බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව එක්දින සහ විස්සයිx20 තරගාවලි දෙකකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නිත්‍ය ආරම්භක පිතිකාරියනික් වන යශෝධා මෙන්ඩිස් ආබාධයකට ලක්වීමෙන් සති දෙකක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකාරිනිය වන චමරි අතපත්තු ද උණ ගතියෙන් පෙළීම නිසා අද (27) පැවැත්වීමට නියමිතය තිබූ දෙවැනි එක්දින තරගයට සහභාගි නොවන බව ද වාර්තා වේ.
පළමු තරගයට පෙර පුහුණු සැසියකදී පන්දුවට පහර දෙමින් සිටියදී යශෝධාගේ වම් කකුලේ මහපට ඇගිල්ලේ පන්දුව වැදීමෙන් තුවාල වී තිබේ. යශෝධාගේ ඇ`ගිල්ල පැලි ඇති බවත් එහි එක්ස් කිරණ පරීක්‍ෂණයට අනුව සති කීපයක් විවේක ගැනීමට සිදුවී තිබෙන බවත් වාර්තාවේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd