
(අංජුල මහික වීරරත්න)
ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.
ස්ථාවර නියෝග අංක 16 යටතේ අගමැතිනියට ලැබුණු බලතල අනුව මෙම කැඳවීම කරන ලෙසද රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.
"පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ගංවතුර ගැලීම් හා නායයාම් නිසා රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත හානි වගේම දේපල හානි සිදු විය.
ඒ වගේම ජලාශ, ගංගා, වැව් අමුණු, ඇලවේලි ඇතුළු අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි, ධීවර, කර්මාන්ත, ස්වයංරැකියා, සංචාරක, ආනයන-අපනයන, සේවා සහ ව්‍යාපාර ඇතුලු සියලුම ක්ෂේත්රයන්ට අදාළව හානි, බලපෑම් සහ විනාශයන් සිදුවිය. මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතල හානි සිදුවිය. එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකිව ඇත.
මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් අප ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතුය. දැනටමත් අප ප්‍රායෝගිකව ඒ සඳහා මැදිහත්ව සිටින අතර, ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව විධිමත්ව මීට වඩා මැදිහත් විය යුතු බවට අපගේ විශ්වාසයයි.
ඒ අනුව, ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන්, පක්ෂයක් ලෙස අප ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු"යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා අගමැතිනියට යැවූ ලිපියේ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු බලතල වලට මුවාවෙලා මුන්ට බොරු කියන්න පුළුවන්නේ ඒකයි
ඔය කැඳවන්න කියන්නේ විපතට පත් අයට ඇති කරුණාවෙන් නෙවෙයි. ආණ්ඩුවට ගහන්න. ගහලා ලකුණු දාගන්න පුලුවන්ද බලන්න. ආණ්ඩුව දැන් මදි නොකියන්න විපතට පත් වුනු ජනතාවට මදි නොකියන්න උදව් කරනවා. ආයේ මුන්ගෙ උපදෙස් ගන්න මොන ලබ්බක්වත් ඉතුරු කරල නෑ.
තාත්තා සුනාමි සල්ලි ගැහුවා වගේ, රජයෙන් ප්‍රතිපාදන අරගෙන මාටියා ගහන්න වගේ හදන්නේ. නැත්නම් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කෑ ගහනවාට වැඩිය , ආපදා ප්‍රදේශවලට ගිහින් වැඩ කරන්න. අනිත එක පාර්ලිමේන්තු තියෙන දවස්වල හනුමා වගේ ආවිලා මොනවහරි කියවලා දුවනවා.
කවුරු කියලද හිතාගෙන ඉන්නේ දන්නෑ. ලාමක ටිං ටිංලට මොනවද කරන්න පුළුවන් !!! !!!
දවස් දෙක තුනකට ඉහත දී මට මතකයි නාමල් කිව්වා පාර්ලිමේන්තුව වහලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට තම තමන්ගේ පළාත් වලට යවන්න කියලා ජනතාවට උදව් කරන්න කියලා මොනවා කියවනවාද මන්දා මේකා කියන්නේ මොනවාද කියලා ඔහුටම තේරෙන්නේ නෑ
රටට කුමන හෝ අනර්ථයක් කරන්නමයි මේ ගොල්ලො දත කන්නෙම. මහ කැතම කැත සත්තු කොටසක්.
පල් හොරු ටික රට කාපු, බාප්පා ඉන්නේ නැති රට හදන්න.
හෙල්පින් හම්බන්තොට වගේ ගේමක් ගහන්න බැරි හිතේ අමාරුව තියෙන්නේ..., එහෙම නැතුව පාර්ලිමේන්තුව කැදවලා මෙයාට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා ඕන කෙනෙකුට තේරෙනවා... මෙයාට තේරුනේ නැතුවාට...
දැනටමත් ආණ්ඩුව විපතට පත්වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය කඩිනම් පියවර අරගෙන ඉන්නේ.. බොරුවට පාර්ලිමේන්තුව රැස්කරලා මහජන මුදල් නාස්ති කරන්න ඕනැ නැ. ජනතාව දන්නවා හෙල්පින් හම්බන්තොට සුනාමි අරමුදලට ෂොට් එක දිලා තමන්ගේ පවුලේ අයට ඡන්ද දුන් ජනතාව කළ පරදාරය
මං වගේම මාලිමා හිඟන්නු ගෙඩාක් දේවල් ලියා ඇත. එව්වා මාරම මාරය.
දැන් මේ ඩෝබිල කියන විදිහට නාමල්ටයි සජිත්ටයි කිසිම දෙයක් කියන්න බෑ. පොල් ලෙලි 159 ට ඉබේ පාවෙන්නෙ දෙන්න.
ආහ් රයිට් සර්
සුනාමි හොරකම ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව අවශ්‍ය නැහැ. ළගම පොලිසියට ගිහිල්ලා පාපොච්චාරණයක් කරන්න.
මේ සැරේ සුනාමියෙන් වගේ ගහන්න බෑනේ....
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරාගෙන කාපු ජනතාව එළවළාම දාපු, ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු හොර පෙරකදෝරුවා කියන විදියට වැඩ කරන්නේ අහවල් දේකටද? සාටකයෝ, දූෂිතයෝ, ආර්ථික ඝාතකයෝ, පට්ට හොරු, මිනීමරුවෝ, බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ කියලා ලෝකෙම දන්නවා.
උඹ කවුද මිනිහෝ පාර්ලිමෙන්තුව කැදවන්න කියන්න උඹට රටේ කවුරුවත් ඡන්දයක් දීලා නෑ පාර්ලිමේන්තු යන්න
ඇයි සුප් බොන්නද ?
රංවල ගොයියා නහුතෙට බීලා වාහනය හප්පලා දාගත්තු තොප්පිය නිසා පාර්ලිමේන්තුව නම් තියන්න එන එකක් නැහැ. රංවල ගේ වෙරි බහින තුරු පැය 18ක්ම බැලුම් පුම්බන්නට නොදුන්නේ ඒකයි. ආචාර්ය උපාධිය වංචාකරපු එක වගේම මේ සිද්ධිය ආණ්ඩුවට අවාසියි...