ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද (22) පැවැත්වෙන් සිව්වැනි එක්දින තරගයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ප්‍රේක්ෂකයින් රැගෙන එන ගමන් මලු ආදිය විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවත් හැකිතරම් අවම ද්‍රව්‍ය ක්‍රීඩා පිටියට රැගෙන එන ලෙසත් පොලිසිය විශේෂ ඉල්ලීමක් කරයි. ගිනි පෙට්ටි, ලයිටර් වැනි ද්‍රව්‍ය ද අන්තරායකාරි වෙනත් ද්‍රව්‍ය ද රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලයි.
පසුගිය තරගයේදී ඇතිවූ ප්‍රේක්ෂකයින්ගේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තරගය මද වේලාවකට අත් හිටවූ අතර අද පැවැත්වෙන තරගයේදී ප්‍රේක්ෂකාගාරවල පිටුපස ඉහළ විවෘත ප්‍රදේශවලට ආරක්ෂිත දැල් යොදා ආවරණය කර ඇති බවත් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන ප්‍රේක්ෂකයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉවසීම් පරාජයේ ඇත්දැකීම් තුලින් ජයග්‍රහණය ලබාගැනීම වැනි උසස් ගුණාංග වැඩි දයුණු කරගැනීම මේ මොඩයෝ කොටසක් ඒක සූදුවක් එහෙම නැත්නම් යුද්දයක් කියල හිතන්නේ (බ)
ඔබගේ ආගම ඔබ අදහන්න.උපන් මව්බිමටද, තම මවට මෙන් ආදරය කරන්න.මෙවන් ප්‍රකෝපකාරී හැසිරීම් අපට අනුමත කළ නොහැක.(ම)
මේවා කලින් අපේ රටේ සිදුවුණු දේවල් නොවේ. යහපාලන කළ විනාශ (බ)
යහපාලනයට මාස 6 කට කරන්න පුළුවන් දෙයක්ද ඔය.කලින් ආණ්ඩුව ජාතිවාදය ඇවිස්සීම ගැන වග කිව යුතු යි (බ)
සහෝදරත්වයට සමානාත්මතාවයට මුවා වෙලා ලෝකයක් ඉදිරියේ මුළු ශ්‍රි ලාංකික ජාතියටම ලැජ්ජා කළා...යහපාලනය වෙනුවෙන් ජන්දය දුන්නේ ජාතික ආරක්ෂාව දෙවෙනි කිරීමට නොවේ..(ම)
මේ ගොල්ල සෙල්ලම් කරන විදියට අපිට ඉතින් තරගය බල්ලනත් එපා වෙනවා (ම)