මාගම්පුර වරායට අද (04) වාහන රැගත් නැව් 6 ක් පැමිණ බව මාගම්පුර වරාය සාමාන්‍යධිකාරී නෝමන් වීරරත්න මහතා පවසයි.
වරායේ නැව් දෙකකින් නිතරම වාහන ගොඩබෑම සිදුකරන අතර වරායට පැමිණීම සඳහා නැව් හතරක් වරායට පිටත නංගුරම් ලා තිබෙන බවද වීරත්න මහතා කියයි.
මෙම සියළුම නැව්වල මෙරට පරිහරණයට සහ ප්‍රතිඅපනයනට වාහන රැගෙන පැමිණ තිබෙන බවද සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර තියනවා කියපු ලොකු ගල? (නි)
තිලක්-ඩුබායි කියල කිව්වට ඩුබායිවල ඉන්න කෙනෙක් වෙන්න බෑ. මොකද අපි ඩුබායි වල නව ගුවන් තොටුපලක් හදනවා ප්‍රකෝටි ගණන් වියදම. එ්ක හදන්නේ තව අවුරුදු 20 කින් එන ට්‍රැෆික් එකට මුහුණ දෙන්න. ලංකාවේ අයත් එ්කේ කන්ස්ට්‍රක්ෂන් වැඩකරනවා . දැන් ඒකෙ මුල් අදියර හදල ඉවරයි. නමුත් එහෙ කවුරුවත් කැගහන්නේ නෑ ඒකෙ ප්ලේන් බාන්නේ ටිකයි කියල. (නදී)
මේවට හැමෝම නිශ්ශබ්දයි.ඕකට තමා කුහකකම කියන්නේ.ජය ජය වේ. (නි)
ජය ශ්‍රී! ඔහොම යමු (නි)
1988 ලලිත් ඇතුලත්මුදලි මහත්තය ඇදපු කොළඹ නැව් තටාකයට නියම වටිනාකම ආවේ එය හදල අවුරුදු 12ක් විතර ගියාම. මාගම්පුරටත් මේය අදාලයි. බොරුවට නැව් එන්නේ නැති වරායවල් හැදුව කිය කියා අර්ජුන හොරෙන්ම මෙහි දෙවන අදියරට වතුර පුරවා ගත්තෙ ඇයි එහෙනම් තවත් වියදම් කරලා. දැන් වත් අපි රට බේරාගත් සහ රට සංවර්දනය කල හිටපු නායකයට ගෞරව නොකර අපහාස කරන අයගේ පැටිකිරිය සොයා බලන්න. ඔය විවේචන පමණක් කරන අය රටට මොනවාද කරලා තියෙන්නේ කියලත් හිතන්න. (නදී)
එක රැයින් සිහින ඉටුනොවේ.අනාගතයේදී මෙය රටේ ප්‍රධානම දියුණු සංධිස්ථානයක් වෙයි (නි)
තිලක්,යමක් ලියන්න කලින් තමන්ගේ ඔය ඉස්සරහ තිබෙන පරිගණකය අවශ්‍ය කරුණු හොයන්න පාවිච්චි කරන්න. ඒක තියෙන්නේ මඩ ගහන්නම නෙමෙයි. ලෝකේ පෙරදිග සහ අපරදිග යාකරන ප්‍රධාන නැව් මාර්ගය, එහෙම නැත්නම් ඇමරිකානුවෝ කියන විදියට තම බලආධිපත්‍ය ඉදිරි සියවසයේ රඳවා ගතයුතුම ඉන්දියන් සාගරයේ වෙළඳ මාර්ගය තියෙන්නේ ඔය වරාය ඉදිරියෙන්. මේ වරාය අනිවාර්යෙන්ම ප්‍රතිඅපනයනයන් සහ නැව් සඳහා තෙල් සැපයීම (බංකරින් ) වෙනුවෙන් ලෝකේ හොඳම වරාය කළහැකියි. ඒ සඳහා අවශ්‍ය හොඳ ව්‍යාපාරික සැළැස්මක් නිර්මාණය කළයුතුයි. ඔබ වැනි අය මෙරටින් බැහැරව සිටින එක ගැන අප්‍රමාණව සතුටු වෙමි (නි)
නුවන්ගේ කතාව හරි. දේශපාලකයෝ සහ ආණ්ඩු මාරු උනාට ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැති රටකුයි හදන්න ඕනේ (නදී)
කොලඹින් බාන්ඩ පුළුවන් වාහන, හම්බන්තොටින් බාලා, අධිවේගී මාර්ගයෙන් කොලඹට එනවා... අනේ වාසනාවන්...!(නදී)
රුපියල් කෝටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා,මුළු අනාගතයම විකුණලා හදපු වරයට හාවා හඳ දකිනවා වගේ නැවක් ඇවිත් වැඩක් තිබෙනවද? (බ)
අනාගතය දකින්න බැරි මෝඩයෝ නම් මේවට බනිනවා (නි)
තිලක් වගේ මෝඩයන්ට උත්තර දීමෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ (නි)
ඔය වරායට නැව් එන්නේ නැහැ කියලා නේද කලින් කිවුවේ? ඔය එන්නේ කඩදාසි බෝට්ටු වෙන්න ඇති. (නි)
මේ වරායට එන්නෙම වාහන පටවපු නැව් විතරමද? කලින් මේවා බාන්න ප්‍රමාදවුණා කියලා හරවාගෙන ගියාද කොළඹ වරායේ බාන්නේ නැතුව? නැත්නම් මිරිස්ස ධීවර වරයේද මේවා ගොඩබෑවේ කලින්? (නි)
නැව් පට ගාලා එන්නෙ නැහැ. ඒකට කාලයක් යනවා. මේ වරාය අපිට සම්පතක් අනාගතයේ. (නි)
අම්මෝ! කාලෙකින් නැවක් ඇවිල්ලා... (නි)
ටික ටික තමයි කොයිදේත් දියුණුවෙන්නේ (නි)
මෙරටට දැක්මක් ඇතිව පහල වූ එකම ජනාධිපතිතුමා මහින්ද යි. අනික් හැමෝම එදා වේල ටුවර්ස් ජනාධිපතිලා. වැඩකරන්න දන්නේ නැහැ. කයිවාරුව විතරයි පුළුවන්. ඔබගේ දැක්ම කවදා හෝ මල් පල ගැන්වෙනවා. ඔබතුමාට නිරෝගී සුව. ජයවේවා.(නදී)
ලංකාවට නව තෙල් පිරිපහදුවක අවශ්‍යතාවය තදින් දැනී තිබෙන මොහොතක තෙල් පිරිපහදුවක් හදන්නේ නැත්තේ මොකද?(ම)
තිලක් - ඩුබායි, මේ වෙබ් අඩවියට ගිහින් බලන්න කොච්චර නැව් එනවද කියලා. https://www.marinetraffic.com/ www.marinetraffic.org/ (නි)
සුබ පැතුම්! (නි)
තිලක්, මම මහින්දවාදියෙක් නෙමෙයි. ඒත් වරායක් හදපු ගමන් නැව් එන්නේ නැහැ (නි)
නිමල්, ඔබ හරි.ඔය ටික නොතේරෙන "අය ඉන්න රටක දේශපාලකයන්ට මොනවද කරන්න බැරි? මොනවද කියන්න බැරි? (නි)
නැව් 6 ක් අැවිත්. ඉතා හොඳයි. තව වසර 5 ක් 10 ක් යන විට උපරිම ක්‍රියාකාරිත්වයට පත්වේවි. කොහොමත් වාරායක් කියන්නේ තේ කඩයක් නෙමෙයිනේ, අැරපු දවසේ ඉදන් කස්ටමර්ස්ලා එන්න. ටික ටික ප්‍රවර්ධනය විය යුතුයි. මේ ටික තේරුම් ගන්න බැරි බත් කන හරක්ට එ්ක කියලා වැඩක් නැහැ (නදී).
මහින්ද රුපියල් කෝටි ලක්ෂ 12 කට වත්කම් කියන්නේ නැව් එන්නේ නැති වරායවල් හදලා,ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළවල් හදලා,ක්‍රීඩා නොකරන පිට්ටනි හදලා,රත්තරන් දිය කරලා වගේ හදපු අධිවේගී මාර්ග හදලයි.අපේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද? (නි)
තිලක්ගේ අදහසට සම්පුර්ණ එකඟයි. මේක හරියට කෝටි ගණනක් වියදම් කරලා දාපු සුපර් මාර්කට් එකකට මාසෙකට වතාවක් ටොපියක් චුයිගම් එකක් ගන්න කොල්ලෙක් දෙන්නෙක් එනවා වගේ දෙයක්. (නදී)
තිලක් - ඔය දන්නවද ලංකාව 1950 හම්බන්තොට වරාය හැදුවනම් අද සිංගප්පුරුවක් නැහැ කියලා ලී ක්වාන් යූ ලියල තියෙන බව. දැනුත් ප්‍රමාද නෑ දැක්මක් තියෙන පාලකයෙක්ට (නදී)
අදිෂා, ලංකාවේ හයහතර නොදත් අයට මම කියන දේ තේරුම් ගන්න බරපතල වැඩියි කියලා දන්නවා.ඒ නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. (නි)
මැරුන සෞදි රජා ලෝකයේ ධන කුවේරයන් අතර ඉදිරියෙන් ඉන්නේ ලෝකෙටම තෙල් විකුණලා. අපේ අය ලෝකයේ ධන කුවේරයන් ඉදිරියේත්, ඊටත් වඩා ඉදිරියෙන්ම ඉන්නේ ලෝකෙට මොනවා විකුනලද ? (නදී)
කසාදයක් බැන්ද පමණින් ළමයි හම්බවෙන්නේ නැහැ (නදී)
තිලක් වගේ මෝඩයෝ ඩුබායි වලටමයි හොඳ (නි)
තිලක් නිකන් මෝඩ විදියට කතා කරන්නෙපා, වරාය වියාපෘතියක් කියන්නේ දීර්ග කාලීන සංවර්දන වියාපෘතියක් එ්කෙං අද හදල හෙට ලාබ ගන්න බැහැ (නදී)
සමහර මිනිස්සුන්ට මොන වැඩේ කරත් පේන්නේනේ ඇදයක්. එහෙම කරලා මෙලෝ වැඩක් නොකරපු කෙනෙක් කර ගහගෙන යනවා (නදී)
තිලක්,ඕකට තමයි කුහකකම කියන්නේ (නි)
මහින්ද අපේ ජනපති දිනේවා, කාන්තාරෙට දිය පොදක් වගේ , නැව් හයක්ම එක පාර ආවා, දැන් වත් ටොයියන්ට ඇස් ඇරේවා. අපේ රට දිනු ජනපති මහින්ද රජතුමා දිනේවා !.(නදී)
ඔය එන්නේ බස්ද? (නි)
ග්‍රීසීයයි ලංකාවයි එකම මට්ටමට ණයවෙලා ඉන්නේ. හම්බන්තොටට වාහන නැව් යන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
යු.එන්.පි. රජයක් තුළින් වරාය නග්ගලා ගනියි. මොකද ලෝකෙත් එක්ක වැඩ කරන්න පුළුවන් ඒගොල්ලන්ට. රටේ සංවර්ධනය රනිල් මහත්තයා අකුරටම කරයි. (නි)
කටුනායකට එන්න එපා කියලා මොකක්හරි නීතියක් දැම්මා නම් මත්තලටත් ගුවන්යානා එයි (නි)
තිලක් හාවාා හඳ දකිනවා වගේද දවසට නැව් හයක් එනවා කියන්නේ ...? (නි)
තිලක්-ඩුබායි ලියන ඒවා කියවන්න කම්මැලියි. වෙන මොනවාහරි අලුත් දෙයක් ලියනවද? (නි)
අද හෙට ගැන විතරක් හිතන්න එපා. මේවා තව පරම්පරා ගණනාවක් පවතින්න ඕනේ. අපේ දරු මල්ලොන්ගෙ දරුවොන්ටත් මෙවා ඉතුරු වෙන්න ඕනි. නැව්, ගුවන් යානා ආවේ නැහැ කියල තල කුරහන් වේලලා හරියන්නේ නෑ. (නදී)
මෙහි 2 වන අදියරට හොරෙන් වතුර පුරවපු අර්ජුන මහත්තයා මේකේ තිබුන ගල කඩන් කෑවද දන්නේ නැහැ නේද ? (නදී)
මෝඩ තිලක්, ලෝකයේම වරායවල් හදපු හැටියේ නැව් එන්නේ නැති බව නාවුක ගමනාගමනය ගැන දන්නා අය දන්නවා. ඉදිරියේදී වාහන නැව් පමණක් නෙමෙයි තෙල්, වතුර සහ වෙනත් අවශ්‍ය දේවල් ගන්නත් ඕනෑතරම් නැව් ඒවි. ඒ මේ වරාය මුහුදු මාර්ගයට ඉතා සමීපවම පිහිටි නිසා. දේශපාලනය නිසා මෝඩවෙන්න එපා. (නි)
තිලක් ඩුබායි ලොකු කම් කියන්නේ රට හින්ද වෙන්නැති. යහලුවනේ අහල නැද්ද දාහක් නුවනක්කාරයෝ එක්ක දිනුවත් එක මෝඩයෙක් එක්ක බෑ කියල? ඒ හින්ද ඔයාලගේ වටිනා කාලය මරන්න එපා තිලක් අන්තවාදී මොඩයා වෙනුවෙන් (නදී)
තිලක්-ඩුබායි, ගිය අවුරුද්දේ බිලියන 5 ඉක්මවලා ආදායම. ඒ හාබර් එකේ 15%ක් වැඩ අවසන්වෙලා. ඉඳලා හිටලද නැව් එන්නෙ කියලා ඩුබායි ඉඳන් අංජනම් අරින්නෙ නැතුව මෙහේ මනුස්සයෙක්ගෙන් අහලා බලන්න (නි)
වරාය හදපු ගමන් හරක් ගාලට එකතුවෙනවා වගේ එක පිට එක නැව් එන්න මේක ලෝකේ තියෙන එකම වරාය නෙමෙයි. කොළඹ වරාය හදපු මුල් කාලයෙත් මෙහෙම තමයි. කොයි වරායක් වුණත්, ගුවන් තොටුපොළක් වුණත් මෙහෙම තමයි. බිස්නස් එකක් වුණත් එහෙම තමයි. කාලයක් යනවා ස්ථාවර වෙන්න. එදා කොළඹ වරාය හැදුවහමත්, තිලක් වැනි අය ඒවට බනින්න ඇති දේශපාලන පක්ෂ බදාගෙන. (නි)
දැන් සමහරුන්ට දුක ඇති (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් ....ඡන්දේ ළං වෙනකොට නැව් ඇවිත් ...(බ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් .....ඡන්දේ ළං වෙනකොට නැව් ඇවිත් (බ)
ප්‍රශ්නයකට තියෙන්නේ හම්බන්තොට වරායට නැව් නොයන එකත් මත්තලට ගුවන්යානා නොයන එකත් නෙමෙයි. එතැන් සිට ප්‍රධාන නගරවලට ඇති ගමනාගමන පහසුකම් සදහා වන බර පැන හා කාලය කෙතරම් දුරට බලපානවද යන්න එකයි. (නදී)
මේ නැවු එන්නේ කොලඹ වරායට වාහන රැගත් නැව් (වෙහිකල් කැරියර්ස්) බාර නොගන්න නිසා... මේක හරියට මුදලාලි එකම ටවුමේ තිබුනු කඩේට අමතරව තව කඩයක් ඇරලා පරන කඩේට එන ගනුදෙනුකරුවන්ව අලුත් එකට හරවලා යවල දැන් අලුතින් ඇරපු සාප්පුවටත් මාර බිස්නස් කියනවා වගේ වැඩක්..(නදී)
කොහොම කිව්වත් රටට නැව් එන එක හොඳයි. හම්බන්තොටට නැව් එන්නේ කොළඹ ඒවා බාරගන්නේ නැති නිසයි. එක අතකට එ්ක හොඳයි. මාර්ග තදබදය අඩුවෙනවා අගනුවර. එ්ත් මේ වාහන අායෙමත් කොළඹ ගෙනෙන එක තේරුමක් නැති වැඩක්. එ්කෙන් වෙන්නේ තවත් කීපයකින් මිල වැඩිවෙන එකයි. අන්තිමට එ්ක ගෙවන්නෙත් අපිම තමයි. රටින් පිට ඉන්න අපිට නම් ලෝකෙටම ඇහෙන්න කට ඇරලා කියන්න පුළුවන් අපේ රටට හොඳ වරායවල් තියෙනවා කියලා.(නදී)
මේ නැව් එන්නේ කොළඹ වරායට වාහන රැගත් නැව් බාරනොගන්නා නිසාද? (නි)
ඔය හදන පාරවල්, වරායවල්,ගුවන් තොටූපළවල් සහ අනෙකුත් දේවල් වලට පාලනය කරන අයගේ නම දැමීම හරිම කැතයි නේද? මහජනයාගේ සල්ලිනේ මේ. (නි)
මෙතන කතා කරන්නෙ නැව් ඒම ගැන පමණයි. හැම මාසෙකම මෙතනට නැව් එන්නෙ නැහැ කියන්නෙ දේශපාලුවො. ලංකාවට ගෙන්වන වාහන ගොඩබාන්නෙ මෙතන ඒවා තමයි අපිට දකුණේ සිට කොළඹට තියෙන පාරවල විශාල කැරියර් වල පටවලා ගෙනෙනවා පේන්නෙ හැමදාම. විශේෂයෙන් අධිවේගී මාර්ගයේ. අනික වෙනත් රටවලට යන වාහන මෙතන බාලා මේ ළඟින් යන නැව් වල ප්‍රතිඅපනයනය කිරීම ප්‍රධාන කාර්යක්. අනිත් දේ තමයි මේ මාර්ගයෙ යන නැව්වලට තෙල් සහ අවශ්‍ය පහසුකම් සැපයීමේ ව්‍යාපාරය මේ සියල්ලම හැමදාම ක්‍රීයාත්මකයි. මම මේ අසළ නිතර දකිනදේයි ලියන්නෙ. සිල්ලර කඩයක්වත් දාපුගමන් 100% ද ලාබ ලබන්නේ නැහැ. මේ වරාය හා ගුවන්තොට අවට වාණිජ අපනයන කර්මාන්ත ඇති නගරයක් සැළසුම් කර ඇත්තේ. මේවා රට අනාගත පරපුර ගැන සිතා ඉදිරියට ගෙනයාමයි කළයුත්තේ. (නි)
තිලක්-ඩුබායි, එහෙම වරායකින් වැඩක් තියෙනවා කියන සමහර අය ලංකාවේ ඉන්න එකනේ වැඩේ!! (නි)
ඇයි වාහන නැව් විතරක් මෙතනට එන්නේ? (නි)
ඕනෑම ව්‍යාපාරයක් පටන්ගත්ත ගමන් දියුණුවෙන්නේ නැහැ වගේ, අලුත් වරායක් පටන්ගත්ත ගමන් ලාබ ලබන්නේ නැහැ. මේ අසන ප්‍රවෘත්තිය හොද ධනාත්මක ප්‍රවණතාවක්. යු.එන්.පී. කට්ටිය මේවා ධනාත්මකව දකින්නේ නැත්තේ ඇයි. (නි)
අර්ජුන ඇමතිතුමා මොනවා කියාවිද දන්නේ නැහැ දැන්. (නි)
හරිම සතුටුයි. දැන් ටික ටික එය දියුණුවෙනවා (නි)
මේ සමහර මිනිසුන්ට නැව් ආවත් වැරදියි, නාවත් වැරදියි (නි)
අපරාදේ මේවත් මේ දවස්වලම ආවනේ....? නැව් එන්නේ නැති වරායවල් හදලා මහින්ද මහත්තය කරපු මෝඩකම් ගැන පුරසාරම් දොඩවපු උදවිය මහජනයට බොරුකාරයෝ වෙනවනේ. (නි)
නැව් 6ක් ඇවිල්ලා තියෙන්නේ. එක නැවක් නෙමෙයි. නැව්, ගුවන්යානා නාවත්, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 2ක් සහ වරායවල් 2ක් තිබෙන එක අපේ රටේ ආරක්ෂාව පැත්තෙන් ඉතාම හොඳයි. හදිසියේ කටුනායකට හා කොළඹට ත්‍රස්ත/විදේශික ප්‍රහාරයක් එල්ල වුණොත්, මත්තල ගුවන්තොටත් මාගම්පුර වරායත් පාවිච්චි කරන්න පුළුවන්. මොන රජයක් ආවත් රටට යහපතක් වෙන හොඳ දේ තේරුම් අරගෙන ඉදිරියට කරගෙන යන එක තමයි වටින්නේ. (නි)
ඩොලර් කෝටි ගණනක් වියදම් කරලා , කතරගම යන පාරත් හරවලා, හම්බන්තොටින් බාගයකුත් වහලා හදපු වරායට එකවර බඩු බාන්න පුළුවන් නැව් දෙකකට විතරද? මේ දෙක බඩු බාලා අවසන්වෙනතුරු අනෙත් නැව් දෙක දියබට වෙලා බලාගෙන ඉන්න ඕනෑද? මේ වරායද ඉදිරියේදී සිංගප්පුරු වරායට අභියෝගයක් වෙනවා කියන්නේ? (නි)
අනේ පවු තිලක්... (නි)
ස්වීම් පුල් එකකට කඩදාසි බෝට්ටු දල වෙන්න ඇති මගේ හිතේ, අර කලින් මේ වරායට නැව් එන්නේ නෑ කියල කියපු කට්ටිය. (නදී)