විහාර, දේවාල සහ නිලමේ තනතුරු සම්බන්ධව භික්ෂූන් වහන්සේලාට සහ ගිහි පුද්ගලයන්ට අදාල නීති සංශෝධනය කරමින් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට අද (29) ඉදිරිපත් කළේය.
පනත් කෙටුම්පතේ භික්ෂූන් වහන්සේ යන්නෙහි අර්ථය, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ධූරය, බස්නායක නිළමේ ධූරය, භික්ෂූණ් වහන්සේ නමකගේ පෞද්ගලික පැවැත්ම සඳහා ඇති වත්කම් ආදී විවිධ කාරණා ඇතුලත් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ දේවල්! විහාර පනත් සංශෝධනය කරන්න කලින් ලංකාවේ උතුරේ ඉඩම් පනත සංශෝධනය කළා නම් නරකද? එකම රටක් කිව්වට තවම සිංහල මිනිහෙකුට එහෙ ඉඩමක් ගන්න පුලුවන්ද? (නි)
බුදු හාමුදුරුවන් වෙනුවට බුද්ධාගමට අලුත් නායකයෙකුත් පත් කරා නම් හොඳ නැද්ද. (කෞ)
නිර්පාක්ෂික නායකයෙක්වත් පත් කරන්න. (ම)
අනේ හොඳයි. දැන් රටේ සෑම අංශයක්ම දියුණුවෙලා. අඩුපාඩුවක් නැහැ. මහජනයා සතුටින් ඉපිල ගිහිල්ලා. අඩුපාඩුවකට තිබුනේ හික්ෂු කතිකාවයි, විහාර දේවාලගම් පනතේ සංශෝධන විතරයි. දැන් ඒකත් හරි. (නි)
ලංකා ඉතිහාසයේ කවරදාකවත් නැති නීතිරීති. මේ මොනවා වෙන්නද යන්නේ? (නි)