ශ‍්‍රී ලංකා විවෘත අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක උපාලි රාජකරුණා සමත්විය. ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඩොලර් 10,000 ක (රුපියල් ලක්‍ෂ 13 කට ආසන්න) ත්‍යාග මුදලක් පිරිනැමුණ මෙම තරගාවලිය ඊයේ (25) කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී නිමාවට පත්විය.
ජාතික රෝද පුටු ටෙනිස් ශූර උපාලි අවසන් මහා තරගයේදී දකුණු අප‍්‍රිකාවේ ඉවන් මරීෆා පරදවා (4/6, 6/3, 6/4) තරග වට 2/1 ක ජයක් ලැබීය. දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීමේ 58 වැනි ස්ථානයේ සිටින අතර උපාලි සිටින්නේ එහි 75 වැනි ස්ථානයේය.
අර්ධ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ගාමිණී දිසානායක හමුවේ ජපානයේ යොෂිනොබි ෆොජිමොටෝ පරාජය වීම කැපී පෙනිණ. යොෂිනොබි අන්තර්ජාතික ටෙනිස් සම්මේලන රෝද පුටු (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ 18 වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයෙකි. ගාමිණීට ලෝක ශ්‍රේණිගත කිරීමේ හිමිව ඇත්තේ 90 වැනි ස්ථානයයි.
ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙම තරගාවලියට චිලී රාජ්‍යය, දකුණු අප‍්‍රිකාව, ඕස්ටේ‍්‍රලියාව, මැලේසියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, යුක්රේනය, යන රටවල් රැසකින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැුසක් සහභාගිවී සිටිති.
එස්. එස්. සී. විවෘත රෝදපුටු තරගාවලිය හෙට (27) සිට මෙම 29 දක්වා කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයීය (එස්. එස්. සී.) ටෙනිස් ක‍්‍රීඩා සංකීරණයේදී පැවැත්වෙන අතර එහි ත්‍යාග මුදල ඩොලර් 2000 කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd