
(අංජුල මහික වීරරත්න)
අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද(12) පැවති උත්සවයට සහභාගී වෙමිනි .
බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට ඇස්මේන්තු කර ඇති අතර රැකියා අවස්ථාවන් 75000 බිහිකිරීමට ද නියමිතය.
බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දැනට ඉදිකර තිබෙන ඩොංශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ආයතනය (Dongxia Industrial & Commerce Co.Ltd.) විවෘත කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවකට ද එක්වූ ජනාධිපතිවරයා එහි සේවක මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදනම කොන්ක්‍රීට් වලින්ද පස් වලින්ද? ගොන් ටෝක්ස්.
ශක්තිමත් ණය ආර්ථිකයක් කිව්වොත් වඩා නිවැරදියි.
හොරු රැලක් එක්ක මොන පදනම දැම්මත් වැඩක් නැ. අවුරුදු 45ක් කරගන්න බැරි වුන මිනිහෙක්ට දැන් කොහොමත් කරන්න බැ
පින් ජනපතියා විහිලු කරනවා වගේ? වසර 45කට ආසන්න කාලයක් දේසපාලනේ කරලා ,ජනාධිපතිවරණය ලන්වෙන කොට හීනෙන් නැගිටලා කියන කතා?