
(අංජුල මහික වීරරත්න සහ තිස්ස කොටින්කඩුව)
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් වහාම ජනමත විචාරණයකට යන්නැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ජනතාවගේ පොදු සමාජ ප්‍රශ්න වලට වඩා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම වැදගත් යැයි සිතනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නාමල් රාජපක්ෂ මහතා කීය. මන්ත්‍රීවරයා මේ බව කීවේ ජා ඇල පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.
එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.
ගොවීන්ගේ, ධීවරයන්ගේ,උපාධිධාරීන්ගේ, පාසල් සිසුන්ගේ, රැකියා විරහිත තරුණයන්ගේ ප්‍රශ්න මෙන්ම අසීමිත බදුබර, ජීවන වියදම ආදී ප්‍රශ්න වලට වඩා විනිසුරු වයස පිළිබඳ ප්රශ්නය ලොකු යැයි ආණ්ඩුව හිතනවාද?
අද දිනෙන් දින මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙමින් පවතිනවා. ඇයි ඒ? එක පැත්තකින් ආණ්ඩුව බලයට එන්න අසීමිත බොරු කිව්වා. එක බොරුවක් වහගන්න අද තව බොරු සියයක් කියන්න වෙලා තියෙනවා.තවත් පැත්තකින් ආණ්ඩුව වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නෑ.
අවුරුදු ගණනාවකට පස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පිට පක්ෂයක් අසීමිත බලයක් එක්ක රාජ්‍ය පාලනයට ගෙනාවා. ඒ මිනිස්සුන්ගේ තුළ යම් විශ්වාසයක් තිබ්බා. ඔවුන් හිතුවා පෙර පක්ෂ වල ආණ්ඩුවලට සාපේක්ෂව යම් අලුත් දෙයක් කරයි කියලා.
නමුත් ඔවුන් තිබ්බටත් වඩා ගතානුගතික දේශපාලන ප්‍රතිසම්ප්‍රදායක් මේ රටේ අනුගමනය කරන්න පටන් ගත්තා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ජනතාවගේ ප්‍රශ්න විසදන ගමන්, ඔබ වැනි හොරුන් ඇල්ලීමේ ප්රශ්නය ඉක්මණින් විසදන්න තමයි මේ පියවර ගත්තේ. මේ ප්රශ්නය ඇදගෙන, ජනතාවගේ ප්‍රශ්න අමතක කර නහින්නේ ඔහේලා. විශ්වාස බංගෙන් පස්ස බිම ඇනුණා මදිවෙලාද?
හැට පැනල හතරගාතෙන් යන එන කීදෙනෙක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවද? ඒ ගොල්ලෝ ගැනත් ජනමත විචාරණයක් කලොත් ඔයිටවඩා හොඳ නැද්ද අප්පෝ...
වී පලයන් යන්න
ජනතාව රවට්ටලා බලයට ඇවිත් රටම හොරාකාලා විනාසම කරපු, ජනතාව එළවලාම දාපු දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා.. සාටකයෝ දූෂිතයෝ ආර්තික ඝාතකයෝ මිනිමරුවෝ. ඉක්මනින් හිරේට යවන්ඩ කියලා ජන්මත විචාරනයකට ගියානම් බලාගන්ඩ තිබුනා.
නීතී ගරුක ශිෂ්ඨ සම්පන්න රටක නම් තමුන්ලා රටට කරපු විනාශයේ හැටියට මෙළහකටත් හිරේ යවලා...
මැදමූලන චෞර පරම්පරාවේ මංඤං, හොර අබ්බගාත නෑ-මොළයා කියන කෙනාට හිටපු ගමන් බෝක්කු කටින් පිට කිරීමට අවශ්‍ය අළුත් ටොපික් ලැබෙනවා. මේ දිනවල හැරමිටි වාරුවෙන් ගාටන මයිනා අප්පච්චිත්, ගෝඨාත් වසර ගණනාවක් තිස්සේ රට හූරන් කාපු කාලෙදී ගහපු හැටි, ජනතාව පෝලිම්වල දිවා රෑ නොබලා කාලය ගතකරපු හැටි, සමහරු පෝලිම්වලම දිවි නිමාකරපු හැටි ආදිය රටවැසියාට අමතක නැත. නෑ-මොළයා මේවා ගැන පච ටෝක් දමන්නේ මැරී ඉපදුණු කෙනෙක් නැති නම් ළගදී මෙලොව එළිය දුටු බබෙක් විදියට කියා මගේ ආච්චි කියනවා.