(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය නිලධාරින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටූප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිෂන් සභාවට දුක් ගැනවිලි ගැටලු යෝජනා දොළොස් දහසක් පමණ ලැබී ඇත .

වැඩිම දුක් ගැනවිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ 2020- 2024 කාල සීමාවේදී විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ගෙනි.

දැනට ලැබී ඇති යෝජනා හා ගැටලු ඒ ඒ සේවාවන්ට අනුව වෙන්කර අධ්‍යයනය කරන බව කොමිසම පවසයි.

ඉන් පසු ඒවාට විසඳුම් නිර්දේශ කිරීමට නියමිතය.