IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


වැලිගම සභාපතිට ’’කාඩ්’’ එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ සුළු සුළු අඩුපාඩු පවා සෙවූ පක්ෂය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට අපරාධ නඩු හයක් තිබියදීත් එම අපේක්ෂක ධුරය දුන්නේ කෙසේ දැයි පළාත් පාලන නියෝජිතයන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

මීට වගකිව යුතු බව කියන පක්ෂ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවද එම පිරිස දැනුම්දී ඇත.

ලස්සන්ත වික්‍රමතුංග මහතාට එරෙහිව නඩු හයක් තිබූ බවත් මත්කුඩු සම්බන්ධ නඩුවකට ඔහුට අත්හිටවූ සිර දඬුවම් පවා නියමව සිටි බවත් ඔවුහු පෙන්වා දෙති.

වික්‍රමසේකර මහතාට පළාත් පාලන අපේක්ෂකත්වය දීමේදී මෙම නඩු සම්බන්ධයෙන් දැන නොසිටියේ යැයි පිළිගත නොහැකි බව පවසන එම පළාත් පාලන නියෝජිතයෝ මේ සම්බන්ධයෙන් පක්ෂය විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අවධාරණය කරති.

එසේම මෙම කාරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයා හමුවී සාකච්ඡා කිරීමටද එම නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.

මේ සම්බන්ධයෙන් අප පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් දුරකථනය ඔස්සේ කරුණු විමසීමට උත්සාහ දැරුවද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්විය.

 



අදහස් (7)

වැලිගම සභාපතිට ’’කාඩ්’’ එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්

Nimal 1 Saturday, 25 October 2025 10:29 AM

මේ අය ඔක්කොම පාතාලයේ දාමරිකයෝ

:       23       17

මාලිමා ලොජික් Saturday, 25 October 2025 11:02 AM

සජියට හිතෙන්න ඇති මාලිමාවේ 60000ක් මරලා පූස් පැටව් වගේ හිටපු එකේ ඔය පොඩි නඩු තියෙන එකෙක්ට ප්‍රාදේශීය සභා දුන්නාම මොකද කියලා...

:       8       39

C.K.Lankaputhra Saturday, 25 October 2025 11:03 AM

ඒකට මැද්දුම බණ්ඩාගේ පූට්ටු වෙලා ඇති, ඒකයි උත්තර නොදෙන්නේ.

:       20       16

ගෝනවල වලව්වේ සුනිමල් Saturday, 25 October 2025 11:10 AM

මීට වඩා වෙනස් ක්‍රමේකට මේ අය වැඩ කරන්න දන්නේ නැහැ. උපන්ගෙයි වැරැද්ද. ලොකුම වැරැද්ද තියෙන්නේ තාමත් මුං ඇවිල්ලා රට හදයි කියන මෝඩ ඡන්ද දායකයින්ගේ...

:       16       23

ලයන් Saturday, 25 October 2025 12:33 PM

මෙහෙම මිනිසුන් සජබේ ඉන්නවා දැකීමත් සතුටක්...

:       11       16

ලක් අම්මා Saturday, 25 October 2025 01:47 PM

හොන්ද වැඩේ ස.ජ.බ.ට වුනේ...? ළාමක ටින් ටින්ගේ දැනුමේ තරම පේනවා.

:       12       11

tissa Saturday, 25 October 2025 03:57 PM

දැන් පක්ෂ ලේකම්ගේ යම් ස්ථානයක් පූට්ටු වී ඇති බවක් පෙනේ...

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1412 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1294 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site