සිකුරාදා (08) සිට ලබන 12 දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම අවසන් පිවිසුමේ ද අප්‍රේල් 15 සිට 18 දක්වා කොට්ටාව පිවිසුමේ ද වාහන තදබදයක් ඇතිවිය හැකි බව අධිවේගි මාර්ග අරංචි මාර්ග කියයි.
ගොඩගම හා කොට්ටාව පිවිසුම් අසල විද්‍යුත් පුවරුවලින් මෙවැනි අවස්ථා වලින් දැනුම් දෙන බවත් එවිට ඊට මෙපිටින් ඇති හුවමාරු වලින් ගමන් පහසුව සකසා ගත හැකි බව ඔවුහු පවසති.
වැස්ස පවතී නම් පැයට කිලෝමිටර් 60 දක්වා ධාවන වේගය අඩු කර ගන්නා ලෙස ද කිසිවිටකත් කිලෝමිටර 100 උපරිම වේගය නොඉක්මවන ලෙස අධිවේගි මාර්ග රථ වාහන පාලන මධ්‍යස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකද අවුරුද්දට නෑගම් යන කට්ටිය වැඩිවෙලාද? (නි)
මේ අධිවේගේ තනිකර මංකොල්ලයක්. නිකනුත් 100 ට යන්න බැරි තැන් තියනවා. හදල අවුරුදු කීයද? බොහා් තැන්වල පාර බැහැල. විශේෂයෙන් පාලමක් මුල සහ අග වහිනකොට වතුර පිරෙනවා. මොන රටකවත් අධිවේගවල වතුර පිරෙන්නේ නැහැ. චීන්නු චීනේ පාරවල් හොඳට හැදුවට මෙහෙ කාල දාල. අපේ අය කොමිස් ගහපුවම එයාල කොහොම හරියට කරන්නද? (ස)
අයියෝ තවම දක්ෂිණ අධිවේගී මාර්ගයේ නාය ගියපු කොටස හදන්න බැරි වුණානේ. ඉතින් කොහොමද අලුතෙන් අධිවේගී මාර්ග හදන්නෙ. ආයෙ නාය යනකන්ද බලාගෙන ඉන්නෙ...(බ)
ඔව් ඉතින් ඔය පාරේ කොහොමත් යන්න බැහැනේ .(හේ)