තමිල්නාඩු ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 17 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම සමත් විය.
චෙන්නායිහිදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් පිල ලකුණු 104 කින් පූනේ පිල පරාජය කිරීමට සමත් විය.
නායක කුසල් මෙන්ඩිස් ශතකයක් ද සමගින් මෙම තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් විය. කැලණිය ගුරුකුල විදුහලේ හෂාන් දුමිඳු අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් පිල ඕවර 28 කදී සියලූ දෙනා දැවී 208 (කුසල් මෙන්ඩිස් 26, හෂාන් දුමිඳු 55, තිලක්‍ෂ මල්ෂාන් 51, ශනින් සෙව්වන්ද 32, රොෂාන් අනුරුද්ධ 36, රනිඳු ජයම්පති 19)
පූනේ පිල ඕවර 27.1 කදී සියලූ දෙනා දැවී 104 (ශනීන් සෙව්වන්ද 26/2, ගේෂාත් පණ්ඩිරත්න 13/3, ශාලූක සිල්වා 10/3)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වීරයෝ
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
මොරටු පුත්‍රයා ඇතුළු කණ්ඩායමටම සුභ පැතුම්....