IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක් දිනති

මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී දැන් පැවැත්වෙන පළමු මලයාසියානු විවෘත ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනා ගැනීමට සමත්ව සිටිති. එළැඹෙන අගෝස්තු මස එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවසන් තරගාවලියද මෙයවේ. මෙම දස්කම් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනකුම ලන්ඩන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමට ළගාවී ඇතැයි ද වාර්තාවේ. ප‍්‍රියන්ත කරුණාරත්න, උපාලි රත්නායක, ලාල් පුෂ්පකුමාර, ක‍්‍රිෂ්මන් ප‍්‍රියංකර සහ උදය පුෂ්පකුමාර එම පරිසාධක මට්ටම ඉක්මවා ඇති බවද දැන ගන්නට ඇත. සත්කාරක මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, මොංගෝලියාව, තායිලන්තය, මියන්මාරය, ජපානය, පිලිපීනය, සිංගප්පුරුව, ඇෆ්ගනිස්තානය සහ බෲනායි යන රටවල් මෙම තරගාවලියට සහභාගිවී සිටියි. තරගාවලියේදී පී. පී. සංජය (අතක් අහිමි මීටර 200, තත්පර 22.9), ඞී. ඩබ්ලිව්. දයානන්ද (දණහිස පහළ අහිමි මීටර 800, වි. 2. තත්. 21. 33), දුමීර මධුරංග (දණහිස පහළ අහිමි දුර පැනීම, මීටර 5.75), අමරා ඉන්දුමතී (අතක් අහිමි මීටර 200 කාන්තා, තත්. 29.54), උදය කුමාර (දණහිස පහළ අහිමි මීටර 100, තත්.12.71, සහ මීටර 200 තත්. 25.09), එස්. එන්. සෙනෙවිරත්න (අතක් අහිමි උස පැනීම, මීටර 1.80), ඒ. එල්. පුෂ්පකුමාර (දණහිස පහළ අහිමි උස පැනීම, මීටර 1.80) එම්.ඩබ්ලිව්. බුද්ධිතිස්ස (දණ හිස පහළ අහිමි, මීටර 100, තත්. 14.67*, ලෙස්ලි කුමාර (දණ හිස ඉහළ අහිමි යගුලිය විසි කිරීම, මීටර 7.73) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් දිනා ගත්හ. ඞී. එම්. කුමුදු ප‍්‍රියංකා (අතක් අහිමි මීටර 200, කාන්තා තත්.30.84), දුමීර මධුරංග (දණහිස පහළ අහිමි මීටර 200, තත්.25.52), එන්. එස්. රාජකරුණා (දණ හිස ඉහළ අහිමි දුර පැනීම, මීටර 5.72), පී. එල්. එදිරිසිංහ (අතක් අහිමි උස පැනීම, මීටර 1.65), ජී. පී. කරුණාරත්න (දණහිස ඉහළ අහිමි මීටර 200, තත්.30.50), ඒ. යු. පුෂ්පකුමාර (දණහිස පහළ අහිමි යගුලිය විසි කිරීම, මීටර 10.91), එම්. යු. රත්නායක (දණහිස පහළ අහිමි මීටර 800, වි. 2. තත්. 24.59), එස්. හෙට්ටිආරච්චි (දණහිස ඉහළ අහිමි මීටර 100, තත්. 12.43), එම්. හේරත් (රෝද පුටු යගුලිය විසි කිරීම, මීටර 10.24), ඩබ්. උපාලි (දණහිස ඉහළ අහිමි උස පැනීම, මීටර 1.70) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම් දිනා ගත්හ. තරගාවලියේදී එස්. බී. මධුරව (රෝදපුටු කවපෙත්ත විසි කිරීම මීටර 33.31 සහ රෝද පුටු හෙල්ල විසි කිරීම මීටර 32.92), එන්. එස්. රාජකරුණා (දණහිස ඉහළ අහිමි මීටර 100 තත්. 12.71 සහ දණහිස ඉහළ අහිමි මීටර 200 තත්.26.98), පී. පුෂ්පකුමාර (අතක් අහිමි මීටර 100 තත්.12.01 සහ අතක් අහිමි මීටර 200 තත්.24.74), ලෙස්ලි කුමාර (දණහිස පහළ අහිමි උස පැනීම, මීටර 1.50) ඩබ්. බුද්ධිතිස්ස (දණහිස ඉහළ අහිමි මීටර 100, තත්. 14.67) යන ක‍්‍රීඩකයෝ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ. ඩබ්ලිව්. දයානන්ද, පී. පී. සංජය, උදය කුමාර සහ එම්. යු. රත්නායක යන ක‍්‍රීඩකයෝ ආසියානු තරග වාර්තා පිහිටුවීමට ද සමත්වුහ. තරගාවලිය මේ මස 28 වැනිදා දක්වා පැවැත්වේ.



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක් දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site