
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි 20 තරග තුන බැගින් වන තරග සංචාරයට සහභාගිවීම සඳහා අද (09) අළුයම එංගලන්තය බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සාමාන්‍යයෙන් මේට්ලන්ඩ් පෙදෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මූපස්ථානයෙන් සංචාරවලට පිටත් වුවද මෙවර ‘කොවිඩ්’ අවදානම හේතුවෙන් හෝටලයෙන්ම ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.
වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැවැති ගැටලුවට ස්ථිර විසඳුමක් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම සංචාරයට සහභාගි වීම කැපී පෙනේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි20 තරගය මේ මස 23 වැනිදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් උපන් ඒ ලංකා මාතාවට කීර්තියක් ගෙන ඒමට සියලුම ක්‍රීඩකයින්ට හැකිවේවා....!!! එමෙන්ම සිනහමුසු මුහුණින් නැවත ලක්බිමට පැමිණීමට සියල්ලන්ටම හැකිවේවා...!!! මොවුන්ගේ දෙමාපියන්ටද නිදහසේ සතුටින් නිදාගැනීමට අවස්ථාව උදාවේවා...!!! සියලුම පුරවැසියන්ට සතුටුවීමට හැකි තරග කීපයක් නැරඹීමට හැකි වේවා...!!!
සුබ පැතුම්
ජයවේවා....!!!
අනේ දෙවියනේ වැඳලා කියන්නම්... ක්‍රිකට් එපා කරවන්න එපා පුතාලා... කොහොමහරි 1ක් හරි දිනලා වරෙල්ලා මගේ අප්පේ...