(රංජන් කස්තුරි)
රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍රය අනුව ගෙන්විය හැකි වාහනවල උපරිම මිල සීමාව මෙවර අය වැයෙන් ඉවත් කර තිබේ.
එ අනුව වාහනයක් හිමි රාජ්‍ය නිලධාරීන්ට ඕනෑම වටිනාකමකින් යුත් අති සුඛෝපබෝගි වාහනයක් ආනයනය කළ හැකිය. එහෙත් එම නිලධාරීන්ට වාහන ආනයනයේදී ලබාදෙන උපරිම බදු සීමාව රුපියල් මිලියන තුනකට සීමා කර තිබේ.
මීට ඉහත රාජ්‍ය නිලධාරීන්ගේ බලපත්‍ර මත ගෙන්වන වාහන වසර පහක් යන තුරු වෙනත් පාර්ශ්වයකට පැවරිය නොහැකි වූ නමුත් මෙවර අයවැයෙන් එම නීතිය ඉවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගෙවන පෞද්ගලික සේවකයින්ට කිසිම දෙයක් නැහැ. වාහනයක් ගන්න තිබුණු බදුත් වැඩි කරලා. අඩුම ගානේ සේවයට ඉක්මණින් තැලෙන්නේ, මිරිකෙන්නේ නැතිව යා හැකි පොදු ප්‍රවාහන පද්ධතියක් වත් ඇති කරන්න. අපි ගෙවන බදු මුදල්වලින් මේ මහබැංකු හොරුන්ට පුළුවන්ද?
වෛද්‍යවරුන්ට යහපත් කාලයක් ලැබුවා.
දුක යනු ආනයන අධෛර්මත් වෙන විදිහට ආණ්ඩුවේ සත පහක උදව්වක් අඩුම තරමින් ණයකින් වත් ගන්නේ නැතුව අපිම අවදානම අරන් නිෂ්පාදන සමාගම් හදලා, සේවකයන්ට රස්සා දීලා, විදේශ විනිමය රටට ගෙනල්ලා, ආදායම් බදු ගෙවලා කටයුතු කරන දේශීය ව්‍යාපාරිකයන්ටත් සමාගම් බද්ද 14%ක් කර කෙළවීමයි. වෙන එකක් තියා හරිහමන් වාහනයක් ගන්ඩත් නෑ ඒවටත් අහස උසට බදු ගහලා. දේශීය නිෂ්පාදකයන්ට සලකන්ඩ ඕනි ඔහොම තමයි. අපිට මෙහෙම කරලා මදි. මේ රටට සම්මා සම්බුදු සරණයි.
පුටු රත්කරන රජයේ නිලධාරීන්ට, චැනල් වලින් කෝටි ගණන් හොයන දොස්තරලාට වාහන බලපත්‍ර, අවුරුදු 25 ක් තිස්සේ මැදපෙරදිග කට්ට කාලා රටට විදේශ විනිමය එවන අපිට හුලන් විතරයි, මේ අසාධාරණයට කතාකරන්න කවුරුවත් නැද්ද?
දැනට දශක කිහිපයක්ම විවධ බලපෑම් මත අදක්ෂ කම්මැලි රජයේ සේවකයින් තොගයක් ම රජයේ සේවය ට ඇතුල් වෙලා.මොන පහසුකම් දුන්නත් කිසි වැඩක් නැහැ.අර 225 අතර වගේමයි.
දැන් නම් යස අගේට වාහන ගෙන්නලා විකුණා ගන්න පුළුවන්. දේශපාලුවන්ට සල්ලි හොයන්න තවත් ක්‍රමයක්. මංගල මොළ කාරය.
ප්‍රාඩෝ මොන්ටෙරෝ වැනි අති සුඛෝපභෝගී වාහනවලට අති විශාලා බදු පනවලා. සාමාන්‍ය ජනතාව හිතයි හොඳ වැඩේ කියල. ඒත් යථාර්ථය නම් මෙවැනි සුඛෝපභෝගී වාහන ගෙන්වීමට බලපත්‍ර හිමි දේශපාලකයින්ට එම බලපත්‍ර අතිවිශාල මුදලකට විකුණාගෙන මුදල් ඉපයීමට අවස්ථාවක් සළසා දී තිබීම තමයි.
ඔය කවුරුත් බය වෙන්න එපාග කොච්චර වටිනා වාහනයක් ගෙනාවත් බද්ද නිදහස් වෙන්නේ රැ.මි 3යි. ඒ කියන්නේ ඉතිරි සියල්ල රජයේ සේවකයා ගෙවන්න ඕන. ඉතිං මේ හම්ිබන සොච්චම් පඩියෙන් ඒ තරම් ඉතුරුවක් කරන්න මේ රටේ ඉන්න රජයේ සේවකයට බෑ (දොස්තරල හැර) කියන එක සක් සුදක් සේ පැහැදිලි. මේවා මිනිස්සු අන්දන්න හිත සනසන්න ගහපු ගැට ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා අයවැය කියන්නේ අල්ලන්න බැරි මිරිගුවක් විතරයි
මැද පෙරදිග රට වල දුක් විඳලා සල්ලි ලංකාවට එවන අපි වගේ අයටත් වාහන සහනයක් දෙන්න මහත්වරුනි. අපිද ශ්‍රී ලාංකිකයෝය.
මෙතන බොරුවක් කරලා තියෙන්නේ. සීමාව නැති කරාට කලින් තිබ්බු බදු වාසියත් මිලියන තුනට අඩු කරලා. වටිනා වාහන ගෙන්නුවට වැඩක් නෑ.
සිහිකල්පනාවෙන් කියවල හිටන් අදහස් දක්වල තියෙන්නේ ගයාන් විතරයි වගේ.යන්නේ කොහෙද, මල්ලේ පොල්.නුවණ පාවිච්චි කරලා ඡන්දයෙන් කරන්න පුළුවන් දේ නොකර, දුක් ගනිවිලි කියනවා. .පර්මිට් වලින් වටිනාකම වැඩි වාහන ගෙන්නන්නේ කවුද මිලියන තුනකට සීමාව දැම්මම?