ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද (22) පැවැත්වෙන් සිව්වැනි එක්දින තරගයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ප්‍රේක්ෂකයින් රැගෙන එන ගමන් මලු ආදිය විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවත් හැකිතරම් අවම ද්‍රව්‍ය ක්‍රීඩා පිටියට රැගෙන එන ලෙසත් පොලිසිය විශේෂ ඉල්ලීමක් කරයි. ගිනි පෙට්ටි, ලයිටර් වැනි ද්‍රව්‍ය ද අන්තරායකාරි වෙනත් ද්‍රව්‍ය ද රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලයි.
පසුගිය තරගයේදී ඇතිවූ ප්‍රේක්ෂකයින්ගේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තරගය මද වේලාවකට අත් හිටවූ අතර අද පැවැත්වෙන තරගයේදී ප්‍රේක්ෂකාගාරවල පිටුපස ඉහළ විවෘත ප්‍රදේශවලට ආරක්ෂිත දැල් යොදා ආවරණය කර ඇති බවත් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන ප්‍රේක්ෂකයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා - පකිස්ථාන් තරගයට විශේෂ ආරක්ෂාවක්
හිත්තරගෙදර කුලරත්න Wednesday, 22 July 2015 06:06 AM
ක්‍රීඩාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉවසීම් පරාජයේ ඇත්දැකීම් තුලින් ජයග්‍රහණය ලබාගැනීම වැනි උසස් ගුණාංග වැඩි දයුණු කරගැනීම මේ මොඩයෝ කොටසක් ඒක සූදුවක් එහෙම නැත්නම් යුද්දයක් කියල හිතන්නේ (බ)
ගැමුණු Wednesday, 22 July 2015 06:46 AM
ඔබගේ ආගම ඔබ අදහන්න.උපන් මව්බිමටද, තම මවට මෙන් ආදරය කරන්න.මෙවන් ප්‍රකෝපකාරී හැසිරීම් අපට අනුමත කළ නොහැක.(ම)
හේවා සරත් Wednesday, 22 July 2015 07:03 AM
මේවා කලින් අපේ රටේ සිදුවුණු දේවල් නොවේ. යහපාලන කළ විනාශ (බ)
අමන්දා Wednesday, 22 July 2015 07:56 AM
යහපාලනයට මාස 6 කට කරන්න පුළුවන් දෙයක්ද ඔය.කලින් ආණ්ඩුව ජාතිවාදය ඇවිස්සීම ගැන වග කිව යුතු යි (බ)
හඳුන් Wednesday, 22 July 2015 04:24 AM
සහෝදරත්වයට සමානාත්මතාවයට මුවා වෙලා ලෝකයක් ඉදිරියේ මුළු ශ්‍රි ලාංකික ජාතියටම ලැජ්ජා කළා...යහපාලනය වෙනුවෙන් ජන්දය දුන්නේ ජාතික ආරක්ෂාව දෙවෙනි කිරීමට නොවේ..(ම)
සිසිර Wednesday, 22 July 2015 04:33 AM
මේ ගොල්ල සෙල්ලම් කරන විදියට අපිට ඉතින් තරගය බල්ලනත් එපා වෙනවා (ම)