
(රෝෂන් තුෂාර)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ සහ මැගසීන් බන්ධනාගාර රැඳවියන් අතර බෝවන රෝගයක් පැතිර යන බැවින් කිසිදු රැඳවියකු විවෘත අධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පැවසීය.
සේනක පල්ලේතැන්න මහතා වැඩිදුරටත් කියා සිටියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මහාධිකරණය ඇතුළු සියලු අධිකරණයන් වෙත අදාළ කරුණ ලිඛිතව දැනුම් දුන් බවය.
බන්ධනාගාර රැඳවියන් අතර බෝවණ රෝගයක් වන සරම්පරෝගය පැතිර යන බැවින් මෙම තීරණය ගෙන ඇති අතර ඇතැම් රැඳවියන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණ වලට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවද පැවසීය.
බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ලිපි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ද ඉදිරිපත් කළ අතර රඳවියන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් උසාවි සිර මැදිරි හිස්ව තිබෙනු දක්නට ලැබිණි.
බන්ධනාගාර නිලධාරියකු අදාළ ලිපිය මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ඇතිව බන්ධනාගාර අධිකාරිය මගින් මෙම තීරණය ගෙන ඇති බවත්, එම රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd