(රෝෂන් තුෂාර)
පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග පරිදි විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(01) නියෝග කළාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරය ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට නියෝග කළාය. පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාල මත්පැන් තොගය විනාශ කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය පෙබරවාරි 17 දින නියෝග කොට ඇත.
මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ,බෝතල් වලට යළි සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කොට ඇත.
මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශනය අනුව මත්පැන් තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදෙස් අරක්කු පල්වතුර-තේ කහට වීම ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි
pakeer Friday, 01 August 2025 04:09 PM
කරුණාකරලා මේ පොලිස් හොරාව අල්ලලා දෙන්න. සමාජයට හොඳ ආදර්ශයක් දෙන්න හොඳ තීන්දුවක් එක්ක... එහෙම කළොත් විතරයි මේවා නවත්තන්න පුළුවන්..