ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට (20 වැනිදා) එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දැවැන්ත දර්ශන තිර ඔස්සේ නැරඹීමේ අවස්ථාව කොළඹ අවට පදිංචිකරුවන්ට ලැබෙන බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
ගාලූ මුවදොර පිටිය, බත්තරමුල්ලේ වෝටර්ස් එජ් පරිශ‍්‍රය, මාදිවෙල වාහන නැවතීමේ අංගණය, පාර්ලිමේන්තු කී‍්‍රඩා පිටිය, නුගේගොඩ ජල උද්‍යානය සහ කොළඹ 07 තුරග තරග පිටියේදී මෙම දැවැන්ත තිර සකස් කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කණ්ඩායමේ ජය මාවත විවර වෙලා ඉවරයි.අපේ රටට ජයපැන් බොන්න ලැබෙනවා නියතයි.අපේ සිංහ පැටවුන්ට ජයෙන් ජයම වේවා! (නි)
එංගලන්තේ ඉන්න හැමෝම ගිහිල්ල සහයෝගය දෙන්න අපේ සිංහ පැටවුන්ට. එළියේ ඉදලා හූ තියන කොටින්ට මතක හිටින පාඩමක් උගන්වන්න පුලුවන් නම් උගන්වන්න.අපි නියම සිංහයෝ......... (නි)
රන්ජනී අක්කේ ජය වේවා !!! අපේ වීරයන් දිනනවා සිකුරුයි.(නදී)
බුකි කාරයොත් ඉන්දියාව දිනන බව තීරණය කරලා ඉවරයි (නි)
නායකයා මීට වැඩිය ජ්‍යෙෂ්ට අයගේ උපදෙස් ලබා ගත යුතුයි. අවශ්‍ය වූ විට ඩිල්ෂාන්ට පන්දු යැවීමට යොදා ගත යුතුයි (නි)
හොඳම පරාජිතයට හිමි සම්මානය මෙවරත් හිමිවන්නේ කාටද දන්නවා නේද? (නි)
ආ.. රංජනී අක්කා, මාත් එනවා. දැක්කොත් කතාකරන්න හොදේ (නි)
කණ්ඩායම මෙසේ වියයුතුයි. ඩිල්ෂාන්,තිරිමාන්න ,සංගා,චන්දිමාල්,මහේල,තිසර,නුවන් මැතිව්ස්, ජීවන් ,මාලිංග ,හේරත් (නි)
හෙට මැච් 1 දිනුවා කියන්නේ , කප්1 ගත්තා වගේ තමා මට නම්. අපේ කොල්ලන්ට ජය පතනවා. (නි)
අපොයි අරයා අවොත් නම් ඉවරයි හොදේ.(නදී)
මට ඉන්දියාව ගැන හරි කණගාටුයි (නි)
කුඩයක් රැගෙන අවොත් හොදා!.(ස)
අද නම් වහින්න එපා. අපි දිනනවා අනිවාර්යයි.(නදී)
මට නම් ඉන්දියාවට ගහලා ලෝකේ මොන රටකට පැරදුනත් කමක් නැහැ.(නදී)
රන්ජනී අක්කා මැච් එක බලන්න ගිය නිසා අද පැරදුනා.(නදී)
පුහුණුවීමේ තරගය අපි පැරදුනාට මේ තරඟය අපි අන්වාර්යෙන්ම දිනනවා. අපේ කොල්ලන්ට ජයෙන් ජය.(නදී)
සම්පුර්ණ ඇත්ත. මොනවා කරලා හරි මන්දිරයෙන් නම් එලියට බහින්න දෙන්න එපා අද. ඇතුලෙම තියාගන්න. (අ)
වැඩක් න දැනටමත් බුකි කරය මට්චේ එක ඉන්දිඅවට අරන් දීල ඇති, (අ)
මම නම් කියන්න එංගලන්ත සහ ඉන්දියන් කණ්ඩායම් දෙකටම ගහන්න ඕනි ........ මොකද අපිට වින කතින එකම රටවල් දෙක තමා ඔය(අ)
මේක බලන්න අපේ කවුරුවත් යන එකක් න නේද?(අ)
අපේ සිංහයන්ට ජය පතනවා.(නදී)
මොකේ කොහේ පෙන්නුවත් කමක්නේ දෙවියනේ කොහොම හරි දිනන්න ලැබෙන්න.(නදී)
අරයා එන එකක් නෑ නේද? (අ)
:-) වැස්ස නවත්වනවා නම් හොඳයි. (ස)
පුළුල් තිර නෙමෙඉ ගෙදර රෑපවාහිනියත් පොළොවේ ගහන්න හිතුන අපේ කට්ටිය අර ඉන්දියාවේ දෙවනපන්තියේ බෝලයවන්නන්ටත් ඇඹරිලා අසරණ වෙලා තට්ටු දන හැටි දැක්කම..ගත්තු ලකුණු ඔක්කොම කැපුන.(අ)..
මේ තරගය අපිට ප්‍රශ්නයක් නැහැ. අවසන් එක තමයි ප්‍රශ්ණයක් වෙන්න තියෙන්නේ.(නදී)
සහන් , අපි ලන්ඩන් ඉදලා තව පැයකින් පිටත්වෙනවා. අපිත් තරගයට යන්නේ.ඉන්දියන් කෝච් දෙකක්,ශ්‍රී ලංකන් කෝච් දෙකක්. ඔක්කොම එකම තැනක සේවක සේවිකාවෝ. සහන්, බලමු හමුවෙන්න. (නි)
කණ්ඩායම තෝරාගැනීමේදී අනවශ්‍ය පුද්ගල ඇගිලි ගැසීම් වලින් වලකින්න. නායකත්වයට මුල්තැන දෙන්න ජ්‍යෙෂඨයන්ගේ ගන්න. ඔබට සියලු දෙනාටම ජය ශ්‍රී.(නදී)
මේ තරගේ බලන්න නම් යනවා. අවසන් තරගේ බලන්න නම් යන්නේ නැහැ. මොන විදිහේ හරි අවසානෙට පැරදුනොත් එපාවෙනවා.(නදී)
මේ තරගය දින්නන් පුළුවන් ලොකු පහරවල් වලට යන්නේ නැතුව බෝල කන්නේ නැතුව එක එක ලකුණ ගනිමින් දුර්වල පන්දු වලින් නිසි තැනට එල්ල කර සම්බන්ධතා ඇති කර ගනිමින් තරග කලොත්. එහෙනම් අනිවාර්යෙන්ම තිසර ව එරංග වෙනුවට මාරු කළ යුතුයි (නි)
අපේ කොල්ලන්ට ජය. (නදී)