(අංජුල මහික වීරරත්න සහ අමදෝරු අමරජීව)
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය
අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී අද (18) පෙරවරුවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් අවේක්ෂණය කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇති කාර්යභාරයද මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදා අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දෙන පුළුල් දායකත්වයද ඇගයීමට ලක් කළේය.
‘සුරකිමු ලකඹර’ තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණය මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව, ක්‍රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම අගය කරමින් ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු කෙරිණි.
ලාංකේය ගුවන සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක් වූ අංක 66, 67 සහ 68 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව සහ 20 වන කෙඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදැරූ නිලධාරීන් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීම මෙන්ම අංක 103 වන පියාසර කෙඩෙට් නිලධාරි පාඨාමාලව හැදෑරූ නිලධාරීන් හට පියසාර නිල ලාංඡන පැලඳ වීම මෙහිදී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පාඨමාලාවේ සුවිශේෂී දක්ෂතා දැක් වූ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විනයක් වගකීමක් ඇති රාජ්‍ය සේවයක් රටට ඕනෑ