වසර පහළොවකට පමණ පසු පුත්තලම කලපුවෙන් අද (14) ඉස්සන් කිලෝ දෙදහසක් පමණ අල්ලා ගැනීමට හැකි වු බව ධීවරයෝ කියති.
කිලෝව රුපියල් හයසීය ගණනේ රුපියල් ලක්ෂ දොළහක පමණ ආදායමක් උපයාගත් බව ඔවුහු පවසති.
කලපුවේ අඩු සුළං තත්ත්වයත් වැසි සමඟ අලුත් ජලය කලපුවට ගලා ඒමත් ඉස්සන් බෝවීමට හේතුව බව ධීවරයින්ගේ මතයයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වගේ කාලේ අපේ මේ සැරේ. (ර)
ඔව් ඉතින් 600 ගානේ කන්න සල්ලි කොයින්ද අහිංසක මිනිසුන්ට. (ර)
ගොඩ කාලෙකින් මේ වගේ අස්වැන්නක් ලැබුනේ.(හේ)
මුහුදේ යම්කිසි දෙයක් සිදුවෙන බව හැඟේ. (අ)
මාත් අසයි ඉස්සෝ කන්න. එහෙත් ගණන් (අ)
සුනාමියක් ද දන්නේ නැහැ ලඟ. (ර)
මේ විදිහට කලින් කල ඉස්සන් අහුවෙන්නේ, ඉස්සෝ බෝ වෙන කාලෙටත් උන්ව අල්ලන නිසා බිත්තර දමන සතුනුත් දැලට යනවා. මේ විදිහට අවූරුදු කීපයකදී ඉස්සෝ හිඟ වෙනවා. අරාබි කරයේ අවුරුද්දට මාස 3 ක් පමණ බෝවෙන කාලෙට ඉස්සෝ ඇල්ලීම තහනම්. මේ නිසා හැම දාම එක විදියට ඉස්සෝ වෙළඳ පොලේ දකින්න ලැබෙනවා. ලංකාවටත් වෙවැනි නීති අවශ්‍යයයි. (ර)
අවුරුදු 15 කට පස්සේ එකපාරම ලක්ෂ 12 ක ඉස්සෝ?? අනික කිලෝ 2000 ක්? මට නම් සැකයි (නි)
අනේ වාසනාවන්.සමහරක් කියාවි මේක පාප කර්මයක් කියලා.නමුත් ධිවර රැකියාවෙන් යැපෙන කිදාහක් ඉන්නවද අපේ රටේ.සැමදා නියන් එකදා වැහි වලාවේ කියලා කියමනක් තියෙනවනේ.(හේ)
පුත්තලම් කලපුවේ වගේම මිගමුව කලපුවෙත් මේ විදියට ඉස්සෝ අහු වුනොත් ධිවරයන්ටත් හොද කලක් ලැබෙයි.(හේ)
මේ පාර කට්ටියටම හොද නත්තලක් සමරන්න පුළුවන්.(හේ)
දැන් ඔය මුදල් යන්නේ ඉස්සෝ අල්ලපු ධීවරයින්ගේ සාක්කුවටද? නැත්නම් මාළු මුදලාලිලාගේ සාක්කුවටද? (නි)
ධීවරයින්ට හොඳ කාලයක්. අපිට සතුටුයි. (නි)