අනුරාධපුර විහාර හල්මිල්ලෑවේ පංච පුද්ගල ඝාතනයට සැකපිට හිටපු හමුදා සෙබළෙක් (30) හසලකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනකු ගැන වැදගත් තොරතුරු අනාවරණය වූ බව පොලිස් ආරංචි කියයි.
අනුරාධපුර විහාර හල්මිල්ලෑවේ පංච පුද්ගල ඝාතනයට සැකපිට හිටපු හමුදා සෙබළෙක් (30) හසලකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනකු ගැන වැදගත් තොරතුරු අනාවරණය වූ බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විඩියෝ වල තියෙන්නෙ මෙයාල හමුදාවෙ ඉන්න කාලෙ කරපුව. (ස)
රටේ සිදුවන සියලු අපරාධ වලට පැනගිය සෙබළුන් වගකිව යුතු නැති වුනත් වැඩි ප්‍රතිශතයකට ඔවුන්ගේ දායකත්වය ලැබෙනවා...මේකට විසදුම එතරම් අපහසු දෙයක් නෙමෙයි..පැන ගිය සෙබළුන් අල්ලන්න මහන්සි වෙන්න ප්‍රථම නිවැරදිව ඔවුන්ගේ සංගණනයක් කරලා ඔවුන්ගේ වර්තමාන තත්වයන් ඔවුන් කරන රැකියා , අදායම් තත්ත්ව පවුල් පසුබිම් සියල්ල ග්‍රාමසේවක, වසමේ පොලිසිය හා හමුදා බුද්ධි අංශ ලවා ලැයිස්තු ගත කල යුතුයි..මේක අපහසු කාර්යයක් නෙමෙයි..ඊට පසුව සමාජයට වැඩදයීව ජීවත්වන්නන් හමුදා වලින් නීත්‍යානුකූලව ඉවත් කල යුතුයි..අනෙකුත් අයගේ ක්‍රියා නිරතුරුව ප්‍රදේශයේ ග්‍රාම සේවක පොලිසිය හා හමුදා බුද්ධි අංශ වල නිරීක්ෂණයට භාජනය විය යුතුයි..රජයේ හා හමුදාවල මැදිහත් වීමකින් හදාගන්න පුළුවන් එව්වෝ හදා ගත යුතුයි..කොහොමටවත් බැරි සමාජ පිළිල බවට පත් වුවන් සමාජ ගත වීම වැළක්විය යුතුයි.. (ස)
බන්දුලගේ කතාව හරි. ඒක හොඳ ප්‍රායෝගික විසඳුමක්. බලධාරීන් මේ ගැන අනිවාර්යෙන් ක්‍රියා කල යුතුයි. (ස)
අපරාධය කියන එක කවුරු කළත් ඒක අපරාධයක්,තවත් කෙනෙක්ගේ ජිවිතයක් නැතිකරන්න කාටත් අයිතියක් නැහැ (නි)
මරණ දඬුවම නැති නිසා මිනිස්සු අපරාධ කරන්න බය නෑ. දැන් බන්ධනාගාරත් විහිළුවක් වෙලා. දඬුවම් ලබා දීම හරියට ක්‍රියාත්මක උනා නම් ගොඩක් අපරාධ අඩු වේවි. (ස)
පැනපු සෙබළු හරිම හිසරදයක් වගේ. (නි)
මිනීමරුවෝ නිදැල්ලේ අරින්නේ ඇයි.සැලසුම් කළ ඝාතනයක් හෘදයාබාධයකින් වුණා කියලා ඔප්පුකරගන්න සල්ලි වියදම් කරපු කට්ටියකුත් හිටියා මට මතකයේ තිබෙනවා (නි)
ගජමෑන්, ඔබ හරි (නි)
සමරනායක,ගිහින් කියන්න පුළුවන් නම් චැනල් 4 නාලිකාවට .... (නි)
සමරනායක නමින් ලියන්නෙ කවුද ඇත්තටම. (ස)
යුද්ධ කාලයේදී කිසි පවුල් පසුබිමක් බලන්නේ නැතුව ගත්ත ඒකේ පල විපාක තමා. මෙය දැන් හුගක් අපරාධ වලට මුල් වෙලා තිබෙන්නේ. මෙවැනි අය හින්ද කැපවීමකින් යුද්ධය දිනවීමට තම ජීවිත ශ්‍රමය කැප කළ වීරයින්ටත් අවමානයක් ගෙන දෙනවා. මොවුන්ට සමාව නොදී උපරියෙන්ම දඩුවම් නියම කරන්න වුමනයි. (ස)
ඕකටත් ප්‍රාදේශීය දේශපාලුවෙක් සම්බන්ද ඇති. අනේ රටකට ගිය කල (නදී)
බන්දුලගේ අදහස තව දුරටත් පුලුල් කරලා සෑම ග්‍රාම සේවා වසමකම සිටින පුද්ගලයන් පිලිබඳ, ඔවුන් කරන රැකියා, ආදායම් තත්ත්ව පවුල් පසුබිම් සියල්ල ඇති දත්ත බැංකුවක් මගින් අපරාධ පිලිබඳ සැකකරුවන් හදුනා ගැනීමට පහසුවෙයි. (ස)
එල්ලුම් ගහ පේන තෙක් මානෙයක වත් නැති නිසා මේ වගේ මිලේච්ඡ කූර ඝාතන අපේ ශ්‍රි ලංකාවේ එදිනෙදා අසන්නට ලැබේ (නදී).
ගජ මන් හරි. යුද්ධය නිසා මෙවැනි පුද්ගලයන් බඳවා ගැනීමට සිදුවුනා. හමුදා සාමාජිකයන්ට ලැබෙන දැඩි විනය සහිත පුහුණුව නොලැබුන නිසා මොවුන් දන්නේ තුවක්කු හැසිරවීම ගැන පමණයි. චරිතය හැසිරවීම ගැන මොකුත් දන්නේ නැහැ. චමත් (ඉතාලිය), සමරනායක කියන්නේ බොරු නෙමෙයි. මොවුන් තමයි අපේ රටේ නමත්, හමුදාවේ නමත් විනාශ කලේ. (නදී)
සමහර නායකයින්ගේ වැඩ සමර වගේ තමා. කිසිම වැදගම්මක් නැහැ. මක බාස් ට හොඳා.(නදී)
යුද්ධය සහ විනය දියුණු කිරීම සඳහා හමුදා පුහුණුව ගත් අය ඒවායින් ලබා ගන්න ප්‍රතිපල තමා මේ. (නදී)
යුද්දය දිනීමෙන් පසු අපි උත්සව පවත්වා විනෝද වූවා. දැනුත් කරන්නේ ඒක. යුද්දය කරපු සොල්දාදුවන් ගේ මානසික තත්වය පුනරුත්ථාපනය කිරීමට ක්‍රියා කරනවා කියා මම දැකල නැත. අන්න ඒකේ භයානක ප්‍රතිපලයි ඔය. (නදී)
මම හැමෝගෙම අදහස් කියෙවුවා. හැබැයි අපේ රටේ වෙන හැම සිදුවීමක්ම කරන්නේ හමුදාව හැර ගිය අය නෙවෙයි. අර කාලෙකට පෙර රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක්ව මැරුවේ ඔහුගේම පුතා. හැබැයි එයා හමුදාව අතහැර ගිය කෙනෙක් නෙවෙයි. මේ අපරාධ පසුපස තියෙන්නේ කාරණා දෙකයි. එකක් දීර්ඝ කාලින යුද්දේ, හැමදාම දැක්කේ මරනවා මැරෙනවා. මිනිස්සුන්ගේ මුළු ඇඟේම දුවන්නේ කෝප උන ලේ. බලන්න අද කෙනෙක් තව කෙනෙකුට දෙවෙනි වෙන ගතියක් එහෙම තියෙනවද? නැහැනේ. ගැහුවොත් ගහනවා, මැරුවොත් මරනවා. ඊළඟට අද තියෙන්නේ මුදල් පසුපස හඹා යෑමේ මානසිකත්වයක් සහ එවැනි සමාජයක් ලොකු මිනිස්සු කොමිස් ගහනව බැරි එකා මංකොල්ල කනවා. මෙන්න මේ කියන කාරණා වලට විසදුම් ලැබුනොත් තත්ත්වය ටිකක් යහපත් අතට හරවගන්න පුළුවන්. එල්ලුම්ගහ ගෙන ඒමත් මේකට එක විසදුමක් වෙන්න පුළුවන්. (ස)
කැළෑ වල අපරාධ කරන්නත් අලි මරන්නත්, හක්කපටස් වැනි දේ හදන්නත් හමුදාව අතහැර ගිය සෙබළුන් සම්බන්ධ බව කියන වාර්තා තිබුනා. නීතිය ස්ථාපිත කිරීම වැදගත් මේ නිසයි. (නි)
මේ අය රටට බරක් (නි)
මරණ දඩුවම ලබා දෙන්න. (ස)
අපරාධ ගොඩක් ඒවට සම්බන්ධ හමුදාවෙන් පැනලා අාපු අය. (නි)
තව මිනීමැරුම්, මංකොල්ලකෑම් වෙන්න කලින්, හමුදාවෙන් පැනලා ගිය සෙබළු අල්ලා ගැනීම ඉක්මන් කරනු ඇතැයි සිතමි . අපරාධය කරපු කෙනා පොලිසියට අසුවුනත් අර මරපු අහිංසක මිනිසුන්ට නැවත ඒ ගත කල ජිවිත ලබා දෙන්න පුලුවන්ද ? මනුෂයන් පිරිසක් සමුල ඝාතනය කරපු හමුදාවේ සෙබලාව එල්ලා මරනවද නැත්නම් නිකන් කන්න දීලා හිරේ දානවද ? (ස)
මොක උනත් මෝඩ ගහක් ,අපරාදයක් කරලා බේරිලා ඉන්නවා කියන එක නම් බොරු මොන වැඩ කාරය උනත්,මැරුණු 5 දෙනාගේත් ජීවිතත් ඉවරයි මුගේ ජීවිතෙත් හිරෙටම ඉවරයි තමා,එකෙක් දෙන්නෙක් එල්ලලා පෙන්නන්න ඔය අපරාද වලට තියෙන බය හරි වැඩි වෙයි ,(ස)
හමුදාවෙන් පැනලා ගිය අය අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. මේක රටට ම විනාශයක් (ස)
ඉස්සර හමුදාවට බඳවා ගන්නකොට තාත්ත ,ආතා ,මුත්තා, කිත්ත, කිරිකිත්තා පිලිබදව හිට සොයා බලලා තමයි බඳවා ගත්තේ. ඒ අනවශ්‍ය පුද්ගලයින්ට හමුදා පුහුණුව ලැබෙන එක වලක්වන්න. එත් අවාසනාවට අපට යුද්ධයකට මුහුණ දෙන්න උනා.ඒ වෙලාවට අනුව වැඩිදුර සොයා බලන්නේ නැතුව බඳවා ගැනීම් සිදු වුනා. එහි ප්‍රතිපලයක් හැටියට හමුදා පුහුණුව ලබා ගත් නූගත් නොහික්මුණ පුද්ගලයින් සන්නද්ධ සේවාවන්ගෙන් පැනලා ඇවිත් සමාජ ගත උනා. මේ අකටයුතු සිදුවන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටයි. සමාජයේ ජනතාවට පුළුවන් මෙවැනි පුද්ගලයින් නීතියට කොටු කර ගැනීමට ආරක්ෂක අංශ වලට සහාය දෙන්න. දැන් ඉතින් වෙනත් විකල්පයක් නැහැ. (ස)
අපි දේශප්‍රේමින් නමින් හදුන්වපු අය ,මේ කරන අපරාධ වලින් හමුදාවත් රටත් අපකීර්තියට පත් කරනවා. දැන්වත් රට කරවන ඇත්තෝ මේ රටට එල්ලුම් ගහ වගේ දැඩි දඩුවම් ගෙනල්ලා ,රටේ නීතිය දැඩි කරන්න ඕනෑ . (නි)