IMG-LOGO

විදෙස් සංචාරකයන්ට හෙට සිට කටුනායකින්ම වාහන ලයිසන්

(සජීවා කෝට්ටගොඩ)

කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරයි.

සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී කීය.

මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට ඇති බවත් කොමසාරිස් වරයා පවසයි.

මෙරටට සංචාර සඳහා පැමිණෙන විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාර වල නිරත වන බවත් මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි කොමසාරිස්වරයා කියයි.

නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (2) කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 



අදහස් (3)

විදෙස් සංචාරකයන්ට හෙට සිට කටුනායකින්ම වාහන ලයිසන්

saman Saturday, 02 August 2025 10:02 PM

මෙරටට පැමිණෙන සංචාරකයින් ලංකාවේ වාහන පැදවීමට බලපත් නොමැතිව කුලී පදනම මත වාහන rents සිදුකරන්නේ ලංකාවේ නීතියක් නොමැති නිසාවෙනි... අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති නිසාවෙනි. සංචාරකයකු ගුවන්තොටුපලට පැමිණිවිට රියැදුරු බලපතක් ගුවන්තොටුපලේදීම ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවකි. ලංකාවේ පුරවැසියකුට හෝ වාහන පැදවීමට අපහසු තත්වයන් තිබියදී කෙටි සංචාරයන් සඳහා පැමිණෙන සංචාරකයින් ලංකාවේ වාහන පැදවීම පිළිබඳව කිසිදු දැනුමක් හෝ අද්දැකීමක් නොමැතිව රජයේ ආයතනයකින් රියදුරු බලපත් ලබාදීම සංචාරකයින්ට පහසුවක් වනවා කියා සිතුවද? යම් හෙයකින් හදිසි අනතුරක් සිදුව තුවාල ලැබීමක් මරණයක් සිදුඋවහොත් ඒ පිළිබඳව අධිකරණය දැඩි තීන්දු ගනු ඇත. පසුපස ගමන් ගන්නා මගීන්ට බඳ පටි පැළැඳීමට අනිවාර්ය කරන්නා වූ රජය කෙටි සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන සංචාරකයකුට ලංකවේ වාහන පැදවීම පිළිබඳව කිසිඳු දැනුමක් නොමැති විදෙස් සංචාරකයකුට රියදුරු බලපත් නිකුත්කිරීම නීති විරෝධී ක්‍රියාවකි. පහසුවටත් වාසියටත් මෙවැනි අනුවණ කටයුතු නොකළ යුතුවේ...

:       0       0

sunil Sunday, 03 August 2025 06:45 AM

මගේ නැතිවූ බලපත්‍රයකට අලුත් (duplicate ) බලපත්‍රයක් ඉල්ලා මාස දෙකකට වැඩියි. තවම ලැබුනේ නැහැ. බයිලා ගහන්නේ නැතිව තියෙන දේවල් කාර්යක්ෂම කරන්න.

:       0       1

de silva Sunday, 03 August 2025 12:25 PM

ලංකාවේ international driving licene එක භාවිතා කර සමහර රටවල් වලදී අපි වාහන පදවන ආකාරයට, එම රටවල් විසින් නිකුත් කරන ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය පිළිගන්න 1952 දී අත්සන් කළ රියැදුරු බලපත් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියකට අනුව අප බැඳී සිටිනවා නේද? එම සම්මුතියට අත්සන් කළ රටවල් වල ජාත්‍යන්තර රියදුරු බලපත් මෙහෙ වලංගු නේද? මෙම සම්මුතියට අදාල රටවල් කුමක්ද කියලා ඔබතුමාට අපව දැනුවත් කරන්න පුලුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site