පුරා වසර 07ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ සොබා අසිරිය සොයා සිදුකළ චාරිකා අතරින් තෝරාගත් චාරිකා බොහොමයක් පිළිබඳ සවිස්තර තොරතුරු, ගමන්මාර්ග සහ නවාතැන් පිළිබඳ විස්තර ඇතුළත් ශමින්ද රන්ගාන් ප්‍රනාන්දුගේ %ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා^ නම් ග්‍රන්ථය මේ මස 18 වැනි දින සවස 3.30ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදි එළිදැක්විමට නියමිතය. මෙහි ඇතුළත් ලිපි සහ වර්ණ ඡායාරූප තුළ ලංකාවේ තිබෙන දියඇළි, කඳු, හෙල් සැඟවුණු වනාන්තර, උමං සහ ගුහා සියයකට අධික ප්‍රමාණයක් පිළිබඳ විස්තර සඳහන් වෙයි.
සාමාන්‍යයෙන් මිනිසුන් නොදන්නා සේම අවම මිනිස් පහසක් ලැබූ ලංකාවේ තිබෙන අතිශය සුන්දර ස්ථාන සොයා ගිය දුෂ්කර ක්‍රියාදාම චාරිකා ඇතුළත් මෙම ග්‍රන්ථය යොවුන් සංචාරකයන්ට මාර්ගෝපදේශකයෙකි. වනගත චාරිකා, දියඇළි සොයා යාම, කඳු නැගීම, උමං තුළට බැසීම හා සැඟවුණු තැනිතලා සොයා නොඉඳුල් වනාන්තරවල ගමන් කිරීම ආදී බොහෝ දෑ පිළිබඳව මෙම පොත තුළ අන්තර්ගත වෙයි.
ඝන ඔප කඩදාසියේ මුද්‍රිත වර්ණ ඡායාරූප ඇතුළත් මෙම ග්‍රන්ථනයේ මිල රු.500.00ක් වන අතර, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සහ BMICH අසල පිහිටි "කිතුසෙවණ" මධ්‍යස්ථානයේදී මිලදී ගත හැක. සීමිත පිටපත් ප්‍රමාණයක් පමණක් වන බැවින් 0759160371 අමතා ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.
කතුවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා රන් සම්මානලාභියෙකු වන අතර, සංචාරක ලිපි වාර්තාකරුවෙකුද වෙයි. මුහුණුපොතේ Travel in Sri Lanka-Sobasiri පිටුවේ නිර්මාතෘ වන මොහු ශ්‍රී ලංකා සොබා සෞන්දර්යය සොයා යන පරිසරවේදියෙකි.
0759160371

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔයාගේ ලංකාදීපයේ යන ලිපි කියවනවා. පොතක් ගහපු එක නම් ගොඩක් හොඳ වැඩක්. මම අනිවාර්යෙන්ම ඒ පොත ගන්නවා. ඔයාලා මේ කරන වැඩේට සුබ පැතුම්! අපිට ලංකාවේ හැංගිලා තියෙන ලස්සන දකින්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙහෙම කිව්වම විතරයි. නැත්නම් අපි දන්නේ නැහැ. ගොඩක් ස්තුතියි! (නි)