ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් පාඨකයින් දස දහසකට ජාතික පුස්තකාලයේ සාමාජිකත්වය වසරක පුරා නොමිලේ ලබා දීමේ වැඩසටහන ඔක්තෝබර් මාසය පුරා පැවැත්වෙන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කියයි.
ශ්‍රී ලාංකිය ප්‍රජාවගේ කියවීමේ රුචිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2004 වර්ෂයේ සිට සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේදී පුස්තකාල සේවා මණ්ඩලය මගින් පාඨකයින්ට මේ අවස්ථාව උදාකර දී ඇත.
සදුදා ,බදාදා ,සිකුරාදා සහ සෙනසුරාදා පෙ. ව 8.30 සිට ප.ව 4.15 දක්වාත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙ.8.30 සිට ප.ව 6.15 දක්වා කාලයේදී පුස්තකාලයට පැමිණ සාමාජිකත්වය ලබා ගත හැකි බවත් පහත දුරකතන වලින් වැඩි තොරතුරු ලබා ගත හැකි බවත් පුස්තකාල සේවා මණ්ඩලය කියයි.
0112-698847/ 0112 -2674386
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල "ෆ්‍රී ඉ බුක්" වෙබ් අඩවියක් ආරම්භ කරන්නකෝ.පින්සිද්ධ වෙනවා. පිටරට වල පොත් පවා දැනට අන්තර්ජාලයෙන් කියවන්න පුළුවන්.නමුත් ශ්‍රී ලංකාවේ අපි තවමත් සිංහල පොත් හොයමින් වෙබ් එක පෙරළනවා. (නි)
බොහොම හොඳයි. (ස)
කියවීම මිනිසා සම්පුර්ණ කරයි. ගොඩක් හොද වැඩක්. (අ)
නොමිලයේ පොත් කියවන්න ඉඩ දුන්නාට පොත් කියැවීමේ ආසාව එන්නේ නැත. කුඩාකල පටන්ම එම ආසාව ඇතිවන්න ඕනෑ (නි)
ඉතාමත්ම හොඳයි (නි)