ඉන්දීය තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් ප‍්‍රනාන්දු පත්කර තිබේ. මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිව තිබේ.මෙම කණ්ඩායමට මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු, මොරටුව වේල්ස් කුමර, කැලණිය ගුරුකුල සහ තර්ස්ටන් යන විදුහල්වලින් ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම:අනුක් ප‍්‍රනාන්දු (නායක - මොරටුව ශා. සෙබස්තියන්), කුසල් මෙන්ඩිස් (උප නායක - මොරටුව වේල්ස් කුමර), රෝන් චන්ද්‍රගුප්ත, අම්රිත් ශ්‍රීමහන්, ලක්‍ෂාන් ජයසිංහ (මහනුවර ත‍්‍රිත්ව), රොෂාන් අනුරුද්ධ, හෂාන් දුමිඳු (කැලණිය ගුරුකුල), නයන ප‍්‍රභාත් (කොළඹ මහානාම), අදීෂ තිලංචන (අම්බලන්ගොඩ ධර්මාශෝක), සදීර සමරවික‍්‍රම (කොළඹ ශාන්ත ජෝශප්), මින්හාට් ජලීල්, කවිඳු කුලසේකර (තර්ස්ටන්), ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර) කේෂාන් විජේරත්න (කුරුණෑගල මලියදේව) සහ මධුෂාන් රවිචන්ද්‍රකුමාර් (ගල්කිස්ස සා. තෝමස්) නිලධාරීහු:රොජර් විජේසූරිය මහතා (පුහුණුකරු), අරවින්ද ජයදේව මහතා (භෞතචිකිත්සක) සහ නිශාන්ත කුමාර මහතා (පාසල් ක‍්‍රිකට් නිලධාරී)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තේරීම් කමිටුව ඉවත් නොකලොත් අපේ ක්‍රිකට් අනාගතය අනතුරේ (ස)
හම්බන්තොට ශාන්තමේරි පාසලෙන් තේරී සිටි ක්‍රීඩකයන් දෙන්නට අන්තිමේදී මොකද කලේ? එයාල දුප්පත් නිසාද සංචිතයෙන් ඉවත්කලේ???
මගේ සුභ පැතුම් අපේ නවකයින්ට
ආනන්දෙන් කවුරුවත් නැති වුණ පළමු අවස්තාව වෙන්න ඇති . ඒ ගැන දුකයි (ස)
ආනන්දෙන් කවුරුත් නැත්තේ ඉතිහාසේ පළමු වතාවට වෙන්න ඇති..ඒ ගැන දුකයි (ස)
මේ කණ්ඩායමට ආනන්ද, නාලන්ද , මහින්ද වගේ පාසල් වලින් එකම ක්‍රීඩකයෙක්වත් ඇතුල් වෙලා නැහැ. ඒ පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව ඒ තරම් දුර්වල වෙලාද ?
කෝ ධර්මරාජ විද්‍යාලයේ ළමයි. එක ක්‍රීඩකයෙක් මේ වසරේ කඩුලූ සීයක් ගත්තා. මෙය හොද තේරීමක් නොවෙයි.
මේ අයගේ තේරීමනේ ...(ස)