රග්බි විනිසුරුවරුන් තරග විනිශ්චයෙන් ඉවත්වීමෙන් සති තුනක් පැවැත්වීමට නොහැකි වූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නවවැනි සහ අවසන් සතියේ තරග ආරම්භ කරමින් අද (21) පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 30-29 ක තියුණු ජයක් අත්කරගත්හ. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්විණි.
ශාන්ත පීතර විදුහල් පිල ගෝල 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහර 2 ක් බැගින් ලබාගත්හ. වෙස්ලි විදුහලට ගෝල 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 22-13 ක් ලෙස පෙරමුණේ පසු විය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශාන්ත පීතර විදුහලට තියුණු ජයක්