IMG-LOGO

විදුලි ඉංජිනේරුවෝ 226 ක් රට හැර ගිහින්


(සුජිත් හේවාජුලිගේ)

ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු පසුගිය වසර තුනක කාලයේදී   රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව මණ්ඩලය පවසයි.

මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ  සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් සියයට 20කි.

ඔවුන්ගෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර  සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවෝ වෙති.

සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් බව වාර්තාවල දැක්වේ.



අදහස් (4)

විදුලි ඉංජිනේරුවෝ 226 ක් රට හැර ගිහින්

kk Sunday, 17 August 2025 09:46 AM

ඔය මේ රටෙන් යන්න ගොඩාක් වෙලාවට ඇත්තටම මහන්සිවල වැඩ කරන හොඳ මිනිස්සු ටිකක් ඉතුරු ගොඩාක් වෙලාවට ඔය ආයතනවල වැඩ කරන්නේ නැති... වෙනවා තියා හොරකමට, දූෂණයට සහයෝගය දෙනාම ඔයා ආයතන වෙනස් කරන්න දෙන්නැතුව අල්ලාගෙන ඉන්නත් සෙට් එක තමයි... ඒක ඔය විදුලි බල මණ්ඩලයට විතරක් නෙවෙයි අනිත් සියලුම රජයේ ආයතනවලට පොදුයි.. ඒ ආයතන වලින් අයින්වල වෙන රටකට යන්න ඒ ආයතනයේ හොඳටම වැඩ කරන මහන්සිවෙලා වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට හති වැටිලා තියෙන්නේ මේ රටත් එක්ක...

:       1       32

පන්සිළු Sunday, 17 August 2025 10:59 AM

අවුරුදු පතා විශ්ව විද්‍යාල වලින් එළියට එන අය බඳවාගන්න. ගිය කෙනා ගැන කතා කරන්න දෙයක් නෑනේ...! 

:       1       25

PGPThilak Sunday, 17 August 2025 12:01 PM

යන එකා ලංකාවම ලියලා දුන්නත් යනවා! ඔය බොරු කියලා ආණ්ඩු බය කරලා තමන්ගේ බඩ ගෙඩි වැඩි කරන මාර්කටින් හැමෝම දන්නවා!

:       1       18

de silva Sunday, 17 August 2025 12:40 PM

ඉදිරියේදී මාෆියා මගින් කොමිස් ගැහිල්ල අවසන් වන ලකුණු පෙනෙන නිසා, එහෙම නැතිනම් කලින් ගහපු ගැහිලි අසුවෙන බව පෙනෙන නිසා කලින්ම මාරුවෙලා ගියා වෙන්න පුළුවන්..., නැතිනම් දුම්මල ගහලාවත් එලවන්න බැහැ... මෙතැන හොඳට ගරන්න පුළුවන් නිසා....

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site