IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් කොළඹට හරි ජරමර

පැය තුනක් තිස්සේ කොළඹට ඇද හැලෙන වාර්ෂාව නිසා කොළඹ හා තදාසන්න පෙදෙස්වල පාරවල් වතුරෙන් යටවී දැඩි වාහන තදබදයක් ඇතැයි කියති.

 

 



අදහස් (0)

වැස්සෙන් කොළඹට හරි ජරමර

අධිකාරම් Tuesday, 01 December 2015 06:01 AM

කතු මඩුල්ලට බොහොම ස්තුතියි (ම)

:       0       0

රසිකා Tuesday, 01 December 2015 08:16 AM

තවතවත් අනවසර ඉදිකිරීම් කරමු. ඇළ මාර්ග අහුරා ගෙවල් හදමු. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 30 November 2015 05:10 PM

පැය තුනට කොළඹ පිරෙන්න කෝ අර කෝටි ගණන් වියදම් කරලා කොළඹ ලස්සන කල අය ගැන දැන්.වර්ර්ණා කල අය .සේරම බොරු සෝබන වියදම් උඩින් ඔපෙ යටින් හපේ (රේ)

:       0       0

රදේ-බර්ලින් Monday, 30 November 2015 08:47 PM

රටේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 67 ක් රට කළා. පැය දෙක තුනක් කොළඹට වැස්සොත් බෝට්ටු වල යන්න පුළුවන් තරමට පාරවල් වතුරෙන් යටවෙනවා. මේ දෙගොල්ලන්ටම කොළඹ පාරවල් වල වතුර ටික බැසයන ක්‍රමයක් හදාගන්න බැරිවුණා. කොළඹ දකුණු ආසියාවේ ලස්සනම නගරය කියලා සම්මාන දුන්න යට දැන් ඇවිල්ලා බලන්න කිවුවා නම් හොඳයි. වැඩ දාහක් කරනවට වඩා එක වැඩක් හරියට කරනවා නම් ඒක අර වැඩ දාහටම වඩා වටිනවා. (නි)

:       0       0

රූපසිංහ Monday, 30 November 2015 10:37 PM

දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ හරි කළමනාකරණයක් නැහැ. හොඳට බලන්න අර පිටකොටුව පාවෙන වෙළද කුටි අද හරියට පවත්වාගෙන යන්නේ නැති හැටි. ඒ විතරක් නොවෙයි, වැවේ ඇති වතුර පාට ඇල්ගී නැවත බෝවී ජලය කොළපාට වී ඇත. හරියට ඇස් ඇරලා බලන්න, අද ගෝඨාභය මහතා කළ නිර්මාණ මේ ආණ්ඩුවෙන් නිසි අයුරින් පවත්වාගෙන යනවාද කියා. අපිට කවුරු කළත් කමක් නැහැ කළ දේ හොඳ නම් එච්චරයි. මේවා විනාශ වෙන්නට ඉඩදීලා බලා ඉන්නේ මේ සල්ලි හරියට ගෝඨාබය මහතා අතින් වියදම් කළ ඒවා කියලා හිතාගෙනද? (නි)

:       0       0

උපාලි Tuesday, 01 December 2015 03:39 AM

රූපසිංහ හරි. පසුගිය රජය යටතේ හොඳින් ජලය බැසයාමේ කාණු සහ ඇළවල් ක්‍රමවත්ව පිරිසිදු කළා. එක පොලිතින් මල්ලක් පාරේ දැක්කේ නැහැ. දැන් අවුරුද්දක් වුණා. දැන් නිසි කළමණාකාරිත්වයක් නැතුව කාණු කසළ මඟින් අවහිර වුණාම වතුර ඇළ මාර්ග වලට බහින්නේ නැහැ. ඇළ මාර්ගත් දැන් පිරිසිදු කරන්නේ නැහැ. ඉතින් පාරේ වතුර බහින්නේ කොහොමද? හරියට වුණ දේවල් දන්නේ නැතිව සමහරු බනින්න ඕනෑ කට්ටිය හරියට අඳුනාගෙන නොවෙයි කතා කරන්නේ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 01 December 2015 03:54 AM

වසරක් නොසළකා හැරීමේ අනිටු විපාක! (නි)

:       0       0

සමීර Tuesday, 01 December 2015 03:56 AM

ගෝඨාභය මහතා ඉන්න කාලේ හදපුවා දැන් නඩත්තු කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. පාරට බැස්සහම තේරෙනවනේ දැන් ඉන්න අය මොකද කරන්නේ කියලා. (නි)

:       0       0

දිලිප් Tuesday, 01 December 2015 04:15 AM

රෝහණ , ඔබ හරි. උඩින් ලස්සනට පෙනුනාට ඒ සියල්ල නිසි ක්‍රමවේද අනුගමනය නොකළ බව දැන් පැහැදිලියි. පාවෙන කුටි පැත්තේ සෙනඟ යන්න අඩුවෙන්. ඉතින් කුටි බහුතරයක් වසාදමලා. ඔවුන් මුදල් හොයාගන්න බැරි නිසා නැවත පෙර සිටි ස්ථාන වලට ගිහින් වගේ. යාබද කොටුව දුම්රියපොළ අසළ නවාතැන් පොළක් කියලා එකක් හැදුවා. හැම වෙලේම වහලා. ඒකෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල නැහැ. වර්ල්ඩ් මාකට් එකේ කඩ බාගෙට බාගයක් වහලා. කොළඹ වටේ පාරවල් වල අයිනේ ලොකුවට පේමන්ට් වල ගල් අල්ලලා ලස්සන කළාට කාණු හදලා වැසි වතුර විධිමත්ව බැස යන ක්‍රමයක් නිර්මාණය කර නැහැ. ඇළ මාර්ග නවීකරණය කර නැහැ. බේරේ වැව වටා අධික දුගඳක් වහනය වෙනවා. ඇමරිකාවේ දේවල් මෙහෙට එහෙමපිටින්ම යොදන්න බැහැ. අපිට ගැළපෙන ලෙස ක්‍රියාවේ යොදවන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site