ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජය සංවිධානය කළ විස්සයි විස්සේ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් පාදෝවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජයට අයත් ස්ටාඩියෝ ඔගානෙයෝ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. තොස්කානා පලාත් සියනෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් විවෙන්සා නගරයේ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමත් මේ තරඟයට සහභාගී විය. සියනෑ හා පාදෝවා කණ්ඩායම් දෙක අතරේ පැවති අවසන් මහා තරගයෙන් සියනෑ කණ්ඩායම පරදවා සත්කාරක පාදෝවා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 97ක ජයග්‍රහණයක් අත්විය.
පාදෝවා නගර සභාවේ අධ්‍යාපනය හා ක්‍රීඩා අංශය භාර නාගරික මන්ත්‍රීවරිය ප්‍රධාන ආරාධිතයා විය. වසර කිහිපයක සිටම තම ක්‍රීඩා පිටියට ප්‍රධාන අඩුවක්ව පැවති ක්‍රීඩා විවේකාගාරයක් දීමට පාදෝවා නගර සභාව ක්‍රියා කළ බවත් නගරාධිපති පලාවීයෝ ෂනොවැල්ලෝගේ ඉල්ලීම පරිදි පාදෝවා බල ප්‍රදේශයට අයත් පාසල් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාවට නන්වන බවත් පාදෝවා ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්සයි විස්සයි ඉතාලියටත් යයි
අමිල කටුනායක Sunday, 10 June 2012 04:56 PM
ඒක හොඳයි ඒක යසයි.