ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම නෞකාවක් හම්බන්තොට මාගම්පුර වරායට පැමිණෙයි.
ජපානයේ සිට මෙරටට පැමිණි ‘හයිපරියන් හයිවේ‘ නෞකාව මගින් වාහන 7700 ක් එක්වර ප්‍රවාහනය කිරීමට පහසුකම් තිබේ.මෙරට පරිහරණය සඳහා මෙම නෞකාවෙන් වාහණ 553 ක් හම්බන්තොට වරායට ගොඩ බෑම සිදුවිය. ලෝකයේ වෙනත් රටවලට ගෙන යන වාහන ද මේ නැවේ ඇත.
මෙම නෞකාව නිෂ්පාදනය කර මාස 3 ක් වැනි කෙටි කාලයකින් ජපානයේ සිට ලෝකයේ ප්‍රධාන වරායන් වෙත ළඟා වෙමින් යන අතර හම්බන්තොට වරායට පැමිණිම වෙනුවෙන් පිළිගැනිමේ කෙටි උත්සවයක් නෞකාවේදී පැවැත්විණි.
ජනවාරී මාසයේ දි හම්බන්තොට මාගම්පුර වරායට වාහන රැගත් නෞකා 15 ක් ළඟා විමට නියමිත බව වරා අධිකාරිය පවසයි.
බහමාස් කොඩිය යටතේ යාත්‍රා කරන මේ නැවේ දිග මීටර 199.95කි. පළල මීටර් 36කි. ටොන් 74000ක් දළ වශයෙන් බර ගෙන යා හැකිය. යාත්‍රා කරන උපරිම වේගය නොට් 19කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දයාසිරි ජයසේකර මහතා මොකද වරාය ගැන කියන්නේ ? (ම)
මේක තේරුම් ගන්න බැරි නිල්මිණිලට කතාකරලා තේරුමක් නැහැ (නි)
ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ අද ළමෙක් ඉපදුනාම හෙට ඡොබ් එකක් කරලා අනිද්දා ගෙදරට සල්ලි ගෙනත්දෙයි කියලා (නි)
තමරි, තව අවුරුදු ගාණකින් මේක ප්‍රයෝජනයට ගන්නවා කියලා මේක නිකන් පවත්වාගෙන යන්න සල්ලි කවුද දෙන්නේ? අපේ බදු සල්ලි වලින්ම තමයි. (නි)
මේ වාරයේ සිද්ධියට උත්තර දමල තියන හැමගේ අදහස් දැක්කම මට මතක් වුනේ ....මේ වසර පටන්ගත් පළමු වෙනිදා මේ රටේ සයිප්‍රසයේ නිකොසිය ශ්‍රී ලංකා පන්සලට ශ්‍රී ලාංකිකයින් බසයක් රැගෙන යනවග යම්කිසිවෙකුගෙන් මාගේ යාළුවෙකු මගින් දැනගෙන ගමනට සුදානම් වුනා හරිම අසංවර ගතියක් අපේමිනිසුන්ගේ මේ බසයක ගියත් පාරේ ගියත් බෙලි කඩාගෙන කාලා නවතින්නේ (බ)
නිල්මිණි මොන ගම් පළාතෙන්ද? (නි)
මහින්ද මහත්තයා නොසිටින්න මේවා හීන විතරක්ම වෙනවා (නි)
හදල අවුරුදු 4ක් වූ වරායට නැවක් ආවම උත්සව තියල සතුටු වෙන එකම රට වෙන්න ඇති. වාරයකට ඉතින් නැවු එනවා මිසක් ගොන් කරත්ත එන්නද ? (බ)
වී ගබඩා කරන්න ගනීද? (බ)
විතර්ෂණ බුද්දියක් නැති මෙි ලංකාවෙි මිනිසුන්ට මහින්ද මහත්තයා කරපු කිසි දෙයක හොදක්නමි පේන්නෑ . (ර)
මට නම් කියන්න තියෙන්නේ ටික ටික මාගම්පුර වරායෙන් ප්‍රගතියක් පෙනෙනවා කියලයි. (නි)
හතරබීරි කතා කියපු යහපාලන කාණ්ඩය මේවා දැකලා මුහුදෙ පනීවිද දන්නෙ නැහැ. (නි)
ඒකාලේ විපක්ෂය හම්බන්තොට වරාය ගැන කියපු කතා දැන් බොරුවෙනවා වගේ.(ම)
දැන් වාරයේ මාළු අල්ලන්නේ නැද්ද ? (ම)
මේ නැව ආ හින්දා උත්සව පැවැත්වුවා නෙමෙයි. මේ කියලා තියෙන්නේ මේ නැව ප්‍රථම වතාවට ආ නිසා උත්සව පැවැත්වුවා කියලයි. (නි)
අපි නම් දන්නා විදියට මීට කලිනුත් වාහන ප්‍රවාහන නැව් ආවනේ ඔය වරායට. (නි)
වරායක් හදන්නේ දුර බලල, අනාගත නාවික කටයුතු අධ්‍යයනය කරලා. මහින්දව එලවන්න ඕනෙකමට මේවාට අපහාස කලේ. හදපු ගමන් නැවු පෝලිමේ ආපු වරායවල් කොහෙද තියෙන්නේ.(ම)
වරායට නැවක් ආපුවාම ඒකට උත්සව පවත්වන්නේ නම් ලංකාවේ විතරයි . (ම)
මේ වරායට මීට කලිනුත් කාර් පුරවපු නැව් ආවා. කාර් විකුණන්නෙ කොළඹ විතරද? අනිත් නගර වලට පාරෙ තදබදය වළක්වාගෙන මේ කාර් බෙදාහරින්න පුළුවන්. වරාය මුදල් නාස්තියක් කිව්වෙ ජනතාව මුලාකරන්න. (නි)
චීනයට මුදල් ආයෝජනය උගන්නන අපේ කට්ටියට පුලුවන්ද? චීනය කරපු අසාර්ථක ආයෝජනයක් පෙන්නන පුලුවන්ද? (ම)
තේ කඩයක් හරි දාපු දවසෙම ලාබ ලබන්නේ නෑ (බ)
දැන් ඔය වාහන ටික මාගම්පුර ඉඳලා කොළඹට නුවරට අරගෙන යනකොට අතරමඟදී පිළිගන්න උත්සවත් සංවිධානය කළා නම් තමයි හොඳ. ප්‍රවාහන මුදලත් වාහනේ මිලට එකතුකරලා මහජනයටට පටවන්න පුළුවන්නේ (නි)
මේ නැවේ හැපිලා අර ගල කැඩෙන්න ඇති. (නි)
දැන් ඉතින් පිරිසක් සතුටුවෙයි නැවක් ආවා කිවුවහම. වාහන ගන්න කොළඹ කාර් සේල් කට්ටිය වෙනම ප්‍රවාහන වියදමක් දරාගෙන මේ වාහන ආපසු කොළඹට ගෙනෙන්න ඕනෑ දැන්. (නි)
රටක සංවර්ධනයක් කරන්නේ තමාගේ නම පවතින්න නොව රටේ අවශ්‍යතාවය මතයි. තීරණ ගතයුත්තේ වෙනම අධ්‍යයනයක් කිරීමෙනුයි (නි)
අපෙන් මොනවාහරි බඩු ටිකකුත් පටවාගෙන යන්න තිබුනා නම් කොච්චර හොඳද? (නි)
ඒ කාලේ විපක්ෂය හම්බන්තොට වරාය ගැන කී කතා දැන් බොරුවෙනවා. කඩන්න බැහැ කී ගල් කවුද දන්නෙ නැහැ ඉවත්කළේ? (නි)
වරායෙන් ප්‍රයෝජන ගන්න අපි ලෝකයත් එක්ක හොඳ විදෙස් ප්‍රතිපත්තියක් ගොඩනඟන්න ඕනෑ. නව රජයේ තිබෙන ගුණාත්මකබවේ හොඳ හින්දා තමයි මේ දේවල් යහපත් අතට හැරෙන්නේ (නි)
අපේ රට දියුණු කරන්න අමාරු කුහකකම ඉහටත් උඩින් තිබෙන මිනිසුන්ගෙන් පිරිච්ච රටක් නිසාවෙනි. අනේ මිනිසුනේ, වසර 30ක් අප දුක්වින්දේ නුඹලා වැනි කුහකයින් නිසාවෙනි (නි)
නිල්මිණි සහ සෑම්, ඔබ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තිබෙන ලෝක ප්‍රසිද්ධ වරාය බලන්න යන්න. එයට නැව් එන්නේ අපේ කොටුවට බස් එනවා වගේ. ඒ වුණත් සමහර නැව් එනවිට පිළිගන්න උත්සව එහි වසරකට දෙතුන් වරක්වත් තිබෙනවා. (නි)
කුහකකම තිබුනාට ප්‍රදර්ශනය කරන්න එපා. අපේ දෙයක් හරියනවිට සතුටුවෙන්න බැරි නිල්මිණි සහ සෑම් වගේ අය නිසා තමයි අපේ රටට හරියන්නේ නැත්තේ. ඔයාලා හරියන්නේ දේශපාලනයට මිසක් රටක් ගොඩනඟන්න නෙමෙයි. (නි)
මේවට අදහස් දාන බොහෝ දෙනා අතර දුරදිග නොපෙනෙන අය ඉන්න බව පෙනෙවා (නි)
අර ඉස්සර තිබුන ගල දැන් ඉවත් කරලද? (නි)
දැන් ඔය තියෙන්නේ ඕනෑතරම් වැඩ, වැඩක් නැහැ කිව්වට. (නි)
නිල්මිණි, ඕනෑම රටක වරායකට අලුත් නැවක් ආවහම එය අයත් සමාගම සමඟ එකතුවී පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීම සම්ප්‍රදායක්. මම එය කියන්නේ වගකීමෙන්. එහෙම පිළිගන්න එකම රට ලංකාව නෙමෙයි. එකම වෙනස ලංකාවේ හැමදේම වෙනස් විදියට කරන එක. (නි)
නැව් එන එක බොහොම හොඳයි. දවසට නැව් 10 ක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එන එන නැව පිළිගන්න උත්සව කරන්න නම් සුදානම් වෙන්න එපා. (නි)
මෙහි අදහස් පළකරන බොහෝ අය ප්‍රවෘත්තිය හරියට කියවන්නේ නැතුව හිතේ තිබෙන දේවල් වලට අදහස් පළකරනවා. උත්සවයට හේතුව නැව අලුත් යාත්‍රාවක් නිසා මිස හම්බන්තොටට ආ නිසා නොවෙයි. අනෙක් කාරණය නම්, වරාය ගැඹුර මදි කිවුවනේ ලොකු නැවු එන්න. එතකොට මේ නැව කවුරුහරි උස්සලා තිබ්බද? මිනිසුනේ, ඔයතරම් කුහක වෙන්න එපා. (නි)
දිනේෂ්... ඔබ හරි.... අපේ රටේ සමහර අය මෙලෝ හසරක් ලෝකේ ගැන දන්නේ නැහැ... තාම ඉන්නේ වැඩවසම් යුගයේ... චමල්... ලෝකේ හුගක් රටවල වාහනවල මෙහෙයුම් කරන්න වෙනම ටමිනල්ස් තියනවා.... අමතක කරන්න ඒපා අපේ ගුවන් තොටුපලට කොටි ගැහුවා වෙලාව... ඒ කාලේ අපිට තිබුන එකම වරාය පරිස්සම් කරගන්න කොච්චර මහන්සි වෙන්න වුනාද? අපේ රටේ ඉදල යන හැම නැවකටම කොච්චර රක්ෂණ ආවරණයක් ගෙවන්න වුනාද කියල දන්නවද? (බ)
තමරි හරි. කුහක ඇහෙන් බැලුවම ඔහොම වෙනවා (බ)
හම්බන්තොට වරායේ ශක්‍යතා වාර්තාව අනුව මේකේ ඉලක්ක වෙළඳපොල වෙන්න ඕන වරායට එන මේවගේ නැවු නෙමෙයි. වරාය අසලින් ජාත්‍යන්තර මුහුදු තීරයෙන් ගමන්ගන්නා වෙළඳ නාවුක යාත්‍රා සඳහා ඉන්ධන සැපයීම. එ්ක කරන්නෙත් නැව වරායට ගෙන්වාගෙන නෙමෙයි. අපේ ටැන්කර් නෞකා ඒ අසලට ගිහින්. මේ වගේ නැවු අමතර ආදායම් උපයන මාර්ග යටතට තමයි ගණන් ගන්නේ. අනික අපේ කොළඹ වරායෙන් අපි තවම 100% සම්පත් උපයෝගීතාවයක් කරන්නේ නැහැ. (බ)
වාරයක් වුනහම නැව් එන්න ඕනේ.නව රජයේ ක්‍රියාමාර්ග හින්ද දැන් නැව් එන්න පටන් ගනියි. (බ)
වරායට නැවක් එන එක ප්‍රවෘත්තියක් වෙලා..ඇයි? මේකට නැව් එන්නේ නැති නිසා.මේකට ඔය එන වාහන රැගත් නැව් වලින් බාන වාහන අරගෙන ආයිමත් ගොඩබිමින් කොළඹට යනවා. මේ නැව කොළඹ නවත්වන්න ඉඩ නෑ කියලා නෑනේ. (බ)
සිල්වා කොහෙද ඉන්නේ. අලුතෙන් සෑදූ ගුවන් තොටුපොළක් දියුණු නොකර වී ගබඩා කරන මානසිකත්වයක් තිබෙන නව රජයට ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගන්න තව ශතවර්ෂයක්වත් යාවි. (බ)
සුබ පැතුම්! (නි)
ඔය වාහන ඔක්කම කොළඹ සේල් වලට ආපුවා ප්‍රවාහනය කරනවා නම් .. ඔය නැව කෙලින්ම කොළඹ ගියේ නැත්තේ ඇයි? කොහොමහරි වාහනේ මිල කියක් හරි වැඩිවෙන්නේ අපිටම තමයි .(ම)
කොච්චර නැව් ආවත් ගියත් පාරවල් හිටින්නේ නැති එකනේ පුදුමේ. අපේ පරන්නොත් කියල තියනවනේ.(ම)
හරිම සතුටුයි. (නි)
නව රජයේ ක්‍රියාමාර්ග මොනාද දන්නේ නැහැ නේද? උද්දමනය වැඩි කරපු එකද ? (ම)
නොට් 19ක් කියන්නේ පැයට නාවික සැතපුම් 19කි. මෙම උත්සවයට කොපමණ මිලියන් ගානක් වැයවුණාද? අනෙක ඉතින් මේ වරායේ බලාගෙන ඉන්නේ නැවක් එනකම් උත්සවයක් ගන්න (ම)
වාහන ගෙනාවට සල්ලි කෝ වාහන ගන්න (ම)
"හාවා හඳ දකිනවා වගේ අවුරුද්දකටම එක නැවක් ඇවිල්ලා......!“ අනේද කියන්නේ කිව්වලු. (නි)
හොද ප්‍රවණතාවක් (ම)
ලංකාවේ දේශපාලකයෝ සහ මිනිස්සු කොයිතරම් කුහක විදියටද මේවා විස්තර කළේ? (නි)
නෞකා මුහුදින් එනකොට පාරවල් හිටින්නේ නැහැනේ. කවුරුවත් දන්නේ නැතුව නෞකා ඇවිදින් ගියාද දන්නේ නැහැ. (නි)
හිමාල්... ඕනෑම ව්‍යාපෘතියක් එක දවසින් අපට දියුණු කරන්න බැහැ... හැම දෙකටම කාලය යොදවන්න වෙනවා... වරායට නැවක් එන එක ප්‍රවෘත්තියක් වෙලා තියෙන්නේ හැමදේටම දේශපාලනයත් එකතුවෙලා නිසා... 1. කොළඹ වාරයේ ඉඩ නැතුවවත් එහි ගැඹුරවත් නොවෙයි ගැටලුව... අපේ මානසිකත්වය... පොඩ්ඩක් හිතන්න අපේ අසල්වැසි රට ඉන්දියාව... ප්‍රධාන වරායවල් 12ක් තියනවා... අපි අපේ රටේ තියන එකම අමතර වරයා ගැන කුලල් කා ගන්නවා. 2. හිමාල් දැන් ඔබට කියන්න පුළුවන් අපේ රට පොඩි රටක් ඉන්දියාව කියන්නේ විශාල රටක් කියලා. මගේ අදහස.... අපි දියුණුවෙන්න ඕන... එ්ක මොන රජය යටතේද කියන එක නෙමෙයි. දවසින් දවස ඉදිරියට යන්න ඕන...(බ)
සිරිමලී මේ ලෝකේ නෙවේද දන් නෑ ඉන්නේ. ඇයි වාහන මිල හොදට වැඩිකළේ. සිරිමලී බබෙක් වගේනේ (බ)
නැව් අාවම උත්සව තියන බව නොදත් අයත් ඉන්නවා දැන් (බ)
ටිකෙන් ටික මෙහෙම තමයි දියුණුවෙන්න ඕනෑ (නි)
ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ලංකාවට ගෙනෙන සියලු වාහන හම්බන්තොට වරායෙන් තමා ගොඩබාන්නේ. කොළඹ වරායට දැන් එන නැව් ප්‍රමාණය දරාගන්න බැහැ. ගොඩක් වෙලාවට වරායෙන් එළියේ නැව් දෙක තුනක් නවත්තලා තියනවා ඇතුළේ ඉඩක් ගන්න (නි)
කිසිම මගියෙක් ගන්නෙත් නැතුව, කිසිම මගියෙක් බහින්නේත් නැතුව "රෝටානා ජෙට්" ගුවන් යානය මත්තල හරහා යන්නේ මොකද? (නි)
ලංකාවේ සමහරක් ඇන්දුවට අපිව නම් අන්දන්න ටිකක් අමාරුයි. (නි)
හිමාල්, ඔබ කියන දේ තේරුම් ගන්න අමාරුයි (නි)
හිමාල්, ඔබ 100% නිවැරදියි. (නි)
ඔන්න දැන් මාගම්පුර වරායෙත් අගයක් ඇවිත්.(හේ)
හම්බන්තොට වරාය නරක ආයෝජනයක් නොවේ. වැරැද්ද වුණේ සම්පුර්ණයෙන් හාරලා ගල් කඩල ඉවර කරන්න කලින් වතුර පුරෝපු එක පදවි ප්‍රාප්තියට. ඒ වුණත් කොළඹ වරායේ බිස්නේස් එහෙ ගෙනිහිල්ල රටට වැඩක් නැ. එහෙන් අලුතෙන් බිස්නේස් හොයා ගන්න ඕනේ. (ම)
නිල්මිණීට වැරදිලා. පළමුවරට එන නැව් පිළිගැනීම වරායන් වල සම්ප්‍රදායක්. (නි)
ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය කිරීමට නොහැකිවීමට හේතුව ජනතාව ගොනාට අන්දා මහා පරිමාණයෙන් මහජන මුදල් සුක්ෂම ලෙස සොරාගැනීමට සමහරු පෙළඹී සිටීමයි (නි)
අපේ මිනිස්සු හැමදේම වැරදි විදියට බලන්නේ......හැම නැවක්ම කොළඹටම එන්න ඕනෙද ....හම්බන්තොට මිනිස්ස්සු වාහන ගන් නැද්ද ...මේ වගේ නැවක් අපේ රටට එනකොට අපි එක සාදරයෙන් පිළිගන්න ඕන එකේ කිසි වරදක් නැත ... ලංකාවට එන අයට සංග්‍රහයක් දෙන්න ඕනේ ....මෙතන තියෙන තවත් දෙයක් ,,,,, පසුගිය රජයෙන් මේ වගේ වරායවල් හදල අපේ රටට විදෙස අදායම ලබා ගන්න මාර්ගයක් හදල දුන් එක අගේ කරන්න වටිනවා ...මේව ඉදිරියට තවත් දියුණු වෙන්න කියා ප්‍රර්ථනා කරනවා ...(බ)
ඔය එන්නේ එන්නෑ කියපු නැව්. (ර)
තිලක් ඩුබායි යුද්ධ කාලේ කිව්වේ අපේ හමුදාවන් මැදවච්චියට සහ පාමන්කඩට ගිය හැටි වෙන්න ඇති. ඒ නිසා තමයි අද හම්බන්තොට වරායට යම්කිසි දියුණුවක් වෙනවාට අකමැත්ත. (භ)
කඩන්න බෑ කිවු ගල් කවුද දන්නෑ ඉවත් කළේ (බ)
තිලක් ඩුබායි රෝටානා ජෙට් සේවය ලංකාවේ ගුවන් සීමාව හරහා යෑම නිසා පමණක් ඔවුන් ලංකාවට මුදලක් ගෙවනවා. මත්තල ගුවන් අවකාශය දැනටමත් ලංකාවට වියදමක් නොයන ආදායමක් ගෙන දෙන බව අපට දැනගන්නට සැලස්සුවාට ඔබට බොහොම ස්තුතියි. (බ)
ලංකාවේ වගේ කුහක මිනිස්සු ඉන්න රටක් වෙන නැතුව ඇති.අපේම රටේ අපේ දෙයක් බාල්දු කරන එකම රට අපි වෙන්න ඇති.ඒ වුනාට කට ඇරියොත් අපි සිංහ ලේ .(කෞ) .
මේකේ තියෙන කමන්ටස් දැක්කම දුක හිතෙනවා....කොච්චර නුගත් පටු අදහස් තියෙන මිිනිසුන්ද අපෙ රටේ ඉන්නේ කියලා..මෙතන ඉන්න අය කිදෙනෙක් වාරයාකට ගිහිල්ල තියෙනවද...(කෞ)
කුහක මිනිස්සු පිරිලා. අනුන්ගේ දියුණුවේදී ඊරිසිය කරන්නේ ඒ වගේ කට්ටිය . (කෞ)
මේ නැව විතරක් නෙවෙයි මාසෙකට කිපයක් කොහොමත් ආවා නැති නම් ලංකාවට පහුගිය කාලෙ ආව වාහන ආවෙ කොළඹින් වෙයිනෙ වාහන ප්‍රති අපනයනටත් මේ වරායට ගොඩ බානවා කැමති කෙනකුට ඇවිත් බලන්න පුලුවන් නැවක් එනකම් බලා ඉදල උත්සව ගන්නව නෙවෙයි වරායකට වගේම ගුවන් තොටකට වුනත් විශේෂ යානා නැව් ආවිට කුඩා සැමරුමක් කරනවා මතක නැතිද කොළඹට පොත් නැව ආව වෙලාව. (බ)
වී ගෝනි ටික අයින් කලාද? (ර)