IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වසරක් නොමිලේ පොත් කියවන්න ඉඩ

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන්  පාඨකයින් දස දහසකට ජාතික පුස්තකාලයේ සාමාජිකත්වය වසරක පුරා නොමිලේ  ලබා දීමේ වැඩසටහන ඔක්තෝබර් මාසය පුරා පැවැත්වෙන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කියයි.

ශ්‍රී ලාංකිය ප්‍රජාවගේ කියවීමේ රුචිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2004 වර්ෂයේ සිට සෑම වර්ෂයකම  ඔක්තෝබර් මාසයේදී පුස්තකාල සේවා මණ්ඩලය මගින් පාඨකයින්ට මේ අවස්ථාව උදාකර දී ඇත.

සදුදා ,බදාදා ,සිකුරාදා සහ සෙනසුරාදා පෙ. ව 8.30 සිට ප.ව 4.15 දක්වාත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙ.8.30 සිට ප.ව 6.15 දක්වා කාලයේදී  පුස්තකාලයට පැමිණ සාමාජිකත්වය ලබා ගත හැකි බවත් පහත දුරකතන වලින්  වැඩි තොරතුරු ලබා ගත හැකි බවත් පුස්තකාල සේවා මණ්ඩලය කියයි.

0112-698847/ 0112 -2674386   



අදහස් (0)

වසරක් නොමිලේ පොත් කියවන්න ඉඩ

චින්තන Wednesday, 16 October 2013 08:26 PM

සිංහල "ෆ්‍රී ඉ බුක්" වෙබ් අඩවියක් ආරම්භ කරන්නකෝ.පින්සිද්ධ වෙනවා. පිටරට වල පොත් පවා දැනට අන්තර්ජාලයෙන් කියවන්න පුළුවන්.නමුත් ශ්‍රී ලංකාවේ අපි තවමත් සිංහල පොත් හොයමින් වෙබ් එක පෙරළනවා. (නි)

:       0       0

රූපවතී Wednesday, 16 October 2013 04:37 PM

බොහොම හොඳයි. (ස)

:       0       0

කුමාරි Wednesday, 16 October 2013 05:23 PM

කියවීම මිනිසා සම්පුර්ණ කරයි. ගොඩක් හොද වැඩක්. (අ)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 07:10 PM

නොමිලයේ පොත් කියවන්න ඉඩ දුන්නාට පොත් කියැවීමේ ආසාව එන්නේ නැත. කුඩාකල පටන්ම එම ආසාව ඇතිවන්න ඕනෑ (නි)

:       0       0

සමීම් කුමාර Friday, 24 October 2014 10:02 AM

ඉතාමත්ම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site