අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන ජූලි මස 16 වැනිදා සිට අගෝස්තු මස 3 වැනිදා දක්වා අයර්ලන්තයේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි ක‍්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.
ලබන වසරේදී (2014) බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නම් ශ‍්‍රී ලංකා පිල මෙම තරගාවලියේ ශූරතාව දිනාගත යුතුය.
ශ‍්‍රී ලංකා කාන්තා විස්සයි20 ක‍්‍රිකට් කණ්ඩායම :
ශෂිකලා සිරිවර්ධන (නායිකා), ඒෂානි ලොකුසූරිය (උප නායිකා), චමරි අතපත්තු, යශෝධා මෙන්ඩිස්, චමනි සෙනෙවිරත්න, ශ‍්‍රීපාලි වීරක්කොඩි, ඩිලානි මනෝදර, දීපිකා රසාංගිකා, නිපුනි හංසිකා, ඕෂදී රණසිංහ, සදමාලි දොළවත්ත, උදේශිකා ප‍්‍රබෝදනී, නිලක්‍ෂි ද සිල්වා සහ චන්දිමා ගුණරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ එකම බලපොරොත්තුව ...ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අපගේ සුභ පැතුම් !(අ)
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අපගේ සුභ පැතුම් ! (ස)
නැංඟී ඔයාල අයියල වගේ ඉන්දියාව බය නැහැ නේද ..(අ)
ඔබලාට ජය පාර්ථනා කරනවා. (ස)
මෙන්න කොලු කෙල්ලෝ.ගිය සැරේ එංඟලන්තයට,ඉන්දියාවට,ගැහුවා වාගේම දෙන්න, අපෙන් සුබ පැතුම්. (අ)