වෙළේ සුදාගේ ප්‍රශ්න කිරීම්වලින් ශ්‍රී ලංකාවේ හෙරොයින් මත්කුඩු බෙදාහැරීමට සම්බන්ධ බව කියන තිස් දෙනකුගේ පමණ නම් සඳහන්වී ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හැරුණුවිට වෙනත් දේශපාලනඥයන්ගේ නම් කියවී නැති බවත් සෙසු අය පොලිසියේ හා රජයේ වෙනත් නිලතල දරණ අය බවත් පෙනේ යැයිද පොලිසිය සඳහන් කරයි.
ඔහුගෙන් කියවෙන නම් වෙනත් සාක්කිකරුවන්ගෙන් තහවුරු වෙනතුරු කිසිවකු අත් අඩංගුවට නොගන්නා බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල මහත්මයාගේ අදහස අනුමත කරනවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ක්‍රම කීපයකට. (නි)
අපි වගේ සාමාන්‍ය පුරවැසියෙකුට කවුරුහරි බොරු චෝදනාවක් හෝ කලානම්, පොලිසියේ මහත්වරු නිල වාහනය නැත්නම් පාරේ යන වාහනයක් හරි අරගෙන, ගෙදරටම ඇවිත් සුද්ධ සිංහලෙන් කතා කරලා බෙල්ලටත් දෙකක් ගහල වාහනයේ රිංගවාගෙන ගිහින්,කුඩුවේත් ඔබලයි පරීක්ෂණ කරන්න පටන් ගන්නේ. සරත් ෆොන්සේකා මහත්මයාව එදා කුදලා ගෙන ගිය හැටි අහල ඇතිනේ. මේ ප්‍රකට කුඩ්ඩන්ට එහෙම නැහැ. ඒ කට්ටිය කුඩු ප්‍රවීණයෝ නිසා අමුතු නීතියක්ද? එතකොට ඔය දෙකෙන් නීතියට කරන්නේ කොයි එකද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය. (නදී)
එහෙනම් දැන් පොලිසියත් හොල්මන් වෙලා ඇති. (නි)
සත්‍යපාල අහන ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟවන අය බොහෝ සිටිනු ඇත. (නි)
පොඩි මිනිහාටත් මෙහෙම නේද නීතිය ක්‍රියාත්මක කරන්නේ? (නි)
ලේසියට බැහැ කුඩ්ඩන්ට විරුද්ධ වෙන්න. ඔය බොරු වැඩක් කරන්නේ (නදී)
ඒක නේන්නම්. මේක නිකන්, දුව කියන්නේ ඇත්තද කියලා නැන්දම්මාගෙන් අහනවා වගේ වැඩක්. (නි)
ඔය වමාරපුවා මදිද අත්අඩංගුවට ගන්න? ඉක්මනට කරන දෙයක් කරන්න අපිත් බලාගෙන ඉන්නවා රටේ නීතිය අකුරටම වෙනවද කියලා (නි)
මොකද මේ පොලිසිය ඇඹරෙන්නේ? මොකක්ද ප්‍රශ්නය? (නි)
නියමයි සුදා නියමයි! (නි)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුත් ටිකක් ඕනෑලු. (නි)
ලංකාවාසී සියලු දෙනාම පක්ෂ භේද, ජාති භේද, ආගම් බේද වලින් තොරව එකතුවී මේ ජාතික උවදුර විශේෂයෙන්ම අපේ බාල පරපුර අගාධයට ඇදදමන වසංගතය දුරුකිරීමට හැකි හැම දෙයක්ම කළයුතුය. (නි)
පරණ තරහකාරයන්ගේ නම් ගම් මේ ලිස්ට් එකටම ඇතුළත් කරන්නත් බැරි නැහැ (නි)
සාක්කිකාරයෙකු නැතුව වරදක් කළොත් ඒ කියන්නේ ගැළවෙන්න පුලුවන්ද? වෙළේ සුදා සසම්භාවී ලෙස නම් කියනවා නෙමයිනේ. ඔහු සල්ලි දාපු ගිණුම් හිමිකරුවන්ගේ නම් තමයි කියන්නේ. එහෙමනම් ඒ අයගේ ගිණුම් පරීක්ෂා කරලා, ඒ ගිණුම් වලට වෙළේ සුදාගේ ගිණුමෙන් මුදල් ඇවිල්ලා ඇත්නම්, එච්චරයි. (නි)
ඔය නම් වමාරන්නේ හදවතින්මද? (නි)
රට කෑ, රටේ තරුණ බාල පරපුර විනාශ කිරීමට මඟපෑදු කුඩුකාරයෝ මොන තරාතිරමක වුණත් නීතියේ රැහැනට ගතයුතුමයි (නි).
අපි පොලිසියෙන් දැනගන්න කැමතියි මේ රටේ අනිත් පුරවැසියන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔය විදියටමද කියලා. එක සාක්කිකරුවෙකුගෙන් ලැබුණු සාක්කි වෙනත් සාක්කිකරුවෙකුගෙන් තහවුරු කරලාද සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ? (නි)
ඇයි අත් අඩංගුවට ගන්න බැරි ? සැකපිට කියලනේ කොයි කව්රුත් අත් අඩංගුවට ගන්නේ. (නදී)
අම්මපා! 30 ක් විතරද? අදහන්න බැහැ අපිට (නි)
අනේ! ඔහොමම ගියොත් නම් අමතක වෙන්නත් ඉඩ තියෙනවා (නි)