තමිල්නාඩු ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 17 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම සමත් විය.
චෙන්නායිහිදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් පිල ලකුණු 104 කින් පූනේ පිල පරාජය කිරීමට සමත් විය.
නායක කුසල් මෙන්ඩිස් ශතකයක් ද සමගින් මෙම තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් විය. කැලණිය ගුරුකුල විදුහලේ හෂාන් දුමිඳු අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් පිල ඕවර 28 කදී සියලූ දෙනා දැවී 208 (කුසල් මෙන්ඩිස් 26, හෂාන් දුමිඳු 55, තිලක්‍ෂ මල්ෂාන් 51, ශනින් සෙව්වන්ද 32, රොෂාන් අනුරුද්ධ 36, රනිඳු ජයම්පති 19)
පූනේ පිල ඕවර 27.1 කදී සියලූ දෙනා දැවී 104 (ශනීන් සෙව්වන්ද 26/2, ගේෂාත් පණ්ඩිරත්න 13/3, ශාලූක සිල්වා 10/3)
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් කණ්ඩායම තමිල්නාඩු 17 න් පහළ ශූරතාව දිනයි
ජයන්ත Wednesday, 02 May 2012 10:53 PM
නියම වීරයෝ
විතා Thursday, 03 May 2012 10:28 AM
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
සුදත් Friday, 04 May 2012 09:35 AM
මොරටු පුත්‍රයා ඇතුළු කණ්ඩායමටම සුභ පැතුම්....