(සුජිත් හේවාජුලිගේ )

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් බොහෝ දුරට ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගය පසුගිය සතියේදී අවසන් කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම් පනත් කෙටුම්පතක් අභියෝගයට ලක්වුවහොත් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයාට මෙන්ම කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දිය යුතු වෙයි.

පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා සි 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

පනත් කෙටුම්පත කතානායකවරයාට ලබන සඳුදාට පෙර ලැබුණහොත් අඟහරුවාදා පාර්ලිමේන්තුවට එය බොහෝ දුරට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වා වැඩි කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස හැට තුන 65 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන සැලසීම විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් සිදුවේ.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පතට එරෙහිව සමාජයේ බොහෝ පාර්ශව වලින් දැඩි විරෝධයක් මතුවී ඇත.