කොළඹ කොල්ලුපිටියේදී 2006 අගෝස්තු 14 වැනිදා ක්ලේමෝ බෝම්බයක් පුපුරවා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මරා දමන්නට තැත් කළැයි සැකපිට කොටි සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහ අධිකරණයේ නඩු පවරා ඇත. නීතිපති විසින් මෙසේ නඩු පවරන ලද්දේ යෝගරාජා නිරෝෂන් හා සුබ්‍රමනියම් රාජා යන දෙදෙනාට ය. රහස් පොලීසිය ඔවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට ඉදිරිපත් කරමින් ඒ බව සැල කළාය. එම බෝම්බ ප්‍රහාරයෙන් මහ කොමසාරිස් ජීවිතය බේරා ගත් නමුත් යුද හමුදා කොමාන්ඩෝ බටයන් ඇතුළු හත් දෙනෙක් මරුමුවට පත් වූහ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර හයකට පසු කොටි දෙන්නාට නඩු
ලක්මාල් Wednesday, 13 June 2012 05:11 PM
මෙන්න විස්තරේ ආචාර්යතුමාගේ http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage
VLJ Wednesday, 13 June 2012 05:19 PM
ලංකාවේ කොහොමත් නීතිය දැලක් වෙලා.පොඩි හාල්මැස්සන්ව අහු වුණත් ලොකු මිනිස්සුන්ට ලොකු හිල් දැලේ තියෙනවා
පැට්රික් Wednesday, 13 June 2012 04:47 PM
මුන්ව ආපහු යවන්න නම් එපා.ඔයාලට කරන්න බැරිනම් ජනතාවට භාර දෙන්න
රජිත් Wednesday, 13 June 2012 05:11 PM
අපරාදේ ඕස්ට්‍රේලියාවට හරි කැනඩාවට හරි මාරු වෙනකල් ඉන්න තිබුණේ.එතකොට ඉන්ටපෝල් එකෙන් ලේසියෙන්ම අල්ල ගන්න තිබුණා
හෙළය Wednesday, 13 June 2012 04:39 PM
අපේ අගනා රණවිරුවන් 7 දෙනෙක් මරපු අයට අවරුදු 6 කට පස්සේ නඩු. අර ATM කඩපු පොඩි හොරුන්ට එතනම වෙඩි තියල මරණය...හනේ හනේ