ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනම ශ්‍රීලංකාව සහ ශ්‍රී ලාංකිකයික් වෙනුවෙන් පසුගිය අවුරුදු අටේදී සිදුකළ වටිනා සේවා පැහැදිලි කරයි.
එහි ශ්‍රී ලංකාවේ තිබුණු අර්බුදකාරී අවස්ථාවේ විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් සම්බන්ධ කරගෙන මෙවැනි පදනමක් පිහිටුවා රට වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරමින් අවස්ථාවට උචිත අයුරින් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පවා අසරණ පිරිස් වෙත රෝද පුටු සහ ඇස් කණ්නාඩිද කුඩා ළමයින්ට පාසල් උපකරණද බෙදා දුන් බව එම පදනම කියයි.
සිංහල,දෙමළ අවුරුදු උළෙල ඇතුළු උත්සව සංවිධානය කරමින් සංස්කෘතික අංශයෙන් ශ්‍රී ලාංකික දරුදැරියන් දිරිමත් කර සංස්කෘතික උත්සව පවත්වමින් ජාතික මෙහෙවරක් කිරීමට තම සංවිධානයට හැකි වු බවද ශ්‍රි ලාංකිකයින්ගේ අවශ්‍යතා අනුව නොමිලේ නීති උපදෙස් ලබා දීමේ සේවයක් ඇරැඹු බවද සංවිධානය කියයි.
ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මුණ ගැසී උදව් ලබාගැනීම සඳහාත් නගර සභාවෙන් උදව් ලබාදීමටත් ජන හඬ පදනම උදව් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
අනේද කියන්නෙ අපි නොදන්න වැඩකාරයො? අපිත් ඉන්නෙ ලන්ඩන්. ඇයි ජනහඬ ඔයාල අපේ හන්ස්ලෝ පන්සල දියුනු කරන්න උදව් නොකරන්නෙ.(නදී)
එන්ගලන්තයෙ ඉන්න අපේ රට වෙනුවෙන් අවංකව වැඩ කරපු අපි දන්නා මිනිස්සු ඉන්නවා. හැබැයි හැමදාම වෙන්නෙ කරපු මිනිස්සු පැත්තක නොකරපු මිනිස්සු නම දාගන්නවා. (නි)