කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශාධිපති ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහගේ සියලු රාජකාරී තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇතැයි මණ්ඩපාධිපති ආචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි පවසයි.
කථිකාචාර්යවරියන්ට අනිසි බලපෑම් කිරීමට උත්සාහ දැරී යැයි ද පෞද්ගලික අමනාපකම් මත ශිෂ්‍යයන් විභාගවලින් හිතාමතා අසමත් කළැයි ද කියන චෝදනා කිහිපයක් මත ඔහුට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය නිමවන තෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇත.
විනය පරීක්ෂණය සඳහා කොළඹ විශ්ව විද්‍යාලය මගින් පත්කර තිබූ කමිටුවේ සාමාජිකයකු බදාදා (10) ඉල්ලා අස්වූ බවත් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත නව කමිටුව යටතේ පරීක්ෂණ පැවැත්වෙන බවත් මණ්ඩපාධිපති සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු සේවයට නිගාවක් (බ)
පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් විශ්වවිද්‍යාල ආදර්ශයට ගත්තම මොකෝ?(කෞ)