ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය සංවිධානය කළ ‘නියෝ අභියෝග කුසලාන’ සමස්ත ලංකා පාසල් වයස 15 න් පහළ අත්පන්දු තරගාවලියේ බාලක කුසලාන ශූරතාව දිනා ගැනීමට ගලේවෙල වාසලකෝට්ටේ ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. බාලිකා කුසලාන ශූරතාව වාසලකෝට්ටේ මැදබැද්ද මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩාංගණයේදී පසුගියදා (5) නිමා වු මෙම තරගාවලියට බාලක කණ්ඩායම් 32 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සහභාගිවිය.
කුසලාන බාලක අවසන් තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ශාන්ත අන්තෝනි විදුහල ගෝල 6/5 ක තියුණු ජයක් ලැබීය. ඉසිපතන විදුහල් ‘ඒ’ පිලට බාලක තෙවැනි ස්ථානය හිමිවිය.
කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය සහ මැදබැද්ද මහා විද්‍යාලය අතර පැවැති කුසලාන බාලිකා අවසන් තරගයේදී මැදබැද්ද මහා විද්‍යාල පිල ගෝල 7/0 ක පහසු ජයක් ලබා ගත්තේය. නුගේගොඩ අනුලා විදුහල එහි බාලිකා තෙවැනි ස්ථානය ලැබීය. ඒ අනුව පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේ ශූරතා දිනාගත් බාලක හා බාලිකා විදුහල් දෙකම මෙවර අනුශූරතාවයෙන් සෑහීමට සිදුවිය.
මෙවර තරගාවලියට පළමුවරට සහභාගිවු යාපනයේ වික්ටෝරියා විදුහල බාලක පළඟ ශුරතාව දිනා ගැනීම කැපී පෙනේ.
තරගාවලිය කුසලාන, පළඟ සහ බඳුන ලෙස කොටස් තුනකින් පැවැත්විණ. සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාවට (2012) අනුග‍්‍රහය දක්වන නියෝ හෝම්ස් පුද්ගලික සමාගම මෙම තරගාවලියට ද අනුග‍්‍රහය දැක්වීය. නියෝ හෝම්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී නීල් සුරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ.
සෙසු අවසන් තරග ප‍්‍රතිඵල:
● පළඟ ශූරතාව (බාලක, අවසන් තරගය)
යාපනය වික්ටෝරියා විදුහල විසින් කොළඹ ඞී.එස්.සේනානායක විදුහල් ‘බී’ පිල පරාජය කරන ලදී. (ගෝල 2/1)
තෙවැනි ස්ථානය: පානදුර රාජකීය විදුහල් ‘ඒ’ පිල
● පළඟ ශූරතාව (බාලිකා, අවසන් තරගය)
කොළඹ බෞද්ධ කාන්තා විදුහල විසින් රාහුල බාලිකා විදුහල පරාජය කරන ලදී. (ගෝල 4/1)
තෙවැනි ස්ථානය: ධර්මරාජ විදුහල
● බඳුන ශූරතාව (බාලක, අවසන් තරගය)
කොළඹ නාලන්දා විදුහල් ‘ඒ’ පිල විසින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ‘ඒ’ පිල පරාජය කරන ලදී. (ගෝල 2/1)
තෙවැනි ස්ථානය: ඉසිපතන විදුහල් ‘බී’ පිල
● බඳුන ශූරතාව (බාලිකා, අවසන් තරගය)
දේවි බාලිකා විදුහල විසින් බොරලැස්ගමුව මහා විද්‍යාලය පරාජය කරන ලදී. (ගෝල 6/1)
තෙවැනි ස්ථානය: කිරිවන්තුඩුව විජයවර්ධන විද්‍යාලය
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාසලකෝට්ටේ ශා.අන්තෝනි - මැදබැද්ද ම.වි. 15 න් පහළ අත්පන්දු ශූරතා දිනයි