ඉන්දීය තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් ප‍්‍රනාන්දු පත්කර තිබේ. මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිව තිබේ.මෙම කණ්ඩායමට මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු, මොරටුව වේල්ස් කුමර, කැලණිය ගුරුකුල සහ තර්ස්ටන් යන විදුහල්වලින් ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම:අනුක් ප‍්‍රනාන්දු (නායක - මොරටුව ශා. සෙබස්තියන්), කුසල් මෙන්ඩිස් (උප නායක - මොරටුව වේල්ස් කුමර), රෝන් චන්ද්‍රගුප්ත, අම්රිත් ශ්‍රීමහන්, ලක්‍ෂාන් ජයසිංහ (මහනුවර ත‍්‍රිත්ව), රොෂාන් අනුරුද්ධ, හෂාන් දුමිඳු (කැලණිය ගුරුකුල), නයන ප‍්‍රභාත් (කොළඹ මහානාම), අදීෂ තිලංචන (අම්බලන්ගොඩ ධර්මාශෝක), සදීර සමරවික‍්‍රම (කොළඹ ශාන්ත ජෝශප්), මින්හාට් ජලීල්, කවිඳු කුලසේකර (තර්ස්ටන්), ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර) කේෂාන් විජේරත්න (කුරුණෑගල මලියදේව) සහ මධුෂාන් රවිචන්ද්‍රකුමාර් (ගල්කිස්ස සා. තෝමස්) නිලධාරීහු:රොජර් විජේසූරිය මහතා (පුහුණුකරු), අරවින්ද ජයදේව මහතා (භෞතචිකිත්සක) සහ නිශාන්ත කුමාර මහතා (පාසල් ක‍්‍රිකට් නිලධාරී)
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්රී ලංකා 17 න් පහළ ක‍්‍රිකට් නායකත්වය මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ අනුක්ට
යොහාන් Sunday, 06 May 2012 11:23 AM
මේ තේරීම් කමිටුව ඉවත් නොකලොත් අපේ ක්‍රිකට් අනාගතය අනතුරේ (ස)
සෑම් Saturday, 05 May 2012 08:52 AM
හම්බන්තොට ශාන්තමේරි පාසලෙන් තේරී සිටි ක්‍රීඩකයන් දෙන්නට අන්තිමේදී මොකද කලේ? එයාල දුප්පත් නිසාද සංචිතයෙන් ඉවත්කලේ???
සුජිත් Friday, 04 May 2012 04:17 PM
මගේ සුභ පැතුම් අපේ නවකයින්ට
මාධව Saturday, 05 May 2012 06:06 PM
ආනන්දෙන් කවුරුවත් නැති වුණ පළමු අවස්තාව වෙන්න ඇති . ඒ ගැන දුකයි (ස)
මාධව Saturday, 05 May 2012 06:09 PM
ආනන්දෙන් කවුරුත් නැත්තේ ඉතිහාසේ පළමු වතාවට වෙන්න ඇති..ඒ ගැන දුකයි (ස)
සාරා Friday, 04 May 2012 10:48 PM
මේ කණ්ඩායමට ආනන්ද, නාලන්ද , මහින්ද වගේ පාසල් වලින් එකම ක්‍රීඩකයෙක්වත් ඇතුල් වෙලා නැහැ. ඒ පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව ඒ තරම් දුර්වල වෙලාද ?
නුවර ළමයා Saturday, 05 May 2012 12:41 AM
කෝ ධර්මරාජ විද්‍යාලයේ ළමයි. එක ක්‍රීඩකයෙක් මේ වසරේ කඩුලූ සීයක් ගත්තා. මෙය හොද තේරීමක් නොවෙයි.
ගමගේ Sunday, 06 May 2012 09:02 AM
මේ අයගේ තේරීමනේ ...(ස)