‘රථ වාහන වලින් නිකුත් වන විෂ දුමෙන් තොර පරිසරයක්‘ යන තේමාව යටතේ රථවාහන රියැදුරන් දැනුම්වත් කිරීමේ නියමු වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන ව්‍යාපෘති කාර්යාලය මගින් අද දිවයින පුරා ක්‍රියාත්මක කළේය.
එහි ප්‍රධාන වැඩසටහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස් එච් හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ දී පැවැත්විණි.
ගම්පහ බණ්ඩාරනායක විදුහල් සිසුහු ගම්පහ දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතාගේ රිය ද නවත්වා උපදෙස් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව අනවශ්‍ය ලෙස වාහනවල ආනයනික බදු වැඩි කිරීම නිසා ජනතාවට ඉන්දන දහනය වැඩිය. පරිසරයට වැඩිපුර විෂ වායු පිට කරන පරණ වාහන පාවිච්චි කිරීමට සිදුවී ඇත. ඉන්දන දහනය අඩු කුඩා වාහනවලට ත්‍රිරෝද රථවලට සහ මෝටර් බියිසිකල් වලට අයකරන බදු අඩු කරන්න. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ගෙන්වීමේදී ඉන්දන දහනය අඩු වාහන වලට පමණක් එම බලපත්‍ර ලබාදෙන්න.(නදී)
වාහන වල විෂ දුම ගැන කථා කරන කොට හිනා යනවා. මොකද කියන්ටද.? අපේ වාහනයකට දුං සහතික ගන්නවා. ඒවා පරේදීත් බලනවා. නමුත් කබල් සිටිබි බස් වලට පණ අදින ලොරි වලට දුං සහතික නැහැ. අලුතම කාර් වලටත් දුං සහතික ඉල්ලන රටක් නේ මේක. (දී)
වායු විමෝචන නොවන වාහන වලට සහතික දෙනවට වඩා වායු විමෝචන වාහනවලට නීතියානු කුලව කටයුතු කිරීම ප්‍රතිපල දායක වේ. අල්ලාගත් සැනින්ම රියදුරු බලපත්‍රය ගෙන වහනය යථාතත්වයට පත් කරගෙන එන්න කියා යවනවානම් මේ වැඩය සාර්ථක වේවි. (අ)
"වාහන විස දුමේ ආදීනව කියයි" කාටද? හොඳින් කීම අපේ මිනිසුන්ට හරියන කෙරුවාවක් නොවෙයි නීති මගින් කටයුතු කරන ගම ටිකක් රස්තියාදු කරන්න එවිට ඔබලාගේ වැඩය සාර්ථක වනු ඇත මොකද දින දෙක තුනක් රස්තියාදු වීමට බැරිනිසා. නැතුව විස දුමේ ආදීනව නිසා නොවෙයි. (අ)
මේ දුම් පරීක්ෂණය වසර දෙකකටවත් වලංගු කරනවානම් එක වාහන හිමියන්ට ලොකු සහනයක් වේවි. මේක වාහන හිමියන් වසරකට පාරක් ගෙවන බදු වලට අමතරව වක්‍රව වාහන හිමියන් ගසා කෑමේ ව්‍යාපෘතියක් වෙලා තියෙන්නේ කට්ටියකට හොද අදායම් මාර්ගයකට මග පාදා දීමකුත් එක්ක.එ වගේම අවුරුදු පහකට පාරක් මේ රටේ වරප්‍රසාද ලත් පන්තියකට දෙන මේ වාහන තීරු බදු සහනය නවත්තල තර තිරම නොබලා එක අයෙකුට ජීවිතයේදී එක වරක් පමණක් තීරු බදු සහනය ලබා දෙන්න.ඒකෙන් ඉතුරු වෙන මුදල අධ්‍යාපන හෝ වෙනත් ක්ෂේත්‍රයක යහපත පිණිස යොදවන්න.(අ)
වාහනවලින් පිටවන දුම නම් විෂ තමයි. නමුත්, දුම් සහතිකය දීමේ ක්‍රමය සංසෝධනය නො කර බැහැ කියලයි මම හිතන්නේ. එයට හේතුව නම් රජයේ වාහන වලට සහ සිටිබි බස් වලට දුම් සහතිකය අදාළ නො වීමයි. පාරට බැස්සම සීටීබි බස් වල දුමට පරිසරයම වැහෙනවා. (අ)
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. මෙවැනි අනවසර ගරාජ අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන කරගෙන යන්න දෙන්න තහනම්.(අ)
නියම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන ආනයනය කල යුතුයි .(අ)
මෙන්න මේවා තමයි කරන්න ඕනේ වැඩ. (නදී)
දුම් සහතික දීම විශාල ප්‍රෝඩාවක් , ලංකාවේ ලියාපදිංචි වාහන වලින් 70% අවරුදු 15 වඩා පැරණියි. එම වාහන වලින් අධික ලෙස දුම් පිට වෙනවා (ත)
අපට වාහන වල විස දුම පිට වෙනවද කියල ටෙස්ට් කරවා ගන්න තැනක් තියෙනවද? අවුරුද්දකට සැරයක් දුම් සහතිකේ නම් ගන්න ඕන 1500ක් විතර ගෙවලා. සාදාරන ගානක් ගෙවලා ඒ තැන් වලින් වත් ටෙස්ට් එකක් කරවා ගන්න බෑ.(නදී)
මිනිස්සුන්ට මේවා කියලා හරි යනවද නිතිය නොකර. කළුදුම් ගෙන යන ලොරි, බස්, වැන් වලට නිදහසේ යන්න දීලා. අපිටද කියන්නේ උන් අල්ලන්න කියලා. උන්ට පිස්සුද අපිට පිස්සුද. (නධී)
ආණ්ඩුවේ අයට නම් උපදෙස් දෙන්න යන්න එපා මයෙ රත්තරන් පුතේ. (දී)