
(මනෝප්රිය ගුණසේකර)
රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිපත් කළ අභියාචනයේ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය.
මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස තීරණය කළේය.
ශානි අබේසේකර මහතාගේ රෝගී තත්ත්වයේ වෛද්‍ය වාර්තා හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ අවංක දක්ෂ නිලධාරියාට ඇප ලබාදෙන්න .
එළියට ඇවිත් වළං හෝදන්න ඇතුව ජීවත් වේවි..!!!
අවංක දක්ෂ නිලධාරියකු බව සම්මත පිළිගැනීමයි. ඔබට නිදහස සහ දිගාසිරි පතමි.
එතුමාට ඔය වද 34 දෙන්නේ මේ ගොල්ලන්ට ඕනෑ විදියට සාක්ෂි දෙන්නේ නැති නිසා... ඒක හැමෝටම තේරෙනවා. මෙදා පාර නිදහස් වේවි මොකද ජාත්‍යන්තරය ඔය සිද්ධිය දිහා බලාගෙන ඉන්නේ... දැන් බය වෙලා ඉන්නේ...
දේශපාලුවන්ගේ රූකඩයක් වුණානම් කිසිම අවුලක් නැහැ. මිනීමරුවන්, පාතාලකාරයින්, අන්ත දූෂිතයන්, මහාපරිමාණ හොරු අද නිදහසේ, සුවසේ ඉන්නවා. රටකට වෙච්චි දේ...?
ඔබ ඉතා දක්ෂ අවංක නිලධාරියකු බව මමත් විශ්වාස කරනවා. ඔබට මේ උගුලෙන් ගැලවෙන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...!!!
මෙයා විතරයි ඇතුලේ නේද? එක්කෙනෙක්වත් ඇතුළට ගියා කියලා සතුටුවෙන්න. මට නම් හරි සතුටුයි.