
(තිලකරත්න දිසානායක)
දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සල් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද විශේෂ විමර්ශන හා වැටලීම් අනුව ප්‍රධාන පෙළේ රෝහල් ඇතුලු ස්ථාන 23 කට නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.
මෙම විමර්ශනවලදී මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑ හැකි බරපතළ අක්‍රමිකතා රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පෙන්වා දෙනු ලබයි.
වැටලීම්වලදී ප්‍රධාන වශයෙන් අනාවරණය වූ වැරදි අතර රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදා ගන්නා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ භාවිතයට සූදානම්කර තබා ගැනීම , කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම , කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය සහ කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය සමඟ වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කර තැබීම වන බව සභාපතිවරයා පෙන්වාදී තිබේ.
මෙවැනි වගකීම් විරහිත සහ නීතියට පටහැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දිවයිනෙහි ප්‍රදේශ කිහිපයකම පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර 23 කට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ අධිකරණ හමුවේ නඩු පවරා ඇති අතර පවරන ලද නඩු සම්බන්ධයෙන් අධිකරණ මගින් නියම කර ඇති සමස්ත දඩ මුදල රුපියල් පනස් හත් ලක්ෂ අනූ අට දහසක් ( රුපියල් 5,798,000) කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd