අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ බම්බලපිටියේදී අද (04) පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ අවසන් මිනිත්තු හතේදී පෙරමුණට පැමිණෙමින් ලකුණු  36-24 ක් ලෙස මරදාන ශාන්ත ජෝශප් විදුහල පරාජය කිරීමට සමත් වූහ.තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-07 ක් ලෙස ශාන්ත ජෝශප් විදුහල පෙරමුණේ පසු විය. ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.