
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා අද (14) ප්‍රකාශ කළේය.
මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමඟ එම මාර්ග සිතියම ආරම්භ වනු ඇතැයි ඔහු පැවැසුවේය. අනතුරුව මෙම වසරේ සිව්වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහන වාහන සඳහා අවසර ලැබෙනු ඇති බවත් ඉතිරි වාහන සඳහා 2025 වසරේදී ක්‍රමානුකූලව අවසර ලැබෙනු ඇති බවත් බෘවර් මහතා ප්‍රකාශ කළේය.
ඉන් බදු අදායමට සහ සංචිතවලට ඇතිවන බලපෑම ඇතුළත් සවිස්තරාත්මක සැලැසුමක් එළඹෙන 15 වැනිදා වනවිට සූදානම්වී අවසන් වනු ඇතැයිද පීටර් බෘවර් මහතා පැවැසුවේය.වාහන ආනයන සීමා ලිහිල් කිරීම තුළින් ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයට සියයට 0.8 කින් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව ඔහු පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් අන්තිමට ඒකටත් සුද්දෙක් තමා මැදිහත් වෙලා අපිට පිහිට වුනේ. අපේ කළු සුද්දෝ හැමදාම කරේ අපිව හූරන් කන එක.
ඔයිට වඩා මෙච්චර දුකක් කරදරයක් නැතිව ලබන ආදායමෙන් ජීවත් වෙන්න අත්‍යවශ්‍ය තුන්වේල කන්න පුළුවන් වෙන, ජලය, විදුලිය, ගෑස්, ප්‍රවාහන බිල්පත් ගෙවාගන්න පුළුවන් වෙන, මාර්ග සිතියමක් හදලා මේ රටේ මැටි පාලකයන්ට දුන්නොත් ඔයගොල්ලන්ට පිං!
දැන් එතකොට පිනාද ඔය අහවල් රට පාලනය කරන්නේ මේ අයිඑම්එෆ් එකේ කට්ටියද ?
හොද වෙලාවට සුද්ද ප්ලෑන් එක හැදුවේ. අපේ අය හැදුවනම් මුලින්ම අවසර ලැබෙන්නෙ V8 වලට. අන්තිමට ලොරි/බස් වලට.
වාහන නැවැත්තුවේ 2020. සල්ලි තියෙන එවුන් ගාව තියන සේරම 2019සහ 2020 ගත්ත වාහන ඒවාට අවුරුදු පහක් ඉවරයි. 2025 වෙනකොට ඉතින් මහ ලොකු පුදමයක් නෙමෙයි. උන් ආයෙත් අලුත් වාහන ගන්න එක. 2025 ඔන්න බලාගනින් අලුත්ම වාහන ගන්න ආයෙත් මාස 6-12 අතර ආයෙත් වාහන ගේන එක නවත්වනවා. වාහන ගෙන්න ගන්න තරම් අපිට ආර්ථිකයක් නැ.ඕක ජන්ද ගුන්ඩුවක්