙන්නේද ජාත්‍යන්තර ගුවන්තොටුපලවල් මාර්ගයෙනි. නමුත් ඔය කියනනිලධරයන්ට එවැනි අය අසුවන්නේ කලාතුරකිනි. ගුවන්තොටුපලවල වගකිවයුතු නිලදරයන්ගේ නීති සමිපාදනය කෙසේවෙතත් වැදගත් සමහරුන් පුභු වරුන්ගේ චරිතයන් ඝාතනය කිරීමටනමි හරි දක්ෂයන්බව මෙයින් තහවුරු වන කරුණකි.