IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 75 විශිෂ්ට ජයක්

තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලබා ගත් ලකුණු 119 සහ තිසර පෙරේරාගේ දක්‍ෂ පන්දු යැවිම නිසා (44/6) තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී (09) පැවති දෙවන තරගයෙදී ශ්‍රී ලංකා කණුඩායම විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 75 පරාජය කිරීමට සමත් විය. කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කර අතර පළමු තරගයේ වැරදී නිසි ලෙස අවබෝධ කර ගනිමින් ශී ලංකා පිල විශාල ලකුණු ප‍්‍රමාණයක් වෙත කැදවාගෙන යැමට ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කළේය. ඩිල්ෂාන් පන්දු 139 කදී හතරේ පහර 11 සහ එක් හයේ පහරක් සමගින්  නොදැවී ලකුණු 119 රැස් කිරීමට සමත් විය. අති විශිෂ්ට පන්දු යැවිමක නිරත වු තිසර පෙරේරා ලකුණු 44 ට කඩුලූ 6 ක් බිද දමමින් ශ්‍රී ලංකා පිලේ ජය මාවත විවර කර දුන්නේය. තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරා වීසින් දිනා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම  ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 280 රැස් කර අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකල පාකිස්තාන කණ්ඩායම  ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකීවුයේ ලකුණු 204 ක් පමණි. මෙම තරගය ජය ගැනිමත් සමග (1-1) ලෙස තරගාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව  ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 280 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 119 , දිනේෂ් චන්දිමාල් 32, මහේල ජයවර්ධන 53, තිසර පෙරේරා 24) පාකිස්තාන කණ්ඩායම  ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී 204 (අෂ්හර් අලී 96, මිස්බා උල් හක් 27, සර්ෆාෂ් අහ්මඞ් 20, තිසර පෙරේරා 44/6, නුවන් කුලසේකර 33/2, ලසිත් මාලිංග 40/2)



අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 75 විශිෂ්ට ජයක්

සන්ජීව Monday, 11 June 2012 02:07 AM

දැන් ඉතිං ඊළග මැච් එක පැරදුනොත් පලු යන්න බනී.සියළු දෙනාම දැනගන්න.අපේ ටීම් එ‍කේ කිසිම දක්ෂයෙක් නෑ.අපි දිනන්නේ වාසනාවට.

:       0       0

Chanaka Sandaruwan Monday, 11 June 2012 02:35 PM

කාණ්ඩායම් හැඟීෙමන් ක්‍රීඩා කළ බවක් ෙපණුනා එ්ක තමයි ජයග්‍රහණයට ෙහ්තුව

:       0       0

පාලිත ඩුබායි Sunday, 10 June 2012 12:38 PM

අම්මේ... දැන්නම් ටීවී එක රෙපයාර් කරලා ගන්නඕන කාලෙ ඇවිත් වගේ

:       0       0

ලක්ෂිත Sunday, 10 June 2012 12:51 PM

නියමයි වීරයිනේ

:       0       0

ප්‍රියන්ත Sunday, 10 June 2012 12:44 PM

තිසර දක්සයෙක්.එයා ඊළගට නායකයා වෙනවා

:       0       0

රේෂාන් Sunday, 10 June 2012 01:14 PM

නියමයි කොල්ලනේ

:       0       0

කොසා Sunday, 10 June 2012 01:20 PM

කුලසේකර, මේ ඔබගේ හොදම කාලයයි

:       0       0

රොම්පියා Sunday, 10 June 2012 02:19 PM

ඔහොම යන්

:       0       0

ජාෆර් අලි Sunday, 10 June 2012 04:29 PM

වීරයන්ට අපේ සුභ පැතුම්!

:       0       0

ෂෙරීෆ් Saturday, 09 June 2012 10:50 PM

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කන්ද උඩට ජනතාවගෙන් උණුසුම් සුබ පැතුම්.

:       0       0

රොෂාන් අසංක Saturday, 09 June 2012 11:31 PM

නියමයි... ඊළග එකත් දිනමු...!!!

:       0       0

පැට්‍රික් Saturday, 09 June 2012 11:04 PM

නියමයි අනිත් ක්‍රීඩකයින්ද දස්කම් පෙන්විය යුතුයි...

:       0       0

ලෙස්ටර් Sunday, 10 June 2012 12:37 AM

දිල්ශාන් පුතා නුඹ කවදත් වීරයෙක්.. ජය වේවා..!!

:       0       0

ෂෙහාන් Sunday, 10 June 2012 09:05 PM

ඩිල්ශාන්, මහේල, තිසර වැඩ පෙන්නුවා ඊළඟ තරගයේදී සංගගෙ වැඩ බලාගන්න පුලුවන් වෙයි. සුබ පතනවා

:       0       0

මාමා Monday, 11 June 2012 01:30 PM

සන්ජීව , ඔයාට පිස්සුද ? හැටිද ?????

:       0       0

දෙව්මිත් විතානගේ Sunday, 10 June 2012 02:24 AM

ඩිල්ශාන් මුලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගැහුවොත් හැමදාම දිනුම්. ඔයාට තෙරුවන් සරණින් තව ගොඩක් කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩාකරන්න ලැබේවා.

:       0       0

සුභාෂිනී Sunday, 10 June 2012 03:09 AM

තිසර ඇතුළු හැමෝම හොඳට ක්‍රීඩා කළා. ඔහොම යමු.

:       0       0

දිනුක Sunday, 10 June 2012 05:49 AM

එල කොල්ල එලා,ඔහොම යං ඔහොම යං

:       0       0

දිලීප ලක්ෂාන් Sunday, 10 June 2012 07:29 AM

තිසර අයියේ අනිත් තරඟයත් හොඳට සෙල්ලම් කරන්න.

:       0       0

සංඡය Sunday, 10 June 2012 08:24 AM

දිනනකොට හොදයි.... පරදිනකොට බනිනවා... හරිම කැතයි...දිනුම වගේම පැරදුමත් උපේක්ෂායෙන් විදින්න අපේ ‍අය කවද පුරැදු වෙයිද??????

:       0       0

ජීවන් Monday, 11 June 2012 09:46 PM

එල කිරිනේ...ඔහොම යන්...

:       0       0

අජිත් Sunday, 10 June 2012 09:24 AM

නියම කොල්ලෝ. සංගා මොනවද කරන්නේ. අපේ මහේල නියමයි.

:       0       0

රුබේෂ් Sunday, 10 June 2012 10:57 AM

සංජය හරියටම හරි

:       0       0

චානක Monday, 11 June 2012 02:35 PM

කාණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ බවක් පෙණුනා ඒක තමයි ජයග්‍රහණයට හේතුව.

:       0       0

Chanaka Sandaruwan Monday, 11 June 2012 01:55 PM

කාණ්ඩායම් හැඟීෙමන් ක්‍රීඩා කළ බවක් ෙපණුනා එ්ක තමයි ජයග්‍රහණයට ෙහ්තුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 6 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 396 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 306 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට
2025 මැයි මස 03 120 0

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ


ජ‘පුර සිසුවාට පහරදුන් සිසුන්ගේ පන්ති තහනම් කරයි
2025 මැයි මස 03 499 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 567 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site