(අමදෝරු අමරජීව )

භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කින්නියා  කිරාන් ප්‍රදේශයේ මහවැලි ගංඟා නිම්නයෙන් ගොඩ දැමූ මහා පරිමාණයේ වැලි ගබඩාවක්  වැටලු ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එහි තිබූ වැලි කියූබ් 780 ක් අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිසියට ලද තොරතුරක් අනුව ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.යූ.මහින්ද දිසානායක  උපදෙස් මත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.වයි. අරුණ සාමාන්ත චන්ද්‍රපාල  අධීක්ෂණ යටතේ පොලිස් අධිකාරි ජේ.එල්.අජිත් කුමාර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කළහ.