
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට අද (14) පෙරවරුවේ බලහත්කාරයෙන් පිවිස ඔහුගේ අසුනේ වාඩිවූ කාන්තාවක මානසික ප්‍රතිකාර සඳහා රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක් බව පසුව තහවුරු වී යැයි රෝහල් ප්‍රකාශකයා කීය.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලයට අද පෙරවරු 10ට පමණ පැමිණි අදාළ කාන්තාව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාට තර්ජනාත්මක අයුරින් බැණ වැදී ඇතැයිද එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇතැයිද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තම ආසනයෙන් පිටත්ව ගිය සැණින් අදාල වෛද්‍යවරිය එම අසුනේ ඉඳගෙන රාජකාරි හරියට කරන්න බැරි නම් තනතුරෙන් ඉවත් වන්නැයි කියමින් කෑ ගසමින් සිටි බව රෝහල් ප්‍රකාශකයා කීය.
රෝහල් බලධාරීන් එහි පැමිණ එම වෛද්‍යවරිය ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට ගෙන ගොස් බාර දී තිබේ. ඇයට මානසික රෝගයක් තිබේදැයි හෙළිකර ගැනීමට පරීක්ෂණ කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයා කීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරියක් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩි වෙලා
කව්ද බෝයි Monday, 14 July 2025 05:05 PM
මේ දවස්වල දොස්තරලාගේ ග්‍රහ මාරුවද කොහෙද? දියවන්නාවේ ඉන්න කොන්දොස්තර කෙනෙකුත් ගිහිං විපස්සනායක පුටුවේ වාඩිවෙලා ගොන්පාට් එකකුත් දාලා තිබුණේ. තව දොස්තර කෙනෙක් තාමත් රිමාන්ඩ් එකේ, එයාගේ දුවත් ටික දවසකට අම්මගේ දුක-සැප බලන්න ඇතුළට ගියා. දැන් මෙයා? දැන් ජනතාවට පශු වෛද්‍ය පිහිට විතරයි.
අරවින්ද මොණරවිල Tuesday, 15 July 2025 09:08 AM
පිස්සෙකු ගේ පුටුවේ පිස්සියක් වාඩි වෙච්ච සීන් එකක් වගෙයි !